ඉගෙන ගන්න සල්ලි තිබුණෙ නැහැ ඒත් ජීවිතය වරද්දා ගත්තේ නැහැ

නොවැම්බර් 6, 2019

පානදුර ‘සොෆ්ට් ෆෙදර්’ බෙඩ් ෂීට් හිමිකාරිණිය ශෂී

“ඒ කාලේ මතක් වෙනකොටත් හරිම දුකයි. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. පන්තියෙ වැඩවලට දක්ෂයි. ඒත් ඉතින් අපේ අම්මටයි, තාත්තටයි මගෙ අධ්‍යාපනයට වියදම් කරන්න තරම් මුදලක් තිබුණේ නැහැ. ඒ තරමට අපේ පවුලේ අඟහිඟකම් පිරිලා තිබුණා”

සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඉවර වුණාම අධ්‍යාපනයට ආයුබෝවන් කිවුවා. ඒ ඉගෙනගන්න සල්ලි නැති නිසා. අද මම ඉන්න තැන ගැන මට හරිම සතුටුයි.

ඒත් මෙතැනට එන්න කාපු කට්ට මෙතෙකැයි කියන්න බැහැ”

මේ ඇගේ දිරිය කතාවයි. ඇයත් මේ පුංචි ලක් දෙරණේ උපන් දිරිය දියණියකි. නමින් ශෂී ප්‍රභා ලක්මාලි නම් වන්නීය. අංක 03, සේසත වත්ත, වඳුරාමුල්ල, පානදුර. ‘සොෆ්ට් ෆෙදර් බෙඩ් ෂීට්’ නිෂ්පාදනවල සාඩම්බර හිමිකාරිණියයි.

කාලය විසින් සියල්ලට අපූරු විසඳුම් ලබා දෙනු ඇත. එයට උත්සාහය, උනන්දුව සහ අධිෂ්ඨානය එකතු වේ නම් ඇය වන් දිරිය කතුන් රටට බිහිවනු නොඅනුමානය.

“මගෙ අම්මයි තාත්තයි පෞද්ගලික ආයතනයක පිළිගත් රැකියාවන් කළා. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඉන් විශ්‍රාම යන්නට වුණා. ඒ වෙනකොට මම උන්නේ පාසලේ 10 වසරේ.

 

2019/11/06 තරුණි බලන්න