වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නත්තලට නිවෙස සරසන්න ලස්සන සැරසිල්ලක්
නත්තල් අසිරිය ලොවට විදහාපාන ඒ අසිරිමත් දිනය තවත් සති කීපයකින් උදාවෙනවා. ඉතිං ඒ වෙනුවෙන් කිතුනු ඔබ දැන් දැන්ම සූදානම් වනවා ඇති. එහිදී නිවෙස ලස්සනට සරසන්න වැඩි අවධානයක් යොමුකරනවා නේද? ඔබට ඒ සඳහා අත්වැලක් ලෙසින් වීදුරු බෝතලයක් ලස්සනට සරසා ගන්නා ආකාරය මෙලෙසින් ගෙන එනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉවතලන වීදුරු බෝතලයක්
ගෝනි රෙදි කොටසක්
ෂේඩඩ් නූල්
රතු හා කොළ වර්ණ
ෆෝම් ෂීට්
ඩයිකට්ස්
කහ වර්ණ පබළු
ග්ලිටර් (රතු හා රන්වන් වර්ණ)
ගම්, කතුරක්
නිර්මාණය කිරීම
පළමුව වීදුරු බෝතලය ගෙන උඩ සිට පහළට ගම් ආලේප කරන්න. දැන් ෂේඩඩ් නූල ගෙන උඩ සිට මැදට ඡායාරූපයේ දැක්වෙන පරිදි අලවා ගන්න. ඉන්පසු නැවතත් ඡායාරූපයේ දැක්වෙන සේ බෝතලයේ යටට ගෝනි රෙදි කොටසක් අලවන්න.
පසුව පොයින්සෙටියා ඩයිකට්ස් දෙකක් ගෙන එක පිට එක තබා මල් සාදා එහි මැදට කහ වර්ණ පබළුවක් අලවන්න. එම මල් මැද ග්ලිටර්වලින් ඇඳගන්න. ඒ ආකාරයටම කොළවලට ද ග්ලිටර් මඟින් නාරටිය ඇඳගන්න.
දැන් ඡායාරූපයේ පෙන්වා ඇති ආකාරයට බෝතලයේ උඩට මල් හා කොළ අලවා ගන්න. බෝතලයේ යට ඇති ගෝනි රෙදි කොටසටත් පෙනෙන පරිදි මල් හා කොළ අලවන්න. තවත් අලංකාර කිරීම සඳහා වෙළෙඳපොළෙන් ගත් වර්ණ බෝල ටිකක් ද පෙනෙන පරිදි අලවන්න.
උපදෙස්
මහරගම ප්රාදේශීිය ලේකම් කාර්යාලයේ අත්කම් උපදේශිකා
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
චූලනී ජයසිංහ
ඡායා - ශාන් රඹුක්වැල්ල