ජ්‍යොතිෂ ගැටලු

සැප්තැම්බර් 16, 2024

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

විභාගය ගැන බියක් දැනෙයි

 

මා මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍යවකි. දැන් දැන් මගේ සිතට තද බියක් දැනෙන අතර ඔක්කාරය, වමනය, උණ ගතිය ඇති වෙයි. මෙයට හේතුව හා ප්‍රතිකාර මොනවාද?

 

කෝට්ටේ - නිලුක්ෂි

 

ඔබ මේ ගෙවන්නේ සිකුරු මහ දශාවේ සෙනසුරුගේ අතුරු දශාවයි. උපතින්ම ඔබ අලංකාර දෙයට කැමැති බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන වයසට නොගැළපෙන දෙය කරන අයෙකි. පසුගිය කාලයේම අධ්‍යාපන වැඩකටයුතු අතහැර දමා බාහිර දේ කෙරෙහි යෙදීමත්්, මවුපියන්, ගුරුවරුන් රැවටීමත් යන කර්මයේ ඵල ගෙවමින් සිටියි. දැන් ඔබට කොතැනින් පටන් ගෙන කොතැනින් අවසන් කළ යුතු දැයි නොවැටහෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබට මානසික අවපීඩනය අැති වී තිබේ. සිත සන්සුන් කර ගන්න. සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන් ගෙන දින 7ක් අඛණ්ඩව පවත්වන්න. උදේ, සවස පහන් දල්වා මනස එකතැන් කරන භාවනාව යෙදෙන්න. යෝගී භාවනා වඩාත් යෝග්‍ය වේ. මෙවර විභාගයට මුහුණ දී ලබන වසරේ නැවතත් විභාගයට පෙනී සිටීමට එම වසරේම සූදානම් වුවහොත් ඔබට ජයගත හැකි බව සඳහන් කරමි.

 

ස්වාමියා සමඟ එක්ව සිටීමට හිත නොදෙයි

 

මම වසර 20ක් පමණ විදේශගතව සිට ලංකාවට පැමිණියෙමි. මා හට ස්වාමියා සමඟ එකට සිටීමට හිත නොදෙයි. මෙතෙක් කාලයක් සම්බන්ධතාවයක් ද පවත්වා නැත. මෙයට හේතුව කුමක්ද?

 

මාතර - ඩී. එස්. ගමගේ

 

මෙයට හේතුව වන්නේ උපතින්ම කාම හීනතාව ඔබට පවතී. කේතු, බුධ, රවි පිහිටීම අනුව අනෙකුත් ග්‍රහයන්ගේ දැක්ම ද ජ්‍යොතිෂයට අනුව හේතුව වෙයි. අායුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හෝමෝන නිපදවීමේ දුර්වලතාවක් පවතී. මේ වනවිට තයිරොයිඩ් ග්‍රන්ථියේ දුබලතා තත්ත්වය ඇතිබව පැවසිය හැකියි. මෙයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන්න. ජ්‍යොතිෂයට අනුව දින 21ක් බෝධි පූජා තබා නව ග්‍රහ පූජාව සමඟ දෙහි, පුහුල් කපා ආරක්ෂක නූලක් දැමීම හෝ අභිසම්භිධාන සූත්‍ර යන්ත්‍රය පැලඳීම යෝග්‍ය වේ.

 

ලිංගික සැනසීමක් නොලැබෙයි

 

මා විවාහක දෙදරු මවකි. කොතරම් ලිංගික සුවය ලැබුවද සැනසීමක් නැත. සම්බන්ධතා කිහිපයක් ද පවතී. මෙය මට මානසික පීඩනයකි. සහනයක් ලබා ගැනීමට කළ යුතු දෙය කුමක්ද?

 

දැදිගම - ශාන්ති

 

ඔබ උපන් හඳහනට අනුව ඔබගේ යෝනියේ පිහිටීම අසාමාන්‍ය වෙයි. එවැනි අය කොතකුත් ඇත. එම ග්‍රහ පිහිටීම අනුව සහ ග්‍රහයන්ගේ දැක්මට අනුව මානසිකව ද මෙය තදින් බලපායි. කුඩා කාලයේ සිටම ඔබට මෙම තත්ත්වය තිබී අැත. පොහොය ළඟා වනවිට සහ මාසික ශුද්ධිය ඇති වූ විට ඔබට මෙය තදින් දැනෙන බව කිව

 

හැකියි. පළමුව සිත පාලනය කරගන්න. ආගමික වැඩසටහන්වල යෙදෙන්න. කය වෙහෙසා නිතර වැඩ කරන්න. නිකරැණේ කාලය ගත කරන විට මෙය තදින් දැනෙයි. ඇඟ නිවෙන ආහාර භාවිත කර දිනපතා ස්නානය කරන්න. ජ්‍යොතිෂවේදියකු ලවා හඳහන පරික්ෂා කර එයට අනුව කටයුතු කරගන්න.

 

ව්‍යාපාර දියුණුවට උපදෙසක්

 

මා හට කුඩා ව්‍යාපාරයක් තිබේ. එය දියුණුවට යමක් කිව හැකිද?

 

පිළිමතලාවේ - කුමාරි

 

ඔබට ව්‍යාපාර ඥානය ඇතිබව සඳහන් කරමි. වාසනාව ද ඇත. නමුත් වියදම් කිරීමේදී සීමාවක් නොමැත. කුඩා වුවත් ව්‍යාපාරය හරියට පරිපාලනය කරගතහොත් හොඳ ව්‍යාපාරිකයෙක් විය හැකි බව ද සඳහන් කරමි. අයවැය සටහන් කර එහි තුලනය නිසි ආකාරව සිදු කරගන්න. සිකුරාදා දිනෙක බෝධි පූජාවක් පටන් ගෙන දින 7ක් අඛණ්ඩ පවත්වා හැකි සෑම දිනකම බෝධි පූජා පවත්වා දෙහි කපා ගැනීම ඇස්වහ කටවහ දෝෂ දුරු කර ගැනීම ඉතා යහපත් වේ.