ලග්න පලාපල

2021.04.28 දින සිට 2021.05.04 දක්වා
අප්‍රේල් 28, 2021

මේෂ ලග්නය

විවාහ ස්ථානගත සමගිය

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට විවාහ ස්ථානගත සුබවාදී කටයුතු යෙදෙයි. තම සමගියට හේතුවෙයි. නමුත් අඹුසැමි සහසබඳතා අතරට අන්‍යයකුගේ ඇඟිලි ගැසීම නිසා සතිය මැදවනවිට ගැටලු උදාවීමට පුළුවන. ඒ අතරට රැකියා අභිවෘද්ධිය සතිය අවසන් වනවිට දක්නට තිබේ.

 

වෘෂභ ලග්නය

අනාගතය වෙනුවෙන්

උසස් ආයෝජන

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඔබගේ දූ දරු සබඳතා වැඩි දියුණු වෙයි. දරුවන් අපේක්ෂා කරන අයට දරු සම්පත්ද බොහෝවිට තරුණ දූ පුතුන් සිටින අයට ඒ අයගේ විවාහ මංගල කටයුතුද සිදුවන සතියකි. තම අනාගතය වෙනුවෙන් උසස් ආයෝජන සිදු කෙරෙනු ඇත.

 

මිථුන ලග්නය

බොහෝ දෙනෙකුගෙන් පැසසුම්

මිථුන ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. විශේෂ ආගමික කටයුතු රැසකට යොමුවෙයි. බොහෝ දෙනාගේ පැසසුමට ලක්වේ. ආර්ථිකය අතින් උසස් වේ. තමා විසින් කරන පොදු කටයුතු බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වේ. තම ජීවනෝපාය සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවේ.

 

කටක ලග්නය

වාහන - නිවාස ඉඩම් ලාභ

කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට ඔබ ජීවිතයේ සුවිශේෂී කටයුතු රැසක් අත්විඳීමට හැකිවේ. චන්ද්‍රයා 04 හි විරාජමානවීම වාහන, නිවාස හා ඉඩම් ලාභ පෙන්වන පිහිටීමකි. තමා ගන්නා තීන්දු තීරණ සාර්ථක ඒවා වනු ඇත. රැකියා ස්ථානගත අභිවෘද්ධියද පෙනෙන්නට තිබේ.

 

සිංහ ලග්නය

භූමි සම්පත් උදාවේ

සිංහ ලක්නයට අනුව මෙම සතිය ඔබට භූමි සම්පත් උදාවන සතියකි. මහපොළොවේ සම්පත් හිමිවේ. මැණික් ගැරීම් කටයුතු වල නියැලෙන හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කරන අයගේ ලැබීම්වලට හේතුයි. නඩුහබ හා එබඳු නීතිමය ගැටලු තිබූ අයට සහනය උදාවන සතියකි.

 

කල්‍යා ලග්නය

හදිසි ධනලාභ

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබට හදිසි ධන සම්පත් උදාවේ. ලොතරැයි ජය තරග විභාග ජය අත්විඳීමට පුළුවන. තම මව් පාර්ශ්වයේ ඥාතියකු වෙතින් තම දිවියට සුබවාදී සහයෝගයක් ලෙස විශේෂ ධන පරිත්‍යාගයක් සිදු කෙරේ. තම සහායට සිටින කෙනෙකුගේ දුරස්වීමක් නිසා යම් තරමකින් සිය කටයුතු අඩාලවීමට පුළුවන.

 

තුලා ලග්නය

නිර්මාණශීලී බව මතු කෙරේ

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. සිතේ සතුට අභිවෘද්ධිය ඇතිවේ. කලා නිර්මාණ බිහි කිරීමට සුදුසු සතියකි. තම නිදහස් චින්තනය ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ. බොහෝවිට තම යුගදිවියේ සතුට සමාදානය මතු කෙරෙනු ඇත.

 

වෘෂ්චික ලග්නය

පිටරට ගමන්

වෘෂ්චික ලග්නයට අනුව මෙම සතිය ඔබට සිය වාසස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවනු ඇත.

එදිනෙදා කටයුතු මැද කාර්ය බහුලත්වයක් පෙනෙන්නට තිබේ. තමා බලාපොරොත්තු වූ පරිදි පිටරටකට යාමට හැකිවන සතියකි.

තමා විසින් පවත්වාගෙන ආ ව්‍යාපාරික කටයුත්තක් තාවකාලිකව නවතා දැමීමට සිදුවනු ඇත.

ශරීර සෞඛ්‍ය අතින් පාදයේ වළළුකරට අගුණයි.

 

ධනු ලග්නය

උසස් ලැබීම්

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ ඉතා උසස් ලැබීම් මතු කෙරේ.

ව්‍යාපාර ලාභ හා සෞන්දර්ය කටයුතුවල දියුණුව පෙනෙන්නට තිබේ.

ඉතා උසස් ආදායමක ප්‍රතිඵල බුක්තිවිඳීමට හැකිවේ. කලාකාමී අදහස් සපලවේ.

විසිතුරු දේ ඇඳුම් ආයිත්තම් ව්‍යාපාරිකයන්ට සුබයි.

 

මකර ලග්නය

රැකියා අභිවෘද්ධිය

රැකියා ස්ථානගත අභිවෘද්ධිය උදාවේ. තමා විසින් සැලසුම් කළ වෘත්තීය මට්ටමේ ක්‍රියාකාරකම් රැසක් නිසා ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අතර වේතනයේ උසස්වීමක්, උසස් නිලතල හිමිවීමක් පෙනෙන්නට තිබෙන සතියකි. ජලය ආශ්‍රිත කටයුතු කෙරෙහි ප්‍රවේශම් වන්න.

සීතල අධික බව ශරීර සෞඛ්‍යයට හානි පමුණුවයි.

 

කුම්භ ලග්නය

පුණ්‍ය කටයුතු සඳහා මූලිකත්වය

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබගේ ජීවිතයේ ඉතා පුන්‍යවන්ත අවස්ථා රැසකට මුහුණදෙන සතියකි.

නිවසේ දානමය කටයුත්තක් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර දුර පළාතක ආගමික කටයුත්තකට සහභාගි වීමට සිදුවේ.

ඒ කොයිහැටි වෙතත් ධන සම්පත් අතින්ද උසස් වාසනාව හිමිකර දේ.

 

මීන ලග්නය

බාධක රැසක්

මීන ලග්නයට අනුව මෙම සතිය බාධක රැසකට මුහුණ දීමට පුළුවන.

චන්ද්‍රයාගේ හැසිරීම අනුව කොන්දේ තුනටියේ ආපදාවක් නිසා බොහෝ විට සතිය පුරා එක්තැන්වී සිටීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

ආදායම අතින් උසස් වුවද වියදමද ඒහා සමාන වන නිසා සකසුරුවම හුරුවන්න. සතිය මැද වන විට රැකියා ස්ථානගතව පැවති බාධක ඉවත් වේ.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි