Friday, June 12, 2026
Epaper
Home විශේෂාංගRent එකට කෝට් ගන්න එන්න යන්න Gold Center

Rent එකට කෝට් ගන්න එන්න යන්න Gold Center

by Thanushika

පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ කෙළවර පරණ මත්ස්‍ය වෙළෙඳසල ඔබට මතක ඇති. එහි උඩුමහල වෙන් වෙන්නේ කෝට් කිට් අලෙවිසල් කිහිපයක් වෙනුවෙනි.

කාන්තාවන්ට මංගල උත්සවයකට ආරාධනාවක් ලැබුණම ඔළුවට මහ ලොකු බරක් දැනෙනවා. එදාට ඇඳගෙන යන්නේ මොකක්ද කියලා දෙගිඩියාවකට පත්වෙනවා. වෙඩින් එකකට ඇඳුම් හොයන්න අමාරුම ගැහැනුන්ට කියලා කතාවට කියනවනේ.

දැන් හිතෙනවා පිරිමින්ටත් එහෙම හිතන්න වෙනවා කියලා. මොකද ඔවුන් දිනපතා කෝට් අඳින්නේ නැති නිසා කෝට් එකක් හොයාගන්න ගියහම ලොකු අමාරුවක වැටෙනවා. මෙවර කොටුව විශේෂාංගය ඔබේ ආදරණීය සැමියාට, පෙම්වතාට, පුතාට වගේම සොහොයුරා වෙනුවෙනුත් වෙන් වේ.

පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ කෙළවර පරණ මත්ස්‍ය වෙළෙඳසල ඔබට මතක ඇති. (දැන් නවීකරණයට ලක්ව ඇති Gold Center පිටුපසෙහි) එහි උඩුමහල වෙන් වෙන්නේ කෝට් කිට් අලෙවිසල් කිහිපයක් වෙනුවෙනි.

පිරිමි පාර්ශ්වයට වැඩි අමාරුවක් නැතුව වෙඩින් එකකට යන්න, කාර්යාලයට වගේම විශේෂ හමුවකදී අඳින්න අවශ්‍ය වන ඕනෑම කෝට් එකක් මෙහිදී තෝරාගත හැකියි. ප්‍රාෙයා්ගිකව ගත්තොත් ලංකාවේ පිරිමි කෝට් දාගෙනම ඉන්නෙ නැහැ. රැකියාවට අනුව ටයි දාගෙන හිටියත් කෝට් එකක් නම් දාන්නෙ පෙර කී විශේෂ අවස්ථාවකදී විතරයි. මෙවැනි විශේෂ අවස්ථාවකදී කෝට් එකක් ඇන්දත්, ඒත් ඉතින් බහුතරයක්ම අඳින්නෙ කාගේ හරි එකක්. එවැනි ඉල්ලීම්වලට නොයා මෙම වෙළෙඳ පුරයෙන් ඔබේ අතේ ඇති මුදලට පහසුවෙන්ම කුලී ක්‍රමයට කෝට් ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම රෙඩිමේඩ් ගන්න කොට සහ කෝට් එකක් රෙන්ට් කරනකොට ඒක තමන්ගේ ඇඟට හරියටම ගැළපෙන්න ගන්න ඕනෙ.

අපි ඒ සමඟම කෝට් වර්ග කිහිපයක් ගැනත් කතා කරමු.

1. ක්ලැසික් කෝට් කිට්

හැමෝම කියන විදිහට කෝට් එක දාලා, නැතිනම් ෆුල් සූට් එකෙන් වෙඩිමට යනවා නම්, ජනප්‍රියම ක්‍රමය තමයි කෝට් එකේ පාටෙන් සහ රෙද්දෙන්ම මහපු කලිසමට හොඳ ෂර්ට් එකක් යටකරලා ඇඳලා, ඒකට ටයි පටියක් දාලා යන එක. මේ කිට් එකට ඇත්තටම කියන්න පුළුවන් සෙමි-ෆෝමල් හරි ෆෝමල් හරි ඩ්‍රෙස් එකක් කියලා. මේ විදිහට අඳිනවා නම් මතක ඇතුව ටයි පින් එකක් එහෙම ගහලා, කෆ් ලින්ක්ස් දාලා යන එක මරු. ඕ‍ෙන නම් ෂර්ට් එකට පස්සේ වෙස්ට් කෝට් එකක් අඳින්නත් පුළුවන්. මේ කිට් එක ඇත්තටම තමන්ගේ ඇඟට ගැළපෙන විදිහට මහලා තියාගන්න එක හොඳයි.

2. බ්ලැක් ටයි කිට්

මේ කියන්නේ කළු පාට ටයි පටියක් ගැන නෙවෙයි, බෝ ටයි එකක් ගැන. ඇත්තටම මෙතැන ටයි කියලා කියන එකට අපි කියන්න පුරුදු වෙලා ඉන්නේ බෝ එක කියලා. බ්ලැක් ටයි කිට් එකක නියම පෙනුම මතුවෙන්න නම් ඒකට හරියටම ඇඟේ ගාණට මහලා තියෙන්න ඕ‍ෙන.

3. කැෂුවල් ෆුල් සූට්

මෙන්න ටක්සිඩෝ එකක් ගෙදර තියෙන කෙනෙක්ට ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් වෙඩින් ෆැෂන් එක. ටක්සිඩෝ කෝට් එක එක්ක ඕ‍ෙන නම් ඩෙනිමක් අඳින්න පුළුවන්. ෂර්ට් එක සාමාන්‍ය චෙක් හෝ ලයින් තියෙන එකක් බැරිනම් මල් මල් එකක් වුණත් කිසිම ගැටලුවක් නෑ. හැබැයි ටයි පටි හරියන්නෙ නෑ. ගොඩක් වෙලාවට ෂර්ට් එකේ උඩ බොත්තමක් දෙකක් ඇරලා තමයි මේ ෆැෂන් එක හරියන්නේ.

4. සරොම් කිට්

මෙන්න තවත් අතිශයින්ම පහසු, සරල, සුගම වෙඩින් ෆැෂන් එකක්. සරමයි, නැෂනල් එකයි නැතිනම් ෂර්ට් එකයි.

ගොඩක් වෙලාවට ශරීර ප්‍රමාණය අඩු – වැඩි වෙන අය මේ සරොම් කිට් එකට බොහොම මනාපයි. ඒකට හේතුව තමයි සරොම් කිට් එක අඳින්න ඇඟේ සයිස් එක අඩු වැඩි වෙන එක කේස් එකක් නැතිම වීම.

5. වෙස්ට් කිට්

වෙස්ට් කියලා කිව්වහම අමුතුයි වගේ ද? එහෙමනම් වෙට්ටිය දැකලා තියෙනව ද? ඇත්තටම සාම්ප්‍රදායික දමිළ පිරිමි ඇඳුම වෙන වෙස්ට් නැතිනම් වෙට්ටි එක ගොඩක් දෙනෙක් ඇඳලා පුරුදු ඇඳුමක් නෙවෙයි.

වෙට්ටි එක එන්නේ සුදු හෝ ළා පාටකින් ගොඩක් වෙලාවට. හැබැයි ඒක රත්රන්, රිදී පාට බෝඩර්වලින් අලංකාර වෙලා තියෙන්නේ. දැන් මේකට ඕ‍ෙන නම් ළා පාටටම කුර්තා ෂර්ට් එකක් හෝ සාමාන්‍ය ෂර්ට් එකක් අඳින්න පුළුවන්. හැබැයි වෙට්ටියත් එක්ක වඩාත් ගැළපෙන්නේ තද පාටක ෂර්ට් එකක්.

6. ඉන්දියන් කුර්තා කිට

සාමාන්‍යයෙන් දැන් ඉන්දියන් ෆැෂන් වෙඩින්වලට අඳින එක වැඩි වැඩියෙන් දකින්න ලැබෙන දෙයක්. මේ කිට් එකකදීත් කුර්තා ෂර්ට් එක සහ ඒකටම ගැළපෙන කලිසමක් තමයි එන්නේ.

7. ඩෙනිම් ඇන්ඩ් කුර්තා ටොප්

මේකට හැබැයි අර රන්, රිදී, රතු, කහ, කොළ නූල්වලින් දරුණුවට වැඩ දාපු කුර්තා ටොප් හරියන්නෙ නෑ. හැබැයි ඊට වඩා බොහොම චාම් ප්‍රමාණයකින් වැඩ දාපු, ගොඩක් වෙලාවට තනි පාටින් තියෙන, බොහොම ලස්සන කුර්තා ටොප් සාමාන්‍ය පිරිමි විලාසිතා කඩයක වුණත් තියෙනවා. දැන් මේකට ගැළපෙනවා ඩෙනිම් කලිසමක්. ඒකට තමන් කැමැති විදිහක හොඳ සපත්තු හෝ සෙරෙප්පු ජෝඩුවක් දැම්මත් කමක් නෑ.

PIX BY –  ජූඩ් ඩෙන්සිල්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?