පිපුණ මලක හැඩ දෑස සලා

සැප්තැම්බර් 23, 2024

 

පුංචි පුංචි ගෙත්තම් කරමින්, ඉඳිකටු තුඩින් මවනා අලංකාර ඇඳුම් එකතුවක හිමිකාරිනියක් වන්නට කැමතිද? මේ හැම දෙයක්ම ඔබේ ජීවිතයේ හරි ලස්සන මතක ගොන්නක් එකතු කරාවි. හිතන්න යකඩ ගොඩක් ඔබේ ජීවිතේ වෙනස් කළ අපූරුව. පණ නැති හීනවලට පණ පොවන්නට හැකියි.

 

ඔබේ ආදරණීය හීනය මැහුම් ව්‍යාපාරයක් නම් මෙන්න ඒ සඳහා අපෙන් අත්වැල. මේ දිනවල ඉතා ජනප්‍රිය වැඩි ඉල්ලුමක් පවතින අලංකාර ගවුම් මෝස්තරයකි. ඇදෙන සුලු රෙදි වර්ගයක් තෝරා ගැනීමෙන් වැඩි ලස්සනක් එක් කරාවි. මූලික පතරොම ඇසුරෙන් පහසුවෙන් නිර්මාණය කළ හැකි ගවුම් මෝස්තරයකි.

 

Bust Twist Knot Frock ගවුම් විලාසිතාවකි.

 

මිමි ගැනීමේදී ඇඟට සීරුමාරු ඇඳුමකින් සැරසී සිටීම අනිවාර්ය වේ.

උරහිස

පපුව වට

ඉණ වට

උකුළ වට

උර සිට පපුව මුදුන උස

උර සිට ඉණට උස

උර සිට සම්පූර්ණ උස

කර වට

අත දිග

අත වට අත දිග

ඩාට් පරතරය

උරහිස/2 = අඟල් 13/2 = අඟල් 6.5

 

පපුව වට ÷ 4 = අඟල් 36 /4 = 9 +1.2

= අඟල් 9 1/2

 

ඉණ වට = අඟල් 8.5 + 1 = අඟල් 9.5

 

උර සිට පපුව මුදුන උස = අඟල් 9 1/2

 

උර සිට ඉණට උස = අඟල් 14

සම්පූර්ණ සාය උස = අඟල් 28

අත දිග = අඟල් 10

අත වට = අඟල් 12

 

* මෙහි මූලික පතරොම රතු පාටින් දිස්වේ.

* දම් පාටින් පෙන්වා ඇති 2 හා 3 කොටස් තීරු කපා ඈත්කර අලවා ගන්න.

 

ඉදිරි පළුව නිර්මාණය කිරීම

 

ඉදිරි පළුවේ අවශ්‍ය කර හැඩය අඳින්න. ඩාටය ඉවත් කරන්න. කොටස් හතරම කපා ඉවතට ගන්න. 2 හා 3 කොටස ඉදිරි මැද සිට තීරු වශයෙන් අංශය දෙසට කට් කරන්න. යටින් වෙනත් පාටක කොළයක් තබා ඈත්කර අලවා ගන්න. ඉණ පටිය නැම්මට තබා කපා ස්ටිප් කොටසක් අලවා ගන්න. පහත සාය කොටස රූප සටහනේ ඇති පරිදි රැලි තබමින් තට්ටු ආකාරයට මසාගන්න.

 

පිටුපස පළුව නිර්මාණය

මූලික පතරොම පිටපත් කරගන්න. කර ගැඹුර ලකුණු කරගන්න. කිහිලිකට කෙළවර සිට අඟල් 1 1/2ක් ඇතුළට ලකුණු කරන්න. මූලික කර සිට ඔබට අවශ්‍ය අත දිග ලකුණු කරන්න. කිහිලි කට සිට අඟල් 1ක් පහත්කර ඇඳගත් කොටු කර මුල්ල හා අඟල් 1ක් පහත් කළ ලක්ෂ්‍යය දක්වා ඇල රේඛාවක් අඳින්න. මෙය රැගල් රේඛාව වේ. සාය කොටස කැපීමේදී සායේ උස අවශ්‍ය තට්ටු ගණනින් යොදන්න.

 

මැසීමේ පියවර

ඉදිරි පළුව

මුලින්ම පිටුපස පළුව කර කොටසට පේෂීන් කොටසක් තබා මසාගන්න. අත කොටස ඉලාස්ටික් කොටස රැගල් හැඩයට තබන්න. දැන් ඔබ කපා ගත් දෙක සහ තුන කොටස් වම සහ දකුණ පපු වට දෙක බැගින් කොටස් 4ක් කපාගන්න. කළින් ඉලාස්ටික් දමා සකසා ගත් අත් කොටස ගෙන කිහිලි කටට රැගල් හැඩයට පපු කොටසේ රැගල් හැඩය තැනට මැදිකර මසාගන්න. මෙම හැඩය ආකාරයේ කොටස් 2ක් සේ තිබිය යුතුයි . ඉණ පහළ කොටස (අඟල් දෙක ඉණ පටිය) ස්ටිප් දමා සකසා ගන්න. ගැටයක් සහිත කොටස අඟල් 2 පටි කොටසට තබා මසාගන්න. දැන් ඉණ මෙන් රැලි තබමින් මසා හැඩ කරගන්න. ඔබ යොදා ගත් තට්ටු හතරම මේ ආකාරයෙන් තට්ටු වශයෙන් සම්බන්ධ කරන්න.

 

පිටුපස පළුව

 

ඔබ සාදාගත් කඳ කොටසේ රැගල්් හැඩයට සාදාගත් ඉදිරි පළුවේ ගැටේ සහිත කොටසේ රැගල් හැඩයට තබා සම්බන්ධ කරන්න. අත් කොටස් අග අවශ්‍ය නම් ඉලාස්ටික් කොටසක් තබා සම්බන්ධ කළ හැකියි. ඉදිරිපස සාය කොටසේ තට්ටු සැකසූ පරිදි පිටුපස කොටසේද තට්ටු සකසා රැලි සාය මසන්න. අංශය මසා පහත වාටිය මසන්න.

 

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි