ඇඟ නිවෙන්න බාර්ලි බොන්න

මැයි 20, 2024

 

ආයුර්වේදයට අනුව බාර්ලි කියන්නෙ වසර දස දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක් සහිත ධාන්‍ය වර්ගයක්. වසර දහස් ගණනකට පෙර අප රටේද බාර්ලි වගා කළ බවට සාක්ෂි හමුවී තිබෙනවා. බාර්ලි කරල වී කරලට ඉතාමත්ම සමානයි. ලාංකිකයන් අතර වඩාත්ම ප්‍රචලිත බාර්ලි පානයයි. ඉතින් අපි බලමු කොහොමද මෙය සකසා ගන්නේ කියලා .

තම්බාගත් බාර්ලි හොඳින් නිවෙන්නට හැර ලෙමන් හෝ දොඩම් යුෂ මිශ්‍රකර රසවත්කර ගන්න පුළුවන්.

බාර්ලිවලට එළකිරි මුසුකරගත් විට රසවත් පානයක් සාදා ගන්න පුළුවන්. එහෙත් රෝගීන් සඳහා එළකිරි මුසු බාර්ලි සුදුසු වන්නේ නැහැ.

බාර්ලි කබලේ බැද, බාර්ලි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ජලය එකතුකර රසවත් කැඳක් සාදාගන්න හැකියි.

සුප් සාදන විට බාර්ලි ටිකක් එකතුකර ගන්නට පුළුවනි නම් උකු බව,රසවත් බව, පෝෂණය ඉහළ යනවා.

කෙටි කෑම වර්ග සාදා ගැනීමට බාර්ලි පිටි යොදා ගන්නට පුළුවනි. තිරිඟු පිටි සමඟ සමානව බාර්ලි පිටි මිශ්‍ර කළ යුතු වෙනවා. ඒ වගේම මේ දෙවර්ගය මිශ්‍රකර ගැනීමෙන් බාර්ලි රොටී සාදාගන්නට පුළුවන්.

බාර්ලි ඇට පැළකර වෑංජනයක් ලෙසද සකසා ගන්නත් හැකියි.

බාර්ලි අස්වැන්නෙන් වැඩි කොටස මෝල්ට් සෑදීම සඳහා භාවිත කරනවා. කොහොම වුණත් ඖෂධීය ගුණ

අධික දාහය සහ පිපාසය වළකාලයි.

ශරීරයේ හටගන්නා දැවිල්ල සමනය කරයි.

තද උෂ්ණත්වය නිසා ශරීරයට සිදුවන හානිය අවම කරයි.

දියවැඩියාව රෝගීන්ට ඉතාමත්ම ගුණයි.

මූත්‍රා දාහය, මූත්‍රා අඩස්සිය, මූත්‍රා ගල්, ආදී මූත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග සුවපත් කරයි.

රක්ත දෝෂ නසයි.

සෙම අඩුකරන ගුණයෙන් යුතුයි.

ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට බාර්ලි ආශ්‍රිත ආහාර මනා මෙහෙයක් ඉටු කරයි.

මල බද්ධය නවතාලයි.

පිත්තාශය තුළ ගල් හටගැනීමේ අවදානම පහ කරයි.

අස්ථි දිරායාම පාලනය කරයි.

ආම්ලිකතාවය සුව කරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නට සමත් ගුණාංගවලින් යුක්තයි.

ඇමයිනෝ අම්ල සහ විටමින් රැසකින් සමන්විතයි.

ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පියයුරු පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වැළැක්වීමට උපකාර කරයි.

 

මේ දවස්වල පවතින රස්නෙට එක්තරා පිළියමක් ලෙස මේ විදිහට බාර්ලි හදලා බිව්වොත් තවත් අමතර වාසි රැසක් අත්වන බව දැන් ඔබට හැඟී යනවා නේද?