Thursday, May 7, 2026
Epaper
Home විශේෂාංගනැකත ශුභද?

නැකත ශුභද?

by Shanaka Lakehouse

අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා නැකැතට වැඩ කරන ඔයාට මට දෙයක් කියන්න ති‍ෙයනවා. කියන කරන හැමදේම කරන්න නැකත එනකන් ඉන්නේ නැතුව සමහර වෙලාවල් ඔයාටම සුබ කරගන්න වෙනවා. මොකද නැකැත එනකම් හිටියොත් වෙන්න ඕනි දේවල් වෙලා ඉවරවෙන්න පුළුවන්නේ.

අර ඉස්සර කතාවල් වල වගේ හූනා චුක් චුක් ගෑවා කියලා, පටන්ගත්ත දේ තාමත් ඔයා නවත්තනවනම්, කළු පූසෙක් හම්බුනා කියලා පටන්ගත්ත හිටපු දේ තාමත් ඔයා නවත්තනවනම් මම හිතන්නේ ඔයා තාමත් අර යල් පැන ගිය අතීතේ ජීවත් වෙන කෙනෙක්. අපේ අතීතේ මුතුන් මිත්තෝ කියන දේවල් සම්පුර්ණයෙන්ම අයින් කරන්න කියනවා නෙවෙයි මම. ඒ දේවල් අද දවසට ප්‍රැක්ටිකල් ද කියලා ඔයාට ටිකක් හිතලා වැඩ කරන්න පුළුවන්නම් වටේ වෙන දේවල් නිසා ඔයාගේ වැඩ කල් දාගන්න ඕනි වෙන්නේ නෑ කියන එකයි මේ කියන්නේ.

ඔව් නැකැතට කිරි උතුරන්න ඕනි..ඒ දේවල් අපේ චාරිත්‍ර වාරිත්‍ර..හැබැයි එහෙම පටන්ගන්න අලුත් අවුරුද්ද සුබ කරගන්න ඒ උතුරලා ගියපු කිරි එකට විතරක් බෑ.. ඔයාට අවුරුද්ද සුබ කරගන්න පුළුවන් වෙන්නේ ඒ අවුරුද්ද පුරාවට ඔයාගේ ටාගට්ස් ඇචීව් කරගන්න වැඩ කරොත් විතරයි. එහෙම නැතුව හතර පැත්තටම කිරි ඉතිරුණත් ඔයා කම්මැලියෙක් නම් අලුත් අවුරුද්ද සුබ නොවෙන්න පුළුවන්. ඉතින් එහෙනම් එළඹෙණ අලුත් අවුරුද්දේ හැම මොහොතම සුබ වෙන්න කියලා මම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.

 

TEXT – මැන්ඩි සිල්වා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?