වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පෙර පාසල් යන පුතුට බෑගයක් මසන්න උපදෙස්
‘තොටිල්ල පදවන අත ලොව රජ කෙරේ’ සැබැවින්ම කාන්තාව සතු හැකියාව, ශක්තිය අපරිමිතය. මේ ශක්තිය ඔස්සේ ඇය තම නිවෙසේ ආර්ථිකය සවි කරන්නට දරන වෑයම මහමෙරකි. එළැඹියේ තවත් ජාත්‍යන්තර කාන්තා දිනයකි.
දිරියෙන් නැඟී සිටින්න වෙර දරන ඔබට තරුණී වෙතින් ගෙනෙන අනගි තිළිණයකි මේ.
තරුණී දිරියට සවියක් ලිපි මාලාවෙන් ස්ව උත්සාහයෙන් නැගී සිටි දිරිය කාන්තාවන් ගැන අප ඔබට දැනුවත් කරන්නෙමු. ඔවුන් මෙන් පුංචි ස්වයං රැකියාවක් පටන්ගෙන ඔබේ පවුලේ ආර්ථිකය යහපත් කරගන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු.
මේ අපූරු බෑග් නිර්මාණය ඔබට ගෙනෙනුයේ බෑග් නිර්මාණ ශිල්පිනී ඉරේෂා අබේකෝන්. ඇය නිෂ්පාදනය කරන බෑග් අලෙවියෙන් දරුවන්ගේ
අධ්‍යාපන කටයුතු සඳහා ඇගේ ඇඳුම් පැලඳුම්, සමාජ සේවා කටයුතුවලට මෙන්ම සැමියාගේ ආර්ථිකයට ද ඉහළ අත් උදවුවක් ලබාගනී.
එලෙස දිරියෙන් නැඟී සිටින්න උත්සාහ කරන ඔබට අද ඇය මේ බෑගය මසාගන්න අන්දම නිර්ලෝභීව කියාදෙන්නට සූදානම්.
අවශ්‍ය ද්‍රව්‍ය
ඔබ කැමැති රෙදි වර්ගයක් (හෑන්ඩ්ලුම්, කැන්වස් රෙදි)
ලයිනිං රෙදි කොටසක් ( ටැපටා, කැම්බ්‍රෙල්ලා)
ෆෙල්ට් රෙදි
හැන්ඩ්ල් මැසීමට රෙදි
නො. 5 සිප් 1 ක් (අඟල් 17 ක් දිග)
මසා ගන්නේ මෙහෙමයි
මිමි ලබාදී තිබෙන්නේ අඟල්වලිනි. දැන් අප ඔබට ලබාදී තිබෙන රූපසටහන්වල අංක මඟින් දක්වා ඇති පිළිවෙළට පතරොම් විශාලකර කාඩ්බෝඩ්වල ඇඳ කපාගන්න. ඉන්පසුව වර්ණ ගළපාගනිමින් රෙදි කොටස් කපා ගන්න. 1 රූපයේ කොටස් 2 ක් කපා ගත යුතුයි. එය ඉදිරිපස හා පිටුපස කොටස් වේ.
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනී
ඉරේෂා අබේකෝන්
2020/03/11 තරුණි බලන්න