වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කාලෙන් කාලෙට මාරයා අරන් එන ඩෙංගු
පොල් කටු, ටින්, තැඹිලි කෝම්බ, වැහිපීලි ආදියේ එකතු වන වතුර මෙන්ම නිවෙසේ වතුර බොන්නට පුරවා තිබෙන බුලි,කෑන් පවා ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට සුදුසු වටපිටාව සකසයි.
කාලෙන් කාලෙට අපිව හොයාගෙන එන ඩෙංගු මදුරුවා වසරකට තුන් හතර වතාවකට වඩා නම් එනවාමයි.වැස්සත් සමඟින් මදුරු වසංගතය ඇති වෙද්දී ඩෙංගු මදුරුවන් හරි හරියට වැඩ පටන් ගන්නවා.
ඒත් අපිට මේ තත්ත්වය අමතක වෙලා යනවා. මදුරුවෝ බෝවෙන ස්ථාන පිළිබඳ හැඟීමක් වත් නැහැ. පිරිසුදු අපිරිසුදු වතුරේ වගේම දැන් දැන් ඩෙංගු මදුරුවාට වෙලාවකුත් නැහැ. දවසේ ඕනෑම වෙලාවක වුණත් එන්න පුළුවන්.
ඉන්ෆ්ලුෙවන්සා සහ කෝව්ඩ් රෝග සමඟින් ඩෙංගු හරි හරියට තියෙන නිසාත්, රෝග ලක්ෂණවල යම් යම් සමානකම් තියෙන නිසාත් දරුවන්ට ඇත්තේ කුමන තත්ත්වයක්, දැයි මාපියන්ට එකවරම හඳුනා ගන්නට බෑ.
උණ, හිසරදය, ඇස් යට කැක්කුම, ඇඟපතේ වේදනාව සමඟින් දින පහකට වඩා උණ පවතී නම් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (full blood count) කර ගැනීම හොඳම විසඳුමයි. අවට ඩෙංගු රෝගීන් සිටී නම් ඩෙංගු රෝගය වැලඳීමේ අවදානමක් ඇතැයි සිතේ නම් උණ සෑදී පළමු දිනයේදීම වුවත් හිසරදය සහ ඇස් යට වේදනාව පවතී නම් ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමු විය හැකියි.
තවත් දින කිහිපයක් මේ රෝග ලක්ෂණ ම දැඩි ලෙස පවතී නම් වේදනා නාශක පෙති ගත්තත් රෝගය සුව නොවී නම් ඩෙංගු ඇන්ටිබොඩි පරීක්ෂාව සඳහා යොමුවිය යුතුයි. එවිට දරුවාගේ සිරුරේ ඇත්තේ ඩෙංගු දැයි හඳුනා ගනී. ඒත් සමඟින් සාමාන්‍ය රුධිර පරීක්ෂාවක් ඔස්සේ රුධිර පට්ටිකාවල ඇති සුදු රුධිරාණු ප්‍රමාණය හඳුනාගත හැකියි. මේ පරීක්ෂණය පැය කිහිපයකට පසු නැවත කිරීමෙන් රුධිර පට්ටිකා හෙවත් platlet අඩුව ඇති ප්‍රමාණය සංසන්දනාත්මකව සැසඳීමෙන් දළ අවබෝධයක් ඇති කර ගත හැකියි.
ඩෙංගු පිළිබඳ කතා කරද්දි වඩාත් බියවන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වයට එයිදෝ යන සැක සංකාව නිසයි. අභ්‍යන්තර ලේ ගැලීම රක්තපාත තත්ත්වය ලෙස හඳුනා ගනියි. ඩෙංගු සාමාන්‍ය වයිරස් උණක් ලෙස පැමිණ එලෙසම සුව වී යා හැකියි. මෙහිදී සුදු රුධිරාණු ප්‍රමාණය විශාල අන්දමින් පහතට නොවැටේවී. එහෙත් රක්තපාත තත්ත්වයට පැමිණෙද්දී සුදු රුධිරාණු ප්‍රමාණය 150 ට වඩා අඩු වෙමින් තව තවත් ශීඝ්‍ර ලෙස අඩු වන්නටත් පුළුවනි. මේ තත්ත්වය ස්කෑන් පරීක්ෂණයක් ඔස්සේ හඳුනා ගත හැකි වේවි.එහිදී වහාම රෝහල්ගත විය යුතුයි. රෝහල්වල ඇති ඩෙංගු කළමනාකරණ ඒකකය රෝගියා පිළිබඳ පිළිබඳ මනා අවධානයක් යොමු කරයි. එහිදී ලබා දෙන දියර ප්‍රමාණය, පිටවන මුත්‍රා ප්‍රමාණය මැනීමකට ලක් කරයි. දහවල් කාලයේ පැයකට වරක් දියර ලබා දෙන අතර, පැය 2 කට වරක් මුත්‍රා මැනීම සිදු කරයි. මුත්‍රා පිට වීම මැනවින් සිදුෙව් නම් කලබල විය යුතු නොවේ. පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීමත් සමඟිනුයි, අභ්‍යන්තර ලේ ගැලීම ඇති වන්නේ.
එදා ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගනිද්දී අද වන විට එය සෑහෙන දුරට පාලනය කරමින් ඩෙංගු මරණ සංඛ්‍යාව ඉතා ම සුළු ප්‍රතිශතයක් දක්වා ගෙන ඒමට ඩෙංගු කළමනාකරණ ඒකකවලට හැකිවී තිබෙනවා. මෙහි සිටින වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඒ සම්බන්ධයෙන් වන කැප කිරීම ඉතා ඉහළයි.
පැය 48 ක් 72 ක් වැනි කාලයක් තුළ පවතින අධි අවදානම් පැය කිහිපය (critical hours) දියර කළමනාකරණය සහ මුත්‍රා කළමනාකරණය හරිහැටි සිදු කළේ නම් ක්‍රමයෙන් අවදානම් තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පත්වේ.
මේ කාලය ඇතුළත රතු, කළු පැහැයෙන් යුතු කෑම බීම ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඇස්ප්‍රින් පෙති නොගත යුතුයි. පැරසිටමෝල් පවා අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා නොගත යුතුයි. ඒ ඩෙංගුවලදී අක්මාවට වන හානිය සාමාන්‍යයෙන් වැඩි නිසයි. එසේ හානි වුණු අක්මාව යථා තත්ත්වයට පත්වන්නට කාලයක් ගතවේ. මේ කාලය පුරාවටම ඇඟපත වෙහෙසීම නොකළ යුතුයි.
ඩෙංගු රෝගය වැළැක්වීමට ගත හැකි එකම සහ ප්‍රධානම විසඳුම නිවෙස ඇතුළත මෙන්ම වට පිටාව ඉතාම පිරිසුදුව තබා ගැනීමයි ඩෙංගු මදුරුවන් බෝවීමට ඇති ඉඩප්රස්ථා එහෙම පිටින්ම අහුරා දැමීමයි.පොල් කටු, ටින්, තැඹිලි කෝම්බ, වැහිපීලි ආදියේ එකතු වන වතුර මෙන්ම නිවෙසේ වතුර බොන්නට පුරවා තිබෙන බූලි, කෑන් පවා ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට සුදුසු වටපිටාව සකසයි. නිවෙස මෙන්ම දරුවන් වැඩි පැය ගණනක් ගත ගත කරන පාසල් අවටත් මේ පිරිසුදුකම මනාව පවත්වාගෙන යා යුතුයි. ඩෙංගු මදුරුවා පලවා හැරිය හැකි නම් ඩෙංගු රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර ගන්නට අවශ්‍ය නොවේවි.
අවදානම් කාණ්ඩයේ සිටින පුංචි දරුවන්, ගර්භණී මවුවරුන්, බෝ නොවන රෝග නිසා පීඩාවට පත්ව සිටින වූ සිටින්නවුන් ඩෙංගු රෝගයේදීත් ප්‍රවේශම් විය විය යුතුයි.
බොහෝවිට ඉන්ෆුලුෙවන්සා සහ කොවිඩ් සඳහා ස්වසන මාර්ගයේ අපහසුතා රෝග ලක්ෂණ ලෙසින් දැකිය හැකියි. කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා අතුරින් ඩෙංගු රෝගය වෙනස හඳුනා ගන්නට ඒ රෝග ලක්ෂණ ම හේතුවක් වේවි.
උපදෙස්:
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
දීපාල් පෙරේරා