DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමින් 24වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.
මේ වසරේදී මුළු දිවයිනම නියෝජනය වන අයුරින් පාසල් වොලිබෝල් කණ්ඩායම් 3500ක් පමණ සහභාගි වනු ඇත. වයස අවුරුදු 11න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා වශයෙන් මෙවර DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පැවැත්වේ.
දිස්ත්‍රික් තරග ජූනි 10 සිට අගෝස්තු 10 දක්වා සති අන්තවලද, ජාතික මට්ටමේ තරග ඔක්තෝබර් 01 දා සිට 05 දා දක්වා සහ අතිරේක තරග ඔක්තෝබර් 15 සිට 19 දක්වා ද පැවැත් වේ. අවසන් මහා තරග නොවැම්බර් 14 සහ 15 දෙදින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
