වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අමතර පන්ති යන්න ලස්සන බෑගයක්
අමතර පන්තියන දියණියන්ට හුරුබුහුටි බෑගයකි, මේ. ඒ විතරක් නෙමේ කාර්යාලයට යන ඔබට බත් පැකට් එක, වතුර බෝතලය, කුඩය වැනිදේ ගෙනයෑමට ප්‍රමාණය වෙනස්කර ගෙන ද මෙවැනි බෑගයක් මසාගත හැකිය.
මේ සඳහා වෙළෙඳ පොළෙන් ලබා ගත් ප්‍රින්ටඩ් රෙදි කීපයක් අවශ්‍ය වේ. එසේම පැඩිං, ලයිනිං සහ අඟල් 19 දිග සිප් කොටසක් අවශ්‍යය. අලංකාර කිරීමට රේන්දයක් සහ තරමක ප්‍රමාණයේ බොත්තමක් යොදා ගැනේ.
දැන් රෙදි කපා ගන්නා ආකාරය බලමු.
එහිදී ඒ කොටසින් කොටස් දෙකක් කපාගන්න. පසුව එම කොටස් දෙකට පැඩිං සහ ලයිනිං තබා කුවිල්ට් කරගන්න.
මෙම බෑගය සඳහා රෝසපාට හෝ වෙනත් පාටක පොප්ලින් හෝ ලේස් කොට්න් රෙද්දක් භාවිත කරන්න. ඉන්පසු ඒ කොටස හැර සියලු කොටස් කුවිල්ට් කරගත යුතුයි.
ඡායාරූපයේ පෙනෙන පරිදි අවශ්‍ය නම් රෙදිවර්ග දෙකක් වුවද එකට මසාගත හැකියි.
දැන් ඒ කොටසේ ලකුණු කර ඇති තැනට පටිදෙක තබා මසාගන්න. ඉන්පසු ඒ කොටසේ අඟල් 12 දැක්වෙන පැතිදෙක එකට තබා මසාගන්න. ඛ් කොටසේ අඩියට අල්ලා ගන්න.
දැන් ඒ කොටසේ ප්‍රමාණයට අමතර ලයිනිං දෙකක් කපා අඟල් 19 ක ප්‍රමාණයට ගත් සිප් කොණෙන් කපා එය ඕ කොටස් දෙකට අල්ලා ලයිනිං තබා මසා ගන්න.
ඉන්පසු එහි දෙපැත්ත මසා, මසාගත් ඒ කොටසට බස්සවා කට වටේ මසා ගන්න.
ඉන්පසු ලයිනිං එක එළිය පැත්තට ගෙන අඩිය මසාගන්න. කුඩා බෝ එකක් සාදා අලංකාර කර ගන්න. ඡායාරූපයේ පෙනෙන පරිදි රේන්දයක් අල්ලා බෑගය තවත් හැඩ කරගත හැකිය.