වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සුළු ආඝාතය මහා ආඝාත අනතුරක පෙර නිමිත්තක්
අනාගත අනතුරක පෙරනිමිති කලින්ම හඳුනා ගැනීමට ලැබෙනවා නම් එය මොනතරම් වාසනාවක්ද? සුළු ආඝාතය හරියට පේන කාරයෙක් වගෙයි. ආඝාතය ගැන කතා කරද්දී සුළු ආඝාතය ගැන නොකියාම බැරි ඒ නිසාය.
මේ පෙරනිමිත්ත අත්දකින්න තරම් සැවොම වාසනාවන්ත නැත. එහෙත් සුළු ආඝාත ලකුණු පහළ වෙලත් එය හරිහැටි හඳුනා නොගත්තොත් එය මැණික් ගලේ පය හැපුණ ද කණා එය හඳුනා නොගැනීම වාගෙයි.
* පුංචි ආඝාතය කියන්නේ මොකක්ද?
පුංචි ආඝාතය ( ටීඅයිඒ / ට්රාන්ස්සියන්ට් ඉස්කිමික් ඇටෑක් ) ලෙස හඳුන්වන්නේ මුහුණේ, අත්වල, කතාවේ හදිසියේම ඇතිවන වෙනස්කම්ය.
මුහුණ – හදිසියේම මුහුණේ එක පැත්තක් පහතට එල්ලා වැටුණොත්, කට ඇද වුණොත්, සිනා වීමට නොහැකි වුණොත් එය පුංචි නැත්නම් සුළු ආඝාතයේ පෙරනිමිත්තක් වීමට ප්රළුවන.
අත් – කෙනකුට අත් එසවීමට නොහැකි නම් එක් අතක දුබල බවක් එස වීමට නොහැකි තරම් හිරිවැටීමක් ඇතිවෙයි නම් සැක කරන්න.
කතාව – කතා කරන විට වචන පැටලෙයි නම් එය ද අවධානය යොමු කළ යුතු ලකුණකි.
2020/02/26 තරුණි බලන්න.