වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
කුස්සියේ අංගෝපාංග හරි තැන තියමු

නිවෙසේ ළිප විශේෂයෙන්ම නැඟෙනහිර දිශාව බලාගෙන කටයුතු කිරීමට සැකසීම සුබය. බස්නාහිර දිශාව බලා ළිප ඇවිළීම ඉතාම නරක කටයුත්තකි. නිවෙසේ ළිප කුස්සියේ ඇතුළත සිට බලනවිට නිෙවසේ ඇතුළට ගිනි ඇවිළෙනවා පෙනෙනවා නම් එය ඉතාමත් අසුබවාදී කටයුත්තකි. උදාහරණ වශයෙන් නිවෙසක කුස්සිය ගිනිකොන දිශාවේ තියෙනවා යැයි සිතමු. එම කුස්සිය ගොඩක් භාවිත කරන්නේ සාමාන්‍යයෙන් පෝරනුව කියන කොටස නිවෙසෙන් එළියට පවතින ලෙසය. සමහර නිවෙස්වල එම කොටස නිවෙසේ කොටසකට ඇතුළු කරලා එනම් කාමරයක් ඇතුළට වන ලෙස තිබීම නිවෙසේ ඇතුළට ගිනි දැල්වීමක් ලෙස සඳහන් වෙනවා. ඒ ඉතාම අසුබවාදී කටයුත්තකි.
දිශාවට අමතරව මුළුතැන්ගෙය සෑදීමේදී ප්‍රධාන නිවෙසේ සැකසුමට වඩා පහත් වීම සිදු නොවිය යුතුයි. නිවෙසක ප්‍රධාන අංග ගණනාව අතර කුස්සිය පළමු තැන හිමිකර ගනී. මන්ද අප සැමට ජීවත්වීමට ආහාර, විවිධ පාන වර්ග අවශ්‍ය වන බැවිනි. එම ආහාර වර්ග සියල්ල පිළියෙල කරන ස්ථානය ඉතා සුබ විය යුතුයි. ගෘහිණිය ඉවුම්පිහුම් කළ යුත්තේ නැඟෙනහිරට මුහුණලාය. එහිදී ඉතා සුබ පල නිවැසියන්ට හිමිවේ. සින්ක් එක හෙවත් සෝදන බේසම සවි කළ යුත්තේ ඊසාන දිශාවේය. එළවළු, පිඟන්, වළං සේදීමට මේ දිශාව ඉතා සුබය. මුළුතැන්ගෙයි තබන ජනේල සහ වාත කවුළු නැඟෙනහිරට හෝ දකුණට තබන්න. දුම් පිටවන චිමිනිය ගිනිකොන දිශාවේ මෙන්ම මුළුතැන්ගෙයි දොර ඊසාන දෙසින් හෝ වයඹ දෙසින් තැබීම සුබපල උදාකරන පිහිටීමකි. මුළුතැන්ගෙයි දකුණු දිශාවේ හෝ බටහිර දිශාවේ බඩු තැබීමට යොදා ගන්නා කබඩ් වැනි දෑ තැබීම සුදුසුය. පිසූ ආහාර තැන්පත් කිරීමට මුළුතැන්ගෙයි දකුණු දිශාව සුබ වන බව වාස්තු විද්‍යාෙව් සඳහන් වේ. මුළුතැන්ගෙයි පෝරනුව ගැන තවදුරටත් සැලකීමේදී මුළුතැන්ගෙයි උළුවස්ස කෙළින්ම පෙනෙන සේ පෝරනුව නොසෑදිය යුතුයි. මර්මස්ථාන රේඛාවලට හසුවන ආකාරයට මුළුතැන්ගෙයි කොනකට කර පෝරණුව නොසෑදිය යුතුයි. තවද පෝරණුව කිසිවිටක ප්‍රේත පාදයේ නොසෑදිය යුතුය.
ජ්‍යොතිර්වේදිනි මංජුලා පුෂ්පරාංගනී