වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ලග්න පලාපල
නොවැ. මස 18 වැනි දින සිට නොවැ. 24 දක්වා
විදෙස් තෑගි
මේෂ
විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වේ. රැකියා ස්ථානයේ තරමක් අවිවේකී භාවයක් ඇති කරයි. පවුලේ ආගමික සැලසුමක් සඳහා මුල පිරේ. විදෙස්ගත තෑගි බෝග හිමිවන සතියකි. තමා සොයා එන කෙනකු නිසා අලුත් ආදායමකට මඟ සැලසේ. අසල්වැසි ආරවුල් තත්ත්වයක් හේතුවෙන් නීතියේ පිහිට පැතීමට සිදුවේ. නිතර නිවෙසට පැමිණෙන කෙනකු පිළිබඳ කල්පනාකාරී වන්න. නැතිවූ දෙයක් නැවත හමුවීමට ඉඩ ඇති සතියකි.
හිතවතකුගේ පැමිණීමක්
වෘෂභ
නිතර මානසික අවිවේකය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සැලසෙන බවක් පෙනේ. වගකීම් බහුලවන සතියකි. නිතරම හටගන්නා කොන්දේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. තමා යනඑන ගමන් පිළිබඳ තරමක් කල්පනාකාරී වන්න. තම හිතවතකුගේ පැමිණීමක් සිදුවන සතියකි. හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවකින් තමාට පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසෙන බවක් පෙනේ. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. මෙතෙක් ප්‍රමාදයෙන් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙනේ. පවුලට අලුතින් සාමාජිකයකු එක්විය හැකි සතියකි.
හදිසි මුදල් වැයවීම්
මිථුන
තමා ළඟින් ඇසුරු කරන අයකු නිසා සිත කලබලයට පත්වන සතියකි. හිතුවක්කාර තීරණ ගන්නා කාලයකි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කාලයක් නමුදු හදිසි මුදල් වැයවීමකට ද හේතු යෙදේ. විශේෂ සැලසුමක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති කාලයකි. දේපල සම්බන්ධ ප්‍රශ්නවලින් නිරවුල් වන සැලසුමක් ඇති කරයි. පවුලේ කෙනකුගේ දුරස්වීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. සෙම් අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. අමතර මුදල් ලැබෙන මාර්ග යෙදෙන කාලයකි.
රෝගී තත්ත්වයෙන් පීඩා
කටක
තමාට අතරමඟ හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසේ. තමාට ළඟම හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගනී. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. වරින්වර ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් පීඩා ඇති කරයි. උරුම හිමිකම් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි කාලයකි. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්නට ලැබෙන කාලයක්. එමෙන්ම නිතර මවුපිය හිමිකමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.
මංගල යෝජනා සාර්ථකත්වයට
සිංහ
මෙතෙක් පැවැති පවුලේ කලබලකාරී බව මඟහැරී යන සතියකි. නිකරුණේ කරන වියදමක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. රැකියාවේ ද තමා නොසිතූ ගැටලුකාරීබවක් ඇති කරයි. විවිධ බාධා ගෙනදෙමින් පැවැති මංගල යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙනේ. අමතර ලැබීම් ඇතිකරන මාර්ගයට අවහිරතා මතුවේ. විශේෂ සැලසුමකට කටයුතු සූදානම් වන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන කාලයකි.
සහෝදර ගැටුම්
කන්‍යා
යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මෙතෙක් පීඩා ගෙනදෙමින් පැවැති අසනීපකාරී තත්ත්වයකින් නිදහස්වීමට මඟ සැලසෙන සතියකි. උරුම හිමිකමක් හේතුවෙන් සහෝදර පක්ෂය සමඟ ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර ගනී. පොදු කටයුතුවලදී නායකත්වය හිමිවන අතර අසල්වැසි අයගේ ප්‍රසාදයට ද ලක් වේ. උසස් අධ්‍යාපනයේ නියුතු අයට යහපත් කාලයකි. යුගදිවියේ ඇතිවී තිබූ ගැටලුකාරී බව මඟහැරී යයි. ආගම දහම වෙනුවෙන් වැඩි කාලයක් මෙන්ම මුදලක් ද වැයකිරීමට සිදුවේ.
උපදෙස්
ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී
චින්තා වික්‍රමසිංහ
2019/11/20 තරුණි බලන්න