වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
විටමින් D අඩු වුණොත් ඔබ නොසිතන ආබාධ රැසක්
අපේ සිරුර වර්ධනයට වගේ සෞඛ්‍ය සම්පන්ව පවත්වා ගැනීමට බොහෝ පෝෂණ සංඝටක අවශ්‍ය වෙනවා. ඒ අතරින් සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ග ප්‍රධානයි. විටමින් A,B,C ගැන කතා කළත් විටමින් D වල වැදගත්කම පිළිබඳ බොහෝ දෙනා දන්නේ නැහැ. විටමින් D යනු ශරීරයට අත්‍යවශ්‍යම විටමින් වර්ගයක්. එය ඌණ වූ විට ඔබ නොසිතන ලෙඩ රෝගවලට මුල වනවා. නමුත් කාර්යබහුල ජීවන රටාව, සමබල ආහාර වේලක් නොගැනීම, කෘත්‍රිම ආහාර වර්ග සහ ක්ෂණික ආහාරවලට හුරු වීම වැනි කාරණා නිසා මේ වන විට බොහෝ දෙනා අතර විටමින් ඩී ඌනතාවය පවතිනවා.
විටමින්වල ප්‍රධාන කාර්යයභාරයන් මොනවාද ?
කැල්සියම් අවශෝෂණය කර ගැනීම සහ අස්ථි සෞඛ්‍යයට සහය වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම, සෛල වර්ධනයට උපකාරී වීම, ආතරයිටිස්, සමේ රෝග වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට උපකාරී වීම. රුධිර පීඩනය පාලනය කිරීම, හෘදවාහිනී සෞඛ්‍යයට සහය වීම. මාංස පේශීන් ශක්තිමත් කිරීම ආදී බොහෝ වාසි ප්‍රමාණයක් විටමින් D මඟින් ලැබෙනවා.
විටමින් D ඌනතාවය ඇති වන්නේ කොහොමද?
විටමින් D ඌනතාවය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක දෙකක් බලපානවා. ඔබ ආහාර වේල් මඟින් හෝ හිරු එළිය මඟින් ප්‍රමාණවත් තරම් විටමින් D ලබා නොගැනීම සහ ශරීරය මගින් ප්‍රමාණවත් තරම් විටමින් D අවශෝෂණය කර නොගැනීමයි.
විටමින් D ඌනතාවයේ ලක්ෂණ මොනවාද?
නිතර අසනීප වීම හෝ ආසාදනවලට ලක්වීම විටමින් Dවල වැදගත්ම කාර්යභාරයක් වන්නේ ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යයට සහාය වීම වන අතර, එය රෝග ඇති කරන වෛරස් සහ බැක්ටීරියා වළක්වා ගැනීමට උපකාරී වෙයි.නිතරම හෙම්බිරිස්සාව , උණ සහ විවිධ ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා නම් එය විටමින් D ඌනතාවයේ ලක්ෂණයක් විය හැකියි.
අස්ථිවල සහ කොන්දේ වේදනාව
ශරීරයට ප්‍රමාණවත් තරම් විටමින් D නොලැබීම නිසා අස්ථිවල සහ කොන්දේ වේදනාව ඇතිවීම වැනි තත්ත්වයන්ද ඇති වෙනවා. මන්ද, විටමින් D මඟින් ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීම වැඩි දියුණු කරන නිසා විටමින් D ප්‍රමාණවත් තරම් ලබා ගැනීම මඟින් අස්ථි සෞඛ්‍ය පවත්වා ගැනීමට දායක වීමයි.
හිසකෙස් වැටීම, කැඩීම සහ නිසි ලෙස වර්ධනය නොවීම
නීරෝගි කෙස් කලඹක් පවත්වාගෙන යාම සඳහා විටමින් D ලබා ගැනීම අනිවාර්ය වනවා. අනෙක් අතට, හිසකෙස්වල සෞඛ්‍ය සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය වීමද, කැල්සියම් අවශෝෂණය කර ගැනීම සඳහා විටමින් ඩී අවශ්‍ය වීමද මෙයට හේතුවක්
තෙහෙට්ටුව
තෙහෙට්ටුව විටමින් D ඌනතාවයේ පොදු රෝග ලක්ෂණයකි. මෙය මාංස පේශි දුර්වලතාවය සහ දුර්වල රුධිර සීනි පාලනය ඇතුළු සාධක ගණනාවක් නිසා ඇති විය හැකියි.
අඩු රුධිර පීඩනය
අඩු රුධිර පීඩනය විටමින් D ඌනතාවයේ පොදු රෝග ලක්ෂණයකි. මෙය සිදු වන්නේ විටමින් ඩී ශරීරයේ රුධිර පීඩනය නියාමනය කිරීමට උපකාරී වන බැවිනි.
හෘද ස්පන්දන වේගය වැඩි වීම
හෘද ස්පන්දන වේගය වැඩි වීම විටමින් D ඌනතාවයේ තවත් පොදු රෝග ලක්ෂණයකි. මෙය සිදු විය හැක්කේ විටමින් ඩී ශරීරයේ රුධිර පීඩනය නියාමනය කිරීමට හේතු වන නිසායි.
මාංස පේශි කැක්කුම
මෙය සිදු වන්නේ විටමින් ඩී මාංස පේශි හැකිළීමට අවශ්‍ය කැල්සියම් සහ පොස්පේට් ශරීරයට අවශෝෂණය කර ගැනීමට උපකාරී වන බැවිනි.
දත් දිරායාම
දත් දිරායාම විටමින් D ඌනතාවයේ පොදු රෝග ලක්ෂණයක් ලෙස හැඳින්වෙන්නේ කැල්සියම් අවශෝෂණය සඳහා විටමින් D අවශ්‍ය වන අතර, ප්‍රමාණවත් විටමින් D නොමැතිව දත් දුර්වල හා බිඳෙනසුලු විය හැකි බැවිනි.
ඊට අමතරව නින්ද නොයාම, මානසික අවපීඩනය, ආහාර රුචිය නැති වීම
වැනි තත්ත්වයන්ද විටමින් ඩී ඌනතාවය නිසා ඇති වෙනවා.
විටමින් D බහුල ආහාර මොනවද?
සැමන්, ටූනා, මැකරල්, හුරුල්ලන්, ඉස්සන්, බිත්තර කහ මද, ධාන්‍ය වර්ග, ආමන්ඩ් කිරි, සෝයා කිරි, දොඩම් යුෂ, චීස්, හතු සහ යෝගට් වැනි ආහාර වර්ගවල විටමින් D බහුලයි.
විටමින් D කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය තවත් එක විටමින් වර්ගයක් පමණක් වුණත් එය ප්‍රමාණවත් ලෙස ශරීරයට නොලැබීම මඟින් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා අපි මේ ලිපියෙන් ඔබ දැනුවත් කළ ආකාරයට ශරීරයට ප්‍රමාණවත් තරම් විටමින් ඩී ලබා ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.