වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
Salon Management පිළිබඳ දැනුම්වත්ද?
සැලොන් එකක් පවත්වාගෙන යන කෙනකු එය මනා කළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යාමටද උනන්දු විය යුතුවේ. පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට, ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට මෙම කළමනාකරණය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.
NVQ 4 මනාලියන්ට ඇන්දවීමේ කොටසේදී ඔබ මේ පිළිබඳවද දැනුම්වත් විය යුතුවේ.
සුදුසු ස්ථානයක් තෝරා ගැනීම
* වැඩි වශයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයක් විය යුතුයි.
* අවශ්‍ය ප්රාග්ධනය තිබිය යුතුයි.
* අවට පරිසරය දැකුම්කලු මිනිසුන්ට ගැවසීමට සුදුසු පරිසරයක් විය යුතුයි.
* වාහන නැවැත්වීමට පහසුකම් ඇති ස්ථානයක් විය යුතුයි.
* පාරිභෝගිකයන්ට පහසුවෙන් ඇතුළු විය හැකි ස්ථානයක් ද විය යුතුයි. උදාහරණයක් ලෙස විශාල වෙළෙඳ මධ්‍යස්ථානයක් තුළ හෝ විශාල වශයෙන් මිනිසුන් ගැවසෙන පාරිභෝගික ස්ථානයක් තුළ හෝ සංචාරක හෝටලයක් ආශ්‍රිතව
* ස්ථානයක් තෝරා ගැනීමේදී අවට ඇති තමන්ගේ ව්‍යාපාරයේ නියැළෙන ප්‍රතිවාදීන් පිළිබඳව සොයා බැලිය යුතුයි.
* තමාගේ නිවෙසේද නිවැරැදි ලෙස සැලසුම් කරගත් සැලොන් එකක් පවත්වාගෙන යා හැකි වේ.
භාණ්ඩ සහ මුදල් කළමනාකරණය
ස්ථානය සඳහා වියදම්
* මූලික අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුය.
* මාස්පතා මාසික කුලිය ගෙවිය යුතුය.
ස්ථානය නැවත ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම්
* මධ්‍යස්ථානය - වෙළෙඳ ගොඩනැඟිල්ල නැවත ප්‍රතිසංස්කරණය සහ අලංකාරය කරගැනීම සඳහා මුදල් යෙදවීම
අවශ්‍ය භාණ්ඩ සඳහා වියදම්
* අවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා අවශ්‍ය මුදල් අවශ්‍ය උපකරණ සඳහා වියදම්
* විශාල හා කුඩා කොණ්ඩා මෝස්තර උපකරණ සඳහා වියදම් අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය ක්‍රීම් වර්ග සහ ද්‍රාවණ සඳහා වියදම්
* වෙළෙඳසල් ද්‍රව්‍ය සඳහා බෙදා හැරීමේ වියදම් මිලට ගැනීම සේවයන් හා භාණ්ඩ සඳහා පාරිභෝගික මිල ගණන් නිර්ණය
* ප්‍රතිවාදීන් අය කරන මිල ගණන් නිර්ණය
වැඩ කරන කාර්ය මණ්ඩලයේ සඳහා යන වියදම්
* අයිතිකරුවන් සඳහා මාසික දීමනාව
* කාර්ය මණ්ඩලය සඳහා මාසික
වැටුප් හා දීමනා
සේවා පාලනය
ආයතනයක සාර්ථකත්වය රඳා පවතින්නේ සේවාදායකයාගේ දක්ෂතාව, සහයෝගය හා වගකීම මතයි. ස්වාමියා සෑම විටම සේවා දායකයාගේ සුබ සිද්ධිය ගැන බැලිය යුතුයි. අදාළ පුහුණුව හා වගකීම ලබා දිය යුතුයි. වෙනස් වන විලාසිතා තම පළාතට පැමිණෙන පුහුණුකරුවන්ට විවිධ පුහුණු පාඨමාලාවන් වැඩමුළු ගැන සෝදිසියෙන් සිට එහි වාසිය සේවකයන් වෙත ලබා දිය යුතුයි. තමන් පමණක් පුහුණු වී සේවා දායකයාගේ දැනුම දියුණු නොකර ආයතනයේ දියුණුවක් අපේක්ෂා නොකළ යුතුයි.
ඉලක්ක පාරිභෝගික පිරිසක් තෝරා ගැනීම
* කාන්තාවන්
* පිරිමින්
* කාන්තාවන් හා පිරිමින් යන කොට්ඨාස දෙකම
* ළමයින් සඳහා විශේෂිත සේවය
* විවිධ ආගම් සඳහා විශේෂිත සේවය (උදාහරණයක් ලෙස මුස්ලිම් ආගමිකයන්)
* විවිධ පාරිභෝගික පාන්තිකයන්
* ඉතා උසස් පන්තීන් හා සාමාන්‍ය පාන්තිකයන්
ආලෝකකරණය
ආලෝකකරණය වෙළෙඳ මධ්‍යස්ථානයේ දැකුම්කලුභාවයට පාලනයට හා සේවාවන් පහසු කර ගැනීමටත් ඉවහල් වේ. ස්වාභාවික හා කෘත්‍රිම ආලෝකය දක්ෂ ලෙස උපයෝගී කරගැනීමෙන් ආයතනයට නැවුම් පෙනුමක් ලබා ගත හැකි වේ. නිතරම විදුලිය අවශ්‍ය නිසා Plug වර්ග, වයර් වර්ග එයාර්කන්ඩිෂන් ආදිය පිළිවෙළට සකස් කළ යුතුයි.
* පිළිගැනීමේ ස්ථානය සඳහා මෘදු ආලෝකයක් භාවිතය
* සේවා ස්ථානයන් සඳහා හිරු එළියට සමාන වූ ආලෝකයක් ආරෝපණය කර ගැනීම
ආයතනය ලියාපදිංචි කිරීම
තනි පුද්ගල ව්‍යාපාර
මෙහිදී සියලු වියදම් තමන්ම දැරිය යුතුයි. සියලුම ලාභ ද තමන්ටම ලැබෙයි. නීති රීති තමන්ගේ වන අතර වගකීම් අලාභයද විඳ දරා ගත යුතුවේ.
හවුල් ව්‍යාපාර
දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අතර ගිවිසුමක් ඇති කරගත යුතු අතර ගිවිසුමේ විස්තර ඉතා පැහැදිලි විය යුතුය. සියලුම කොටස්කරුවන් මුදල් යොදා ලාභ අලාභද බෙදා ගත යුතුවේ.
සමාගම්
සමාගමක් ලෙස ලියාපදිංචි කරන්නේ නම් අර්ථසාධක මුදල් ගෙවන ආකාරය, සේවක සංඛ්‍යාව තුනට වැඩිවිය යුතුය.
නිවැරැදි ලෙස අවශ්‍ය බඩු බාහිරාදිය තෝරා ගැනීම
පිළිගැනීමේ ස්ථානය
* ප්‍රධාන දොරටුව ආශ්රයෙන් තිබිය යුතුය.
* දැකුම්කලු හා මිත්‍රශීලි හැඟීමක් පාරිභෝගිකයාට ඇති විය යුතුවේ.
* පිළිගැනීමේ මේසය උස් විය යුතුය.
* ඇතුළත පාරිභෝගිකයන්ට නිරාවරණය නොවන ලෙස තිබිය යුතුවේ.
* බඩු දමන Display Cupboard ආදිය මෙම ස්ථානයට පිටුපසින් තිබිය යුතුය.
* පිළිගැනීමේ නිලධාරීන්ට සුදුසු පහසු ආසනයක් මේසය පිටුපසින් තිබිය යුතුය.
* සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිසට හිඳගැනීමට සුවපහසු ආසන තිබිය යුතුයි.
* රූපවාහිනී යන්ත්‍රයක් සවි කර තිබීම
ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4 ඇගයීම් නිලධාරිනි)