අප ජීවත් වන්නේ මායා ලෝකයක

දරුවාට ඒ අවබෝධය ඇති කරවන්න
සැප්තැම්බර් 23, 2020

ළමා විය, යෞවනත්වය හැම පැත්තකටම දෝලනය විය හැකි වයස් සීමාවන්ය. පුද්ගලයකුගෙ සමස්ථ ජීවිතයම මේ කාලයන්හි ගන්නා තීන්දු තීරණ මත වෙනස් වේ. එසේ නම් යහපැවැත්මක්, යහපත් සමාජයක් උදෙසා මේ කාල සීමාවන්හි දරුවන් සහ මාපියන් කටයුතු කළ යුතු අන්දම අද සදහම් සෙවණ ඔස්සේ සාකච්ඡා කරමු.

ඇත්තෙන්ම මනුෂ්‍ය චිත්ත සන්තානය දුර්ගුණයට ආකරයකි. සද්ගුණ අරගල කරනුයේ දුර්ගුණ සමඟය. සද්ගුණයට මනුෂ්‍යයා පොළඹවා ගැනීම වූ කලී උඩුගං බලා පිහිනීමකි.

දිනෙක් දින සංකීර්ණවන ලෝකය, මුරුගසන් වරුසාව මෙන් උනුන් පරයා නැගී සිටින්නට කලහකර ගනිති.

නව නිපැයුම්, නව තාක්ෂණය මිනිස්කම වනසා ගැනීමට මිනිසා විසින්ම උපයෝගී කරගන්නක් බව හැම අතින්ම පෙනෙන්නට තිබේ.

මේ නිසාවෙන් බුද්ධියෙන්ම කරුණු වටහා ගත යුතුව ඇත. අපේ ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් වන්නේ යෞවන සමයයි. ජීවිතයේ නන් වැදෑරුම් අපේක්ෂා මිනිස් චින්තනය තුළ පැල පදියම් වන්නේ මේ කාලයේදීයි.

 

අනුශාසනාව - පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

 

2020/09/23 තරුණි පුවත්පත බලන්න.