ලග්න පලාපල

මාර්තු 31, 2021

 

මේෂ ලග්නය

අදහස් සපලවේ

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භය ඉතා සුබයි. අදහස් සපලවේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. එහෙත් සතිය මැද විවිධ බාධා කම්කටොලු උදාවේ. එහෙත් යළි සතිය අවසානය ඉතා සුබවෙයි. ආදායම් සරුවේ. ලැබීම් අධිකවේ. දේපළ, ඉඩම්, නිවාස හිමිකම ඇත. සතිය මැද භාගයේ තුනටියට අපලයි. හදිසි ධන හානියක් පෙන්වයි.

 

වෘෂභ ලග්නය

වාසනාවන්ත දරු සම්පත්

වෘෂභ ලග්නයට අනුව සතිය ආරම්භය හා මැදභාගය අසුබ වන අතර සතිය අවසානය ඉතා සුබවෙයි. දරුපල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත් උදාකෙරේ. එහෙත් ඒ සමඟම කාර්ය බහුලතා සතිය අවසානය මඳක් වෙහෙසකාරී වුවද ආර්ථික හා අධ්‍යාපනික අතින් යහපත සෞභාග්‍ය උදා කරන්නකි.

 

මිථුන ලග්නය

රැකියා ස්ථානගත අභිවෘද්ධිය

මිථුන ලග්නයට අනුව මෙම සතිය ඔබට ආදායමට වඩා වියදම උග්‍රවන නිසා සකසුරුවම් ලෙස කටයුතු කරන්න. නොඑසේ නම් ණයතුරුස් වීමට පවා සිදුවන නිසාය. තම අලංකාරය සඳහා මුදල් වියදම් කිරීම පෙන්වයි. කෙසේ නමුදු ඔබට ඔබේ රැකියා ස්ථානගත අභිවෘද්ධිය ඇතිවේ.

 

කටක ලග්නය

නිවසේ අලංකාරයට වැඩි සැලකිල්ලක්

කටක ලග්නය හිමි ඔබට මෙම සතියේ ඉතා සුබයි. චන්ද්‍රයාගේ ගමන හා රවි, කුජ, බුධ ආදී ග්‍රහයින්ගේ රාශි මාරුවීම් අනුව තම සතුට, නොම්නස පිරී ඉතිරී යන සතියක්ද වනු ඇත. නිවසේ අලංකාරය සඳහා විවිධ සැරසිලි මෝස්තර සිදු කෙරෙනු ඇත. තම ලේ ඥාතියකුගේ උත්සවයක් වෙනුවෙන් වෙහෙසීමටද සිදුවේ.

 

සිංහ ලග්නය

ගෘහ ජීවිතය සතුටුදායක වේ

සිංහ ලග්නයට අනුව මෙම සතිය තුළ ඔබ නොසිතූවිරූ ලැබීමකට හේතු වෙයි. එය ඔබට පිය පාර්ශ්වයෙන් ලැබීමක් බව කිව යුතුය. සතිය මැද වනවිට පපුව ආශ්‍රිත ලේ දෝෂ සැර උෂ්ණ හෝ ආම්ලික භාවය නිසා ඇති වන අපහසුතා දැනේ. තෙල් ආහාර වලින් වැළකී සිටීම සුබයි. ආදායම් සරුවේ. ගෘහ ජීවිතය සතුටු දායකවේ.

 

කන්‍යා ලග්නය

තම ආත්ම අභිමානය ඉහළ නැංවේ

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඉතා සුවිශේෂි සතියකි. බොහෝ අයගෙන් ලැබෙන දැනමුතුකම් අනුව ඔබගේ ජීවිතය හැඩගස්වා ගැනීමට පුළුවන්වේ. තම ආත්ම අභිමානය උසස් ලෙස පවත්වා ගැනීමට හැකිවේ. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිවේ. අතමිට සරුවේ. තමාගෙන් විය යුතු යුතුකම් මව, පියා වෙනුවෙන් වඩාත් ඉටුවේ.

 

තුලා ලග්නය

හොඳ නරක පිළිබඳ වැටහීමක්

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබට තුලනාත්මකව ජීවිතය පවත්වාගෙන යාමට අවස්ථාව උදාවේ. හොඳ නරක පිළිබඳව හොඳින් වැටහෙන දිනයකි. ඒ ලෙසම සිතේ සතුටින් සතිය ආරම්භ කිරීමට ද හැකිවේ. තමාගෙන් විටින් විට අන් අයට සිදුවූ අසාධාරණකම් පිළිබඳ වැටහීමක් ඇති කරගන්නා සතියකි.

 

වෘෂ්චික ලග්නය

අධ්‍යාත්මික දියුණුවට මඟ

වෘෂ්චික ලග්නයට අනුව මෙම සතිය ඉතා පුණ‍යවන්ත සතියකි. වැඩිපුර ආගමික කටයුතු කෙරේ සිත යොමුවේ. පෙර කළ පිං මහිමයෙන් බොහෝ අධ්‍යාත්මික දියුණුවට මඟ සැලසේ. තමා අනුන් වෙනුවෙන් කැප වෙනු ඇත. සමාජශීලී බව හා අන් අය අතර කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කිරීමට සමත් සතියකි.

 

ධනු ලග්නය

ආර්ථික මට්ටමේ ඉහළයාමක්

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට මඳ අසනීප තත්ත්වයක් නිසා කටයුතු අඩාලවීමක් පෙන්වුවද සතිය අවසානයේ බොහෝ දෙනෙකුගෙන් ලැබෙන ඇප උපකාර නිසා වඩාත් සතුටුදායක තත්ත්වයකට පත්වේ. ඔබ වෙනුවෙන් ඔබේ වෘත්තීමය දියුණුව සඳහා සමීපතමයින් ඔබට උපකාර කෙරේ. ආර්ථික මට්ටම ඉහළ යයි. ව්‍යාපාර උසස් වේ.

 

මකර ලග්නය

තමාගේ ඉදිරි සැලසුම් සපලවේ

මකර ලග්නයට අනුව මෙම සතිය රැකියා ස්ථානගත සතුටුවිය හැකි තත්ත්වයක් තමාට සතුරුව සිටි අය පවා මිතුරුවනු ඇත. ප්‍රධානීන්ගේ ප්‍රසාදය හා තමා සැලසුම් කළ ව්‍යාපෘතියක් ඇගයීමට ලක්වේ. රූපාලංකාරය වෙනුවෙන් වැඩි කැපවීමක් පෙන්වයි. තමා මඟ නතරකර තිබු ආදායම් මාර්ගයක් යළි විවෘත වන සතියකි.

 

කුම්භ ලග්නය

අධිෂ්ඨානය මල්පල ගැන්වේ

කුම්භ ලග්නයට අනුව මෙම සතිය තමාගේ යුග දිවියේ තිබූ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇත. නීතිමය ගැටලුවකට ස්ථිර විසඳුම් ලැබේ. තමාට ලැබිය යුතු වරප්‍රසාද ඉහළින් ලබෙන සතියකි. රැකියා ආර්ථික දියුණුවට වැඩ සැලසේ. බොහෝ දෙනෙකුගේ ඇප උපකාර නිසා අධිෂ්ඨානය මල්පල ගැන්වෙනු ඇත.

 

මින ලග්නය

හදිසි අනතුරු

මීන ලග්නයට අනුව මෙම සතිය තුළ ඔබට කිසියම් හදිසි අනතුරකට මුහුණ දීමට හේතුවීමට පුළුවන. තුනටියේ ආපදා ඇතිවේ. තම විනෝදගමනක් අනතුරු සහගත තත්ත්වයට හේතුවිය හැක. වාහන අධික වේගයෙන් පැදවීම සුබ නැත. කෙසේ නමුදු සතිය අවසාන භාගය වන විට සතුටුදායක ආරංචි ලැබේ. නිවාස අලුත්වැඩියාවක් සිදු කෙරේ.

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි