වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
එය තවදුරටත් ගැටලුවක් කර ගන්න එපා
රුවැති දියණියක්, කඩවසම් පුතෙක් මවකට රටක් රාජ්‍යයක් වගෙයි. විශේෂයෙන්ම උපන්දා සිට දියණියක හදා වඩා ගන්නේ මුහුණට ලපයකින්වත් කැළලක් ඇති නොවන ලෙසයි.
එහෙත් නව මසක් පුරා ඇඟිලි ගනිමින් බලා සිට දෝතට ගන්නා දරුවාගේ මුහුණේ විකෘතිතාවක් දක්නට ලැබුණොත් මවක ජීවිතය ඇති තුරුම හදවතින් වැලපෙනවා.
වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් තවදුරටත් මුහුණේ දත් සහ හනුවල ඇති විකෘතිතා රුව අවලස්සන කරන හේතුවක් නොවෙයි. ඒත් අවාසනාවකට මවුපියන් වැඩි දෙනෙක් මේ ගැන දැනුවත් නෑ. අපේ රටේ දොළොස් හැවිරිදි දරුවන්ගෙන් 16% ක් අනිවාර්යයෙන් ප්‍රතිකාර අවශ්‍ය වන දත් සහ හනු ආශ්රිත විකෘතිතාවලින් පීඩා විඳිනවා.
මේ සඳහා විශේෂ සුදුසුකම් ලත් විශේෂඥ විකලාංග දන්ත වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්. දන්ත ශල්‍ය වෛද්‍යවරයකු සහ විශේෂඥ විකලාංග දන්ත වෛද්‍යවරයකුගේ වෙනසක් තිබෙනවා.
සෑම විශේෂඥ විකලාංග දන්ත වෛද්‍යවරයෙක්ම දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්. එහෙත් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සීයක් ගත් විට සිටින්නේ එක විශේෂඥ විකලාංග දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් පමණයි.
එනිසා හනු සහ දන්ත ප්‍රතිකාර ලබා ගැනීමේදී විශේෂඥ විකලාංග දන්ත වෛද්‍යවරයකු හමුවීම වැදගත්.
අපේ රටේ සියලුම ශික්ෂණ රෝහල්, පළාත් මහ රෝහල්, දිස්ත්‍රික් මහා රෝහල් හරහා මේ සේවාව නොමිලේම ලබා ගැනීම මහජනතාවට අවස්ථාව උදාකර දී තිබෙනවා.
බෙදුණු තොල් සහ තල්ල සින්ඩ්‍රෝමික තත්ත්ව සඳහා මාපියන් බොහෝ විට පමා නොවී ප්‍රතිකාර ලබා දුන්න ද තවමත් හරි හැටි හඳුනාගෙන නොමැති දන්ත සහ හනු ගැටලු රැසක් තිබෙනවා. එලෙසම දරුවන්ගේ දන්ත විකෘති ඇති කරන වැරැදි හුරු පුරුදු ගැන ද මාපියන්ට වැටහීමක් නැහැ.
සෑම දරුවකුම වයස අවුරුදු අට වන විට හෝ ඊට පෙර විකලාංග විශේෂඥ දන්ත වෛද්‍යවරයකුට යොමු කළ යුතුයි.
කල් ඇතිව පෙන්වීමෙන් වඩාත් පහසුවෙන් ප්‍රතිකාර කිරීමට පුළුවන්. දරුවාට දැනෙන අපහසුතා ද අඩුයි.
තවමත් වැඩි දෙනෙක් හඳුනා නොගන්නා දන්ත ගැටලු මොනවාද?
2019/06/26 තරුණි බලන්න