Saturday, June 13, 2026
Epaper
Home විශේෂාංගමත්ද්‍රව්‍යයට එරෙහි ‘Say No’ බලවේගයට අම්මලාත් පණ දෙයි

මත්ද්‍රව්‍යයට එරෙහි ‘Say No’ බලවේගයට අම්මලාත් පණ දෙයි

by Shanaka Lakehouse

මෙවර ජාතික තරුණ දිනය “Say No අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ දිවයිනපුරා සැමරුණේ තරුණ පරපුර පමණක් නොව, සමස්ත පවුල් පද්ධතියම අවදි කළ ජාතික ව්‍යාපාරයක් ලෙසිනි. විශේෂයෙන් වත්මන් කාන්තා පරපුරට මෙම වැඩසටහන ලබා දුන්නේ අලුත් පණිවුඩයකි. ඒ, දරුවන්ගේ අනාගතය රැකගැනීමේ පළමු බලවේගය මව බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික තරුණ දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් අවධාරණය වූයේ තරුණ පරපුර රටේ අනාගතය බවත්, ඔවුන් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවත්ය. එම පණිවුඩය අද බොහෝ මවුවරුන්ගේ හෘද සාක්ෂියටත් අදාළ වී තිබේ.

අද සමාජයේ මත්ද්‍රව්‍ය උවදුර වේගයෙන් පැතිර යන අතර, එහි වැඩිම බලපෑමට ලක් වන්නේ තරුණ පරපුරයි. පාසල් දරුවන්ගේ සිට විශ්වවිද්‍යාල තරුණයන් දක්වා මෙම උවදුරට ගොදුරු වන අවස්ථා වැඩිවීම කාන්තාවන්ට විශාල වේදනාවක් බවට පත්ව ඇත. මවකගේ සෙනෙහස, අවධානය සහ නිවැරදි මඟපෙන්වීම දරුවකු මත්ද්‍රව්‍යයෙන් ඈත් කර තැබීමට ඇති විශාලතම ආරක්ෂාවක් බව විශේෂඥයෝ ද පෙන්වා දෙති.

“Say No” වැඩසටහන හරහා තරුණයන් පමණක් නොව, මවුපියන්, ගුරුවරුන් සහ සමාජ නායකයින් ද එක් කර ගැනීම මෙවර වැඩසටහනේ විශේෂත්වයකි. විශේෂයෙන් කාන්තාවෝ සමාජයේ සදාචාරමය වටිනාකම් ආරක්ෂා කරන ප්‍රධාන පිරිසක් ලෙස මෙහිදී ඉදිරියට පැමිණ සිටිති.

අද කාන්තාවකට ඇත්තේ හුදෙක් තම පවුල රැකගැනීමේ වගකීම පමණක් නොවේ. සමාජයේ අනාගතය බේරාගැනීමේ ජාතික වගකීමක් ද ඇය භාරගෙන සිටියි. එබැවින් “Say No” යනු තරුණයන්ගේ හඬක් පමණක් නොව, අම්මලාගේ ප්‍රාර්ථනාවක් ද බවට පත්ව තිබේ.

 

TEXT – ශ්‍යාමලී රත්නායක පන්නිපිටිය සමූහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?