වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිතුමතේට ගස් කපලා වස් වද්දගන්න එපා
නිෙවසක් තැනීමේදී දැව ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන කටයුත්තකි. නිෙවසක් තැනීමට දැව යොදා ගැනීම වාස්තු විද්‍යාත්මකවත්, ගෘහ තාක්ෂණ විද්‍යාව අනුවත්. ඉතාම හොඳින් අවබෝධයෙන් යුතුව කළ යුතුයි.
එය භෞතික මෙන්ම ගුප්ත විද්‍යාත්මකව ද වැදගත්ය. නිවෙසක් තැනීමේදී එය දිගු කාලයක් පැවතීමට දැව වර්ග ප්‍රධාන වෙයි. ගස් වර්ගය, ගස් කපන කාලය මෙන්ම දැව කල්තබාගත හැකි ක්‍රම ආදී කරුණු රාශියක් වෙයි. එමෙන්ම ගස් කපන අවස්ථා, චාරිත්‍ර වාරිත්‍ර අතර පවතින විවිධ පුද පූජා පිළිබඳ විමසීමේදී පෙනී යයි. ඒ අනුව නිවෙසක් සඳහා දැව ලබා ගැනීමේදී වාස්තු විද්‍යානුකූලව කළ යුතු වත් පිළිවෙත් තුළින් කිසියම් වූ විශ්ව ශක්තියක් හා ප්‍රමිතියක් හිමිවන බව සමාජ විශ්වාසයක් පවතී. නිවෙසකට අවශ්‍ය දැව ලබා ගැනීමේ දී ගස් කැපීම පිණිස විවිධ වාස්තු විද්‍යාත්මක වත් පිළිවෙත් රාශියක් පවතී.
නමුත් වර්තමානයේ එලෙස තමුන්ගේම ඉඩමේ ගස් කැපීම සඳහා දැව සොයා ගැනීම අසීරු කටයුත්තකි. එසේ ගස් තිබුණත් එම ගස් කැපීම සඳහා අනුගමනය කළ යුතු නීතිමය රාමුවක් ද පවතී. තමුන්ගේම ඉඩමේ ගසක් කැපීම පවා අපට අවශ්‍ය පරිදි කළ නොහැකි වෙයි. ඒ සඳහා ග්‍රාම නිලධාරී අනුමැතිය හා ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය ලබාගත යුතුය. මේ නිසා නිෙවසක් තැනීමේදී අවශ්‍ය දැව මෝලකින් හෝ දැව අලෙවි කරන පුද්ගලයෙකුගෙන් ලබා ගැනීමට බොහෝ දෙනෙකු යොමු වී තිබේ. එසේ දැව මෝලකින් ලී ලබා ගත්තත් ඇතැම් දැව වර්ග නිවාස තැනීම සඳහා යොදා නොගනී. ඇතැම් දැව වර්ග දොර ජනෙල් සෑදීමට යොදා නොගනියි. මෙසේ යොදා ගැනීමට සහ යොදා නොගැනීමට හේතුවන විද්‍යාත්මක පදනමක් වෙයි. එසේම වාස්තු විද්‍යාත්මක පදනමක් ද තිබේ.
වාස්තු විද්‍යාත්මකව නිෙවසක් තැනීමට දැව තෝරා ගැනීමේ දී මූලිකවම විමසා බලන කරුණු කිහිපයක් වෙයි. සාමාන්‍යයෙන් පක්ෂීන් කූඩු සදා වාසය කළ ගස්, විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් කඩා වැටුණු ගස්, වේළී ගිය ගස් වර්ග, ගින්නෙන් දැවී ගිය හෝ දවන ලද ගස්, දේවාල සොහොන් බිම්වල ඇති ගස්, බෝ ගස්, කිරි ගස්, බුළු, කොහොඹ, යන ගස් වර්ග ගෘහ කර්මාන්තය සඳහා නොකැපිය යුතු වේ.
මෙලෙස විවිධ දැව වර්ග නිවාස සෑදීම සඳහා යොදා ගැනීම හා නොගැනීම පිළිබඳ සමාජ මතයන් හා විශ්වාසයන් පවතී. මේ සමාජ විශ්වාස හා මතයන්ගේ වාස්තු විද්‍යාත්මක පදනම මෙන්ම විද්‍යාත්මක පදනමක් ද පවතී. එසේම ගස් කැපීමේදී මිනිසුන් විසින් අනුගමනය කළ යුතු සමාජ මෙහෙවරක් ද පෙන්නුම් කරයි.
පක්ෂීන් වාසය කරන ගස් නොකැපිය යුතු බව දක්වා ඇත්තේ පරිසර සමබරතාව සුරැකීමේ අපේක්ෂාවෙන් යැයි අපට සරල ලෙස අනුමාන කළ හැකිවෙයි. නමුත් එවැනි ගස් කැපීමෙන් පරිසරයේ සුරක්ෂිත බව පමණක් නොව එම ගස්වල ශක්තිය ගැන ද අපට ගැඹුරින් සිතන්නට සිදුවෙයි.
දේවාල හා සොහොන් බිම්වල ගස් කැපීමට ද අනුමත නොකරන්නේ එය සාරධර්ම අතින් හා ආධ්‍යාත්මිකව ද බලපාන බැවිනි. දේවාලයක හෝ පන්සල් බිමක ඇති ගස් කැපීමෙන් එකී සුද්ධ ස්ථානයේ ගෞරවයට හානි සිදුවෙයි. එවැනි ස්ථානවල ඇති ගස්වලට පවා මිනිසුන් වැඳුම් පිදුම් කරන්නේ ඉතා භක්තියෙනි.
එහි ඇති එම ගස්වල විශ්ව ශක්තියක් පවතී. එසේම සොහොන් බිම් මිනිසුන් වාසය නොකරන භූමියකි. එසේම එවැනි ස්ථානවල විවිධ අමනුෂ්‍ය බලවේග ඒකරාශි වී ඇති බව විශ්වාස කරති. මේ කියන සොහොනක ගසක් කැපීමෙන් එය නිවෙසක් සෑදීමට යොදා ගත් විට එය මනසට වධ දෙන ගැටලුවක් බවට පත්වෙයි. එබැවින් සොහොනක ගස් කැපීම ද ඒවා නිවාසවලට යොදා ගැනීම ද සුබ නොවෙයි.
නිවෙසක් තැනීමට දෙමට, කුඹුක්, ඇට්ටේරියා වැනි ගස් වර්ග වඩාත් සුදුසු බව වඩුකාර්මිකයින් සඳහන් කරයි. එසේම මෙම දැව වර්ග වාස්තු විද්‍යාත්මකව ද, වැඩි කාලයක් පැවැත්මට උපකාරී වෙයි. එනිසා මෙවැනි ගස් වර්ග යොදා ගනිමින් නිවෙසක් සෑදීමට හැකි නම් එය ඉතා සාර්ථක වේ.
උපදෙස් -
ප්‍රවීණ ජ්යොතිශ්ශාස්ත්රඥ, වාස්තු විද්‍යා උපදේශක
ධර්මපාල සොන්දරප්පෙරුම ආරච්චි