කෝවිඩ් මර්දන නිර්දේශ

මැයි 12, 2021

 

කෝවිඩ් මාරයා සදහටම පරදවමු

කෝවිඩ් ආශ්‍රිත පොකුරු බිහිවද්දී මේ වන විට එහි තුන්වන රැල්ලක් අපේ රටේ සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් අරන්. දෛනික ජීවිතවලට බලපෑම්කරමින් ව්‍යාප්තවන කෝවිඩ් වෛරසය නිසා එදිනෙදා කටයුතු අඩපණව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පසුගිය වසර පුරාවට ම අකැමැත්තෙන් වුවත් අපට ඒ සදහා මුහුණ දෙන්නට වෙද්දී අවාසනාවකට මේ වසර ද කෝවිඩ් මාරයා ගිලගනීදෝයි සිතෙන තරම්.

වරින් වර කෝවිඩ් සඳහා වූ විවිධ නිර්දේශ රජය මඟින් ඉදිරිපත් කරද්දී මේ දැක්වෙන්නේ මැයි 01 දා පටන් ක්‍රියාත්මකවන කෝවිඩ් මර්දන මාර්ගෝපදේශයන් ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත Alert Level 3 (සෝදිසි අවදි 3) සඳහා වූ මාර්ගෝපදේශයන් කෝවිඩ් රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ වඩාත් දැඩිව ක්‍රියාත්මක වේ.

 

2021 මැයි 01 සිට ක්‍රියාත්මක කෝවිඩ් මර්දන මාර්ගෝපදේශ

 

01. සමුළු (Conference) / සම්මන්ත්‍රණ (Seminars) / රැස්වීම් (Meetings) / සන්නාම දිවා භෝජන (Brand Lunches) 2021.05.21 දක්වා තහනම්. ඉන් පසුව පවතින කෝවිඩ් තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කරනු ලැබේ.

02. සුපිරි වෙළෙඳසල් (Supper Market), මහා පරිමාණ අලෙවිහල් (Shoppers Malls) , මුල්‍ය ආයතන, රෙදිපිළි වෙළෙඳසල්, සිල්ලර වෙළෙඳසල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25% ක සීමාවට යටත්වය.

03. සංවෘත ස්ථානවල සහ විවෘත ස්ථානවල පවත්වන සාද අංග (Events) සහ මහජන එක්රැස්වීම සඳහා අවසර නැත.

04. ආගමික ස්ථානවල ජනතාව එක්රැස්වීම නොකළ යුතුය.

05. සිනමා ශාලා සහ රංග ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, Pub සහ Bars, Casino සහ රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන (Betting Centers) සහ සම්බාහන ස්ථාන වසා තැබේ.

06. හෝටල්, තානායම් හා ආගන්තුක නිවාස (Guest Houses) ආදියෙහි රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවෙන් 50% ක් වන අතර රාත්‍රී 10.00 පසුව ක්‍රියාත්මක නොකළ යුතුය.

07. කානිවල්, සංගීත සංදර්ශන, වෙරළතීර සාද උත්සව සඳහා අවසර නැත.

08. විවෘත වෙළෙඳසල්, පොළ සහ බේකරි වෙළෙඳසල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවයෙන් 25% යටත්වය.

09. උසාවි - මුළු ධාරිතාවයෙන් 25% දක්වා ජනතාවට පැමිණීමට අවසර ඇත.

10. බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර නැත.

11. පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන, ආධාරක (Tuition) පංති නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.

12. 2021 මැයි 04 දින සිට මැයි 20 දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැ‍ෙබ්. මැයි මස 20 දිනට පසු පවතින කෝවිඩ් තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කෙරේ.