වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සාන්ත ආනා බාලිකාවන්ගේ විදර්හා-2024 ාවේදි
සිතුවම් කලාව භාවනාවකි. ඒ භාවනාවට සමවැදී සිතුවම් තුළ ජීවත්වීම වෙනමම කලාවකි. අද කියන්න යන්නේ භාවනාවක් සේ සැම සිත් අවධානය දිනා ගත් අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් ගැන. ‘විදර්හා - 2024’ මේ වත්තල සාන්ත ආනා බාලිකාවේ දක්ෂතා කල එළිදැක්වීමකි. මෙම සිතුවම් දැක්ම මේ වනවිට පැවැත්වේ. මේ සිතුවම් දැක්ම බලන්න ජන ගඟක් පැමිණියේ එහි අපූර්වත්වයත්, සුවිශේෂී බවත් නිසයි. සාන්ත ආනා බාලිකාවේ චිත්‍ර විෂය භාර ආචාරිණිය ලෙස කටයුතු කරන ශ්‍රීමති ප්‍රනාන්දු ගුරු මෑණියන්ගේ මඟපෙන්වීම යටතේ පැවති මේ සිතුවම් දැක්මට පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දියණියන් 70ක් සහභාගි වී තිබිණ. එකිනෙකට වෙනස් චිත්‍ර 300ක් නිර්මාණය කර තිබුණේ වසර දෙකක් වැනි දිගු කාලයක කැපවීමෙනි.
මේ චිත්‍ර ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ කොලාජ් චිත්‍ර සඳහා වැඩි ඉඩක් වෙන් වී තිබීමයි. ඊට අමතරව දිය සායම්, පැස්ටල් සහ මිශ්‍ර මාධ්‍ය චිත්‍ර ද ඇතුළත්ව තිබිණි. සාන්ත ආනා බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ නොමිලේ පැවති මේ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීම පළමු දවසේ ආගමික නායකයින්ට, දෙවැනි දවසේ චිත්‍ර විෂයයට සම්බන්ධ අයට, තුන්වැනි දවස කලාකරුවන්ට වෙන් කොට තිබුණි. අතිසාර්ථකව නිම කළ සිතුවම් දැක්ම ගැන සාන්ත ආනා බාලිකාවේ චිත්‍ර ආචාරිණී ශ්‍රීමති ප්‍රනාන්දු අදහස් දැක්වූයේ මේ විදිහට.
මම මේ පාසලේ චිත්‍ර උගන්වන්න අරගෙන වසර 7ක් වෙනවා. මගේ මුළු සේවා කාලය අවුරුදු 35යි. උසස් පෙළට විෂයයක් විදිහට මේ පාසලේ චිත්‍ර උගන්වන්න අරගෙන අවුරුදු 3යි. ඊට කලින් තිබුණේ නැහැ. අපේ පාසලේ විදුහල්පතිනිය කන්‍යා සොයුරියක්. ඇය කාන්ති පෙරේරා. ඇය කිව්වා උසස් පෙළටත් චිත්‍ර උගන්වන්න පටන් ගන්න කියලා. ඒ අවුරුදු තුනටම අඩුම ප්‍රමාණයක් තමයි චිත්‍ර විෂයය කරන්න ඉන්නේ. අවුරුදු තුනේම මොරටු විශ්වවිද්‍යාලයට තුන් දෙනෙක් තේරුණා. ඉතින් මං හිතනවා ඒක වාර්තාවක් කියලා. ගුරු ජීවිතය පටන් ගත්ත දවස්වල ඉඳලම සාමාන්‍ය ප්‍රතිඵලත් 100%යි. උසස් පෙළ ප්‍රතිඵලත් 100%යි. මම ළමයි වෙනුවෙන් දෙයක් කරපු නිසා ඒක මට ලොකු සතුටක්.
මේවා කිසිම අනුකරණයකින් තොරව නිර්මාණය කරපු චිත්‍ර. මොකද ගොඩක් ළමයි තාක්ෂණයට හුරු වෙලා නිසා ෆෝන්වලින්, යූටියුබ් එකෙන් බලලා චිත්‍ර අඳින්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ චිත්‍ර ඔක්කොම මේ දරුවෝ ඇන්දේ මගේ චිත්‍ර කාමරයේදී. මගේ උපදෙස් මත ඇඳපුවා. හැබැයි මගේ පැන්සල් ඉරක්වත් මේ දරුවන්ගේ චිත්රවලට යොදා ගත්තේ නැහැ. විශාල පිරිසක් මෙය නරඹන්නට පැමිණියා. දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට මට අවස්ථාව ලැබීම ගැන ගුරුවරියක් විදිහට මා ගොඩක් සතුටු වෙනවා. මේ සිතුවම් දැක්ම මෙතරම් සාර්ථක කරගන්න විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ලොකු සහයෝගයක් ලබා දුන්නා.