ගර්භිණී රෝග සුව කරන සාර්ථක කෙම් ක්‍රම

සැප්තැම්බර් 23, 2024

 

ගර්භිණී සමයේ අැතිවන රෝග සාමාන්‍ය රෝගී තත්ත්වයට වඩා වෙනස් වෙයි. මේ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාෙව් පවතින ප්‍රතිකාර වලට වඩා දේශීය වෛද්‍ය විද්‍යාෙව් ප්‍රතිකාර සාර්ථකත්වයක් පෙන්වයි. රත්ත විස රත්ත දෝෂය ද ගර්භිණී සමයේ ඇතිවන එවැනි රෝගයකි. එය ඔසප් ලෙය වැනි රත්ත ස්‍රාවගත් හට ගැනීමකි. අපත්‍ය ආහාර භෝජන සහ ගර්භිණී සෞඛ්‍ය පිළිවෙත් පිළිනොපැදීම, ගර්භිණී අපචාර නිසා රත්තවිස විස දෝෂ ඇතිවෙයි.

 

මෙවැනි අවස්ථාවක් සඳහා දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාෙව් භාහිර සහ අභ්‍යන්තර චිකිත්සවයේ රාශියක් පවති. මෙලෙස ගර්භනී සමයේ ඇතිවන රත්ත ස්‍රාවය පිටවීම නතර කළ යුතු වෙයි. මේ සඳහා සර්වාංග වෛද්‍ය විද්‍යාෙව් සාර්ථක ප්‍රතිකාර පවති. මෙයට ද බාහිරින් යෙදිය හැකි කෙටි ක්‍රම ලෙස භාවිත කරන ක්‍රම දෙකක් සටහන් කරමු. යෝනි මාර්ගයේ බාහිරව යෙදීමට අමු කහ, කොහොඹ කොළ තම්බා සෝදා තෙත මාත්තු කර සැවැන්දරා මුල්, නෙළුම්, අල, සුදුහඳුන්, අමුකහ මේවා ගිතෙලින් අඹරා කපු පුළුන් වලින් අඹරා යෝනිය මත එළන්න. එමෙන්ම ගර්භයේ මතුපිිට ආලේපයට නෙළුම් රේණු, මානෙල් අල ගි‍ෙතලෙන් අඹරා ගර්භාශයේ මතුපිට හොඳින් ආලේප කර ආලේපය වේ‍ෙළන විට එම දියරයෙන්ම තෙමන්න. අත්දුටු ආයුර්වේද කෙටි ක්‍රමයකි. අනෙකුත් ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දේශීය වෛද්‍යවරුන් උපදෙස් මත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වේ.

 

තවත් රෝගයක් වන ගර්භිණී සූලය හටගත් විට බැබිල මුල් දවසට දෙවරක් තම්බා බීමෙන් මෙම වේදනා රෝග ක්‍රමයෙන් සුවපත් වෙයි. බොහෝ ගැබිනි මවුවරුන්ට ඇති සුලභ රෝගයක් වන්නේ ගර්භිණී වමන රෝගයයි.

 

වමනය, ඔක්කාරය, කෑම අරුචිය තත්ත්වයන් දිගින් දිගටම පැවතීම මෙම රෝග ලක්ෂණයයි. එමෙන්ම ගර්භිණී මවට දෛනිකව අවශ්‍ය ආහාර අඩුවීම නිසා සිදුවන කායික දුර්වලතාවය හේතුකොට ගෙන ගර්භාශයේ වැඩෙන දරුවාගේ වැඩිම ද බාලවිය හැකි වේ.

 

මෙයට ද නියත ප්‍රතිකාර යෙදිය යුතු වන්නේමයි. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාෙව් බොහෝ ඖෂධ තිබෙනවා. මෙන්ම ජ්‍යොතිෂ විද්‍යාව ගුප්ත විද්‍යාවට අනුව යන්ත්‍ර මන්ත්‍ර කෙටි ක්‍රම ද බොහෝ ඇත.

මෙයට තිබෙන ගුප්ත විද්‍යා කෙම් ක්‍රමයක් ලෙස හොඳට ඉදුණු පැණි දොඩම් ගෙඩියක යුෂ සමඟ මී පැණි මිශ්‍රකර නව අරභාදී ගුණයෙන් 108 වරක් ජීවම් කර දිනකට 3වරක් බීමට දීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත. දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව හොඳට ඉදුණු නස් නාරම් ඉස්මට වී පොරි කුඩු කර මී පැණි සමඟ මිශ්‍ර කර තලපයක් ආකාරයට සාදාගෙන පැය 2 - 2කට ලේහ කරනවා.

 

තවත් හොඳම ඖෂධයක් ලෙස ඉදුණු සියඹලා කරලේ පොත්ත ගෙන එහි පිටතින් ඇදි සුඹුල ඉවත් කර සුරාගෙන මඳ ප්‍රමාණයට කබලේ බැද කුඩු කර මී පැණි සමඟ මිශ්‍ර කරමින් ලේහ කරන්න. ප්‍රබල වමනය පවා සමනය වෙයි.