වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මිසිස් ඒෂියා කිරුළ ලංකාවට ගෙනා සමන්තිකා කුමාරසිංහ
අපේ මේ පුංචි රට රුවැත්තියන්ගේ තෝතැන්නක් බව යළි යළිත් පසක් කරමින් ආසියානු විවාහක රූ රැජන කිරුළත් අපිට හිමිවිය.
ඉතින් කාන්තා අපි බෙහෙවින්ම සතුටුවිය යුතු ආඩම්බරවිය යුතු මොහොතක් නොවේද මේ... මේ අභිමානය, සතුට සමස්ත ලාංකේය කාන්තා ප්රජාවටමයි.
පසුගියදා පැවැති ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි අභිසෙස් ලැබුවා.
ඒ උණුසුම පහව යන්නත් කලින් ජාත්‍යන්තරය තුළ නැවතත් අවධානය දිනාගන්නට අපේ ළඳක් සමත්වීම අතිශය සතුට දනවන කරුණකි. පසුගියදා රටවල් 21 ක් නියෝජනය කරමින් මියන්මාරයේදී පැවැත් වූ ආසියානු විවාහක රූ රැජින කිරුළ අපේ පුංචි දිවයිනට හිමිවීම ඒ අභිමානයයි. ආසියානු විවාහක රූ රැජින ලෙස කිරුළ පැලඳු ඇය සමන්තිකා ගුණසේකර. ඇගේ මේ ජයග්‍රහණය පිළිබඳ තරුණී වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
“ලංකාවට තවත් කිරුළක් ලබා ගන්න හැකිවීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. මේක මගේ ජයග්‍රහණය ගැන තියෙන සතුටක් නෙවෙයි. රට වෙනුවෙන් ලැබුණ ජයග්‍රහණයක් විදිහටයි මම සතුටු වෙන්නේ. දැන් ලංකාවේ නිරූපණ ක්ෂේත්රය පිළිබඳව ජාත්‍යන්තරයේ කතා බහට ලක්වෙනවා. ඇත්තටම අප රටක් විදිහට ඒ ගැන ආඩම්බර විය යුතුයි.
මම මේ තැනට එන්න ගොඩක් කැපකිරීම් කළා. ඒ කැපකිරීම්වල ප්‍රතිඵල මට අද ලැබිලා තියෙනවා.”
ලබපු ජයග්‍රහණය ගැන කතා කළොත්?
“මේ තරගයට රටවල් 21 ක විවාහක කාන්තාවන් සහභාගීි වුණා. ඒ 21 දෙනාම ගොඩක් උගත්, බුද්ධිමත්, ලස්සන පවුල් ජීවිත ගත කරන මිසිස් ඒෂියා වෙන්න සුදුසුකම තිබුණු පිරිසක්. ඉතිං ඒ තරම් හොඳ පිරිසක් අභිබවලා ඉදිරියට එන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි.
එහිදී රූපය පමණක් නෙමෙයි බැලුවේ. බුද්ධි මට්ටම, පෞරුෂත්වය, හැකියාවන්, අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන විදිහ ඒ හැමදේම ගැන. ඒ තරගය නිසාම මට ගොඩක් දේවල් ගැන දැනගන්න හැකිවුණා.”
සමන්තිකා මේ තරගයට යොමු වුණේ කොහොමද?
“මම මුලින්ම ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකාවේ පැවැති විවාහක රූ රැජින තරගයට එහිදී මට පළමු 10 දෙනා අතරට විතරයි එන්න හැකි වුණේ.
එහෙත් මම උත්සහය අත් හැරියේ නැහැ. රෑ රැජිනක් වෙන්න අවශ්‍ය පරිදි ශරීරය හදා ගන්න මහන්සි වුණා.
ඊට පස්සේ තමයි මේ තරගයට යොමු වුණේ. ඒ සඳහා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පින් වන සමන්ත ගුණසේකර, ජෝනි ගුණසේකර සහ ප්‍රවීණ නිරූපිකාවක් වන වාසනා දන්තනාරායන මට උදව් කළා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේයි මේ තරගාවලියට සහභාගි වුණේ.
මෙවැනි තරගාවලියකට ඉදිරිත් වෙන්න හිතුවේ ඇයි?
කුඩා කාලයේ ඉඳන්ම මේ ක්ෂේත්රයට ලොකු ආසාවක් දැක්වූවා. 2014 වසරේදී තමයි නිරූපණ ක්ෂේත්රයට පිවිසුණේ. ඒ කාලේ තරුණි පුවත්පත ගත්තොත් මම නැති දවසක් නැහැ. සෑම සතියකම වගේ මේක් - අප්, කොණ්ඩ මෝස්තර ආදීි ලිපිවලට මගේ ඡායාරුප පළවුණා.
මම නිරූපණ ක්ෂේත්රයේ වගේම රූපලාවණ්‍ය ක්ෂේත්රයෙත් ඉන්න කෙනෙක්. වේයන්ගොඩ පිහිටි මගේ නිවෙසේම ඒභපධපච ඉචථචදබඩඪඬච නමින් රූපලාවණ්‍ය ආයතනයක් ද පවත්වාගෙන යනවා.
මං හරි ආසයි ලස්සනට ඉන්න. ලස්සන වෙන්න තිබුණු ආසාව නිසාමයි මුලදි තරගවලට ඉදිරිපත් වුණේ. මේ කිරුළ වෙනුවෙන් නම් තරග කළේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා හිතලා.
ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් තිබුණද?
තරගයකට ගියාම අපි හැමෝටම ඕනෙ ජයග්‍රහණය කරන්නනේ. ඉතිං මමත් එහෙම විශ්වාසයකින් තමයි තරගයට සම්බන්ධ වුණේ. නමුත් මාත් එක්ක තරග කරන අනෙක් කාන්තාවන් 21 දෙනා දැක්කාම පොඩි චකිතයක් දැනුණා.
2019/12/23 තරුණි බලන්න