එම්බ්‍රොයිඩරි ක්‍රම කිහිපයක එකතුවක් ගෙනෙන හැඩකාර නිර්මාණ

ජූලි 31, 2019

 

දෝණි පුංචි වුණාට දෝණිගෙ මැහුමට ගෙතුමට ඇති හැකියාව නම් අති විශිෂ්ටයි. මේ නිර්මාණ පෙළ දුටු විට ඔබටත් එයම සිතේවි. මේ දුව මැහුම් නිර්මාණ කරන්න වගේම ඉගෙනුමටත් හපනියක්.

ඇය පන්තියෙ පළමුවැනියා. ඒ වගේම පන්ති නායිකාවත් ඇයයි. මැහුම් කලාව කියන්නේ මනසට භාවනාවක් ගෙනෙන නිර්මාණ කලාවක්. එහෙම නම් ඔබට වගේම ඔබේ දියණියගේ නිර්මාණ කුසලතා එළිදක්වන්නත් මනස සමාධිගතකර ඉගෙනීමට හිත යොමු කරන්නත් මේ කලාවෙන් ලැබෙන පිටිබලය විශාලයි. ඇගේ හැකියාව ඔබේ දෑතට හුරුකරගන්න මෙන්න අවස්ථාව.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල, අඟල් 1/2, අඟල් 1/4 ප්‍රමාණවලින් සෙටින් රිබන්

කපු කැරැලි නූල්

සිල්ක් පේන්ට්

ලිනන් රෙදි

මල් මහන ඉඳිකටු

රිබන් මහන ඉඳිකටු

කොළ පැහැති ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක්

අඟල් 14/16 ප්‍රමාණවලින් එම්බ්‍රොයිඩරි රාමු

කුෂන් කවරය නිර්මාණය කිරීම

ඒ සඳහා පළමුව දම් පැහැති ලිනන් රෙද්දෙන් අඟල් 16×16 ප්‍රමාණයට හෝ අඟල් 18×18 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් කපාගන්න. ඉන්පසු එහි එක් කොටසක් ගෙන ඩ්‍රෙස් මේකිං කාබන් කොළය ආධාරයෙන් මල් මෝස්තරය රෙද්ද මත පිටපත් කරගන්න. පසුව එය එම්බ්‍රොයිඩරි රාමුවට දමා මැසීම පටන් ගන්න. එහිදී මුලින්ම රෝස මල් මසා ගනිමු. ඒ සඳහා අඟල රිබන් එක ගෙන කනපිටට පස් වතාවක් පමණ කරකවා අඹරාගන්න. දැන් අවශ්‍ය ප්‍රමාණයට රෝසමල සැකසුණු පසු වැඩි රිබන් එක කපා යට කෙළවර නූලෙන් මසාගන්න. මෙය ෆෝල්ඩඩ් රෝස මලකි. වර්ණ කීපයකින් මෙවැනි මල් කීපයක් සාදාගන්න.

 

 

සටහන

ද උදයංගනී ලියනආරච්චි

ඡායා-ද ටෙනිසන් එදිරිසිංහ