ෆේස්බුක් එකෙන් වෙනස් විදිහට සල්ලි හොයමු ද?

දෙසැම්බර් 16, 2024

ඇත්තටම අද කාලේ ගොඩක් දෙනෙක්ට ෆේස්බුක් නැති ලෝකයක් ගැන හිතාගන්න පුළුවන් ද? හිතන්නවත් බෑ නේද? හැබැයි ඇත්තටම අපිට සෝෂල් මීඩියා නැති ලෝකයක් තිබුණා.

හරි, සෝෂල් මීඩියාවල නරක වගේම හොඳත් තියෙනවා. හැබැයි ඉතින් සෝෂල් මීඩියාවලට ඇබ්බැහි වෙනවා කියන්නේ ආයෙ ජීවිතෙන් සැලකිය යුතු කොටසක් ඒකට ගත වෙනවා කියන එක, හිතන්න බැරි විදිහට වැඩ පාඩු වෙනවා කියන එක තමයි. නිකමට හිතන්න දවසකට පැය දෙකක් සෝෂල් මීඩියාවල ගත කරනවා කියලා. දැන් බලන්න දින තුන්සිය හැටපහ පැය දෙකකින් වැඩි කරලා. පේනවනේ අවුරුද්දකට සම්පූර්ණ මාසෙකටත් වැඩියෙන් සෝෂල් මීඩියාවලට ගත වෙලා කියලා. මෙහෙම කියද්දි අයියෝ අපරාදේ මගේ කාලය කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් අපරාදේ ඒ ෆේස්බුක් එකෙන් කිසිම ප්‍රයෝජනයක් වාසියක් ලාභයක් නොගත්ත එකටයි. මේ කියන්න යන්නේ ෆේස්බුක් ගිහින් සල්ලි හොයන අලුත් සාස්තරේ ගැනයි.

සෝෂල් මීඩියා උපදේශක සූරි ඒ විදිහට සති කිහිපයක්ම ෆේස්බුක් එකෙන් සල්ලි හොයන අමුතු සාත්තරේ ගැන ඔබව දැනුම්වත් කළා.

හැබැයි ඉතින් ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයන්න නම් ඒකට ආසාවක් තියෙන්නම ඕනේ. ඒ ආසාව ඉවර වෙන්නේ ඔයාව බ්‍රෑන්ඩ් එකක් වෙලයි. දවසට පැයක් දෙකක් මේ වෙනුවෙන් කාලය වෙන් කරනවා නම් ඔයාට ලොකු ගමනක් යා හැකියි. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට නම් සෝෂල් මීඩියා එක්ක ඉන්න එක හරිම වාසිදායකයි. තමන්ගේ වෘත්තිය එහෙම නැත්නම් තමන්ගේ එකම ආදායම් මාර්ගය ෆේස්බුක් එක විතරක් කරගත්ත අය ඕ‍ෙන තරම් ඉන්නවා. දැන් ප්‍රොෆෙෂනල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න නම් තමන් කරන රස්සාව අතෑරලා එන්න ඕනැද? ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. තමන්ට කැපවීම තියෙනවා නම්, ජොබ් එකක් කරන ගමන් වුණත් Facebook page එකක් කරලා, ඒක හිට් කරගන්න පුළුවන්. එතනදී තමන්ට අනවශ්‍ය රිස්ක් එකක් ගන්න ඕ‍ෙන වෙන්නෙත් නෑ. තමන්ට යැපෙන්න ජොබ් එකක් තියෙන අතරේම, සීරෝ රිස්ක් එකක්, සීරෝ ඉන්වෙස්මන්ට් එකක් යටතේ අපි ආස කරන දෙයක් කරන්න, කරලා පෙන්නන්න Facebook එක පාට් ටයිම් ජොබ් එක කරගන්න පුළුවන්. හැබැයි මේ ෆේස්බුක් එක ඇතුළේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් හරියටම ඉගෙන ගත්තොත් ෆේස්බුක් එකෙන් සල්ලි හොයනවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්.

Facebook එකෙන් සල්ලි හොයන්න නම් Facebook Bonus, Ads on reels, Instream ads, C.M. Tools හතර තියෙන්නම ඕනේ. Bonus සහ Ads on reels ගැන ඔයා මේ වෙද්දි දැනුම්වත්. අද කතා කරමු Instream ads සහ C.M. කියන ටූල්ස් ගැන.

facebook එහෙම නැත්නම් Meta ආයතනය මඟින් අලුතින්ම හඳුන්වාදී ඇති Creat on Monetization Tool එකට කෙටියෙන් CM Tool කියලා තමයි බොහෝදෙනා කියන්නේ. මීට පෙර මේ Tool එක වෙනුවට තිබුණේ ඉන්ස්ට්‍රීම් ඇඩ් කියන Monetization Tool එක. මෙතැනදී ඔයාලට තිබුණේ ෆ්ලොවර්ස්ලා පන්දාහක් සම්පූර්ණ කරලා, වීඩියෝ එකක් මිනිත්තුවකදී බලන ප්‍රමාණය 60,000ක් දින 60ක් තුළ පෙන්වූ විට තමාගේ page එකට Facebook ආයතනය මඟින් තමන්ට සෙටප් බට්න් එක ලැබෙන්න සලස්වනවා. එතැනදී අපි ඒකට apply කළ විටයි instream ads ටූල් එකට Monetization ලැබෙන්නේ. නමුත් මේ අවස්ථාව මේ වසරේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ඉඳලා අත්හිටුවා තිබෙනවා. ඒ වෙනුවටයි දැන් Creat on Monetization Tool හඳුන්වා දී තිබෙන්නේ. හැබැයි 2025 වසරේ පෙබරවාරි මාසයේදී තමයි අපිට මේ අවස්ථාව ලැබෙන්නේ. Facebook ආයතනයෙන් පෙබරවාරි මාසයෙන් පසුව instream ads මෙන් නියමිත පටිපාටිය සම්පූර්ණ කළ පසු මෙය හිමිවනු ඇත. ඒ නිසා පෙබරවාරි මාසය කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට හරිම වාසිදායක කාලයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කාලය තුළ පේජ් එකක් පටන් අරගෙන හරි මාතෘකාවක් ඔස්සේ පේජ් එක කරගෙන ගිහින් වයිරල් කරගත්තොත් C.M. Tool එක ලැබීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. වැඩි දෙනෙක් නොදන්නවා වුණාට C.M. Tool එකෙන් ලබා ගන්න පුළුවන් වාසි කිහිපයක්ම තියෙනවා. C.M. Tool එක ලැබුණු පේජ් එකකට අපිට පින්තූර upload කරන්න පුළුවන්. ඒ වගේම කෙටි වීඩියෝ වගේම දිගු වීඩියෝ අප්ලෝඩ් කරන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ bonus, ads on reels, instream ads ඔක්කොම එකම page එකට ලැබෙනවා. මේ හරහා C.M. Tool page එකකින් ලංකාවේ සිටම වැඩි ඩොලර් ප්‍රමාණයක් සොයන්න පුළුවන්. හැබැයි මේ tool එක තිබුණා කියලා නිකම් අතට සල්ලි ලැබෙන්නේ නැහැ. ඔයාගේ පේජ් එකේ වීඩියෝස් දාලා රීච් එක හදාගන්න ඕනේ.

ලබන සතියේදී ඔයාගේ ෆේස්බුක් පේජ් එක හිට් එකක් කරගන්නේ කොහොමද කියලා කතා කරමු.

 

උපදෙස් -

ගීත් අංජන සූරියපුර

සහකාර මෘදුකාංග ඉංජිනේරු

ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ

 

[email protected]