වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
විශ්‍රාම ගිය දවසක ගොවිතැන් කරන්න ආසාවෙන් ඉන්නවා
කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ ගැන රූපා ධීරසිංහ කියන රසවත් කතාව
“සියවසක් විශ්වාසයෙන්, දීප්තිමත් අනාගතයකට”
මේ දිනවල අපට නිතර ඇස ගැටෙන සටහනකි. විශ්වාසය මූල්‍ය ක්ෂේත්රයට පමණක් නොව පවුල් ජීවිතයක ද සාර්ථකත්වයයි. සාර්ථක පවුල් ජීවිතයක් ගොඩනැගීමට විශ්වාසය හා අවබෝධය යන දෙකම තිබිය යුතුමයි.
එය මූල්‍ය ක්ෂේත්රයේ විශ්වාසයට වඩා පුළුල් ආත්මීය බැඳීමකින් පිරි ශක්තිමත් පදනමකි. සාර්ථක පවුල් ජීවිතයක බැඳීම සාර්ථක වාණිජ බැංකුවක සාර්ථකත්වයත් දෙකම එකට ගළපා ගැනීම තරමක අසීරු සංකීර්ණ කටයුත්තකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ මුල් පුටුව හොබවමින් ඔහු කරන මෙහෙවර සුළුපටු නොවෙයි.
එසේම ඔහු කොමර්ෂල් බැංකු ක්ෂේත්රයේ ප්රධානියාටත් වඩා එහා ගිය සුවිශේෂී චරිතයකි.
ජීවිතය කළමනාකරණයත් පවුල් ජීවිතයේ සාර්ථකත්වයත් රිසි ලෙසින් විඳින ඔහු මහ පොළොව මත පය ගසා සිටින සාමාන්‍ය පුද්ගලයකි.
එසේම මිනිසුන්ගේ දහදිය සුවඳ හොඳින්ම හඳුනා ඒ වෙනුවෙන් උදාර මෙහෙවරක යෙදෙන සමාජ සේවකයකි. අප මෙවර තරුණී පිටු අතරට රැගෙන එන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතාගේ සාර්ථකත්වය පසුපස ඇති වෙනස්ම වූ කතාවකි.
ඔහු සාර්ථකත්වය කරා ගිය ගමන් මඟේ නිබඳවම ඔහු සමඟ සිටියේ ඇයයි. රූපා ධීරසිංහ මහත්මිය තරුණීට සමීපතම හිතැත්තියකි. එසේම අපගේ බොහෝ කටයුතු වෙනුවෙන් අපට ශක්තියක් වූ ඇය ද ධර්ම වීරසිංහ මහතාගේ සෑම කටයුත්තකදීම නිබඳවම සෙවණැල්ල සේ සිටි සහකාරියයි.
ඔහු ගැන අහන්න ආසාවෙන් අප රූපා ධීරසිංහ මහත්මියගේ නිවහනට ගොඩවුයේ ඔහුගේ සාර්ථකත්වය පිළිබඳ කතාව අසන්නටය.
බත්තරමුල්ලේ ගුණසිංහපුර ජයවඩනගම ඔවුන්ගේ නිවහන නිහඬය. ස්වාධීන රූපවාහිනී ආයතනයේ තාප්පය පසුපස වූ මේ නිවහනේ නිසල බව බිඳිමින් රූප ධීරසිංහ මහත්මිය සුපුරුදු සිනහවෙන් මුව පුරවාගෙන ආවේ අප පිළිගන්නටයි.
ඡායා - ශාන් රඹුක්වැල්ල
2020/03/04 තරුණි බලන්න