කාන්තාවනි, අවදිවන්න යුගයේ අවශ්‍යතාව ඔබේ පිබිදීමයි

ජනවාරි 29, 2020

ඔබ අවට පරිසරය තුළ ව්‍යාපාර අවස්ථා බොහොමයකි

ඔබ තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් හෝ පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගනිමින් සාර්ථක ව්‍යවසායකයකු ලෙස ව්‍යාපාරික ලොව ජයගන්නට උත්සාහ දරන කාන්තාවක් ද? කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (ඉඡ්ච්) හි අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ මේ දැනුවත් කිරීම ඔබේ ඒ උත්සාහයට අපූරු අත්වැලකි.

ඇත්තෙන්ම පවුලක් ගත්තාම ඔබ, ඔබේ දරුවන්, වයස්ගත මවුපියන් සැමියාගේ වැටුපෙන් යැපෙන අවස්ථා වැඩියි. එතැනදී ඔබේ ඇඳුම් පැලඳුම්, ගමන්බිමන් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්, මවුපියන්ගේ වන්දනා කටයුතු, බේත්හේත් සඳහා වැය වන මුදල් යන සියල්ල සඳහාම සැමියාගේ තනි වැටුපෙන් වියදම් කරන්නට සිදුවේ. මෙවන් වාතාවරණයක දී ඔහුගේ වේතනය කාලයේ විදිහට වැඩිවීමක් වී ඇත්නම් ගැටලුවක් නැත. එහෙත් රටේ ආර්ථික පසුබිමට සරිලන වැටුපක් නොලබනවා නම් ඔහු අසරණ වේ. එහිදී ඔබට ආයාසයෙන් වුව ඔබේ අවශ්‍යතා සඟවා ගැනීමට සිදුවේවි. දරුවන්ට කරන වියදම් කප්පාදු කරන්නට වේවි. මවුපියන්ගේ සංග්‍රහ කටයුතු අඩුකරන්නට සිතේවි. සමහරවිට එවැනි අවස්ථාවලදී මුහුණපාන බැරෑරුම්කම දැනටමත් ඔබ අත්විඳි කාන්තාවක් විය හැකියි.

පවුලක් ලෙසින් ආදරණීය ගමනක් යන්නට සිහින දකින ඔබට මෙය අභියෝගයකි. පවුල් ආරවුල් ඇතිවන්නට හේතුවකි.

කාලයේ තාලයට වෙනස් වන්න

එසේ නම් දැන් ඔබ කාලයේ තාලයට වෙනස්වන්න. සැමියාගේ මුදල් පසුම්බිය දෙසම බලා නොසිටින්න. ඔහුට අත්වැලක් වන්නට පුංචි ස්වයං රැකියාවක් අරඹන්න.

2020/01/29 තරුණි බලන්න