ජ්‍යොතිෂ ගැටලු

නොවැම්බර් 18, 2024

 

විවාහය ගැන සැකයක්

 

මගේ ශරීරයෙන් ඉතා දුගඳක් හමයි. හිස් හොරි ද සැදී ඇත. විවාහයක් පිළිබඳ සැකයක් ද තිබේ. අනාගතය කෙසේ වෙයිද?

 

මාලඹේ - ප්‍රියංක

 

උපතින්ම ඔබ කේතු හා ශනි අපලදායී ලෙස පිහිටා තිබෙන නිසා මෙම තත්ත්වයට මුහුණ පා සිටියි. ශරීරයේ ඉතා උෂ්ණ ගතිය පිහිටයි. උපතින් ඇති ග්‍රහ දෝෂ නිසා පිරිසුදුව සිටීමත් දිනපතා ස්නානයටත් මැළි වෙයි. සිත දැඩි කරගෙන දිනපතා ස්නානය කිරීමටත්, ඇඟ විරේක කෂාය ලබා ගැනීමත් වෛද්‍ය විද්‍යාවට අනුව අනුකූල වෙයි. ජ්‍යොතිෂයට අනුව හොඳින් පිරිසුදුව සෙනසුරාදා දින 14 ක් බෝධි පූජා පවත්වන්න. විෂ්ණු, දැඩිමුණ්ඩ, ගම්භාර දෙවියන්ට භාර වෙන්න.

 

සැමියාගේ රෝගී තත්ත්වය

 

මාගේ ස්වාමියා වසරක සිට රෝගී තත්ත්වයෙන් පසුවෙයි. දැන් ඔහු අසාධ්‍ය තත්ත්වයේ සිටියි. ඉදිරියේ කුමක් සිදුවේද?

 

කැකිරාව - වසන්ති පෙරේරා

 

මොහුට සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකය හා අෂ්ටම ඒරාෂ්ඨකය ගෙවී යයි. මෙම වසරේ දෙසැම්බර් මස 25 පැන්නීම ඉතා අසීරු බව සඳහන් කරමි. කල් ඇතිව කළ යුතු දෙයක්. සියල්ල අවසන් කිරීමෙන් පසු එය නිවැරදි කිරීම අපහසු ක්‍රියාවකි. නමුත් හැකි ඉක්මනින් සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන දින 21ක් පවත්වන්න. නවතෙල් පහන් 108ක් දල්වන්න. රෝගියාගේ උසට සුදු මල් මාලයක් අමුණා එයට වයස අනුව නිල්මල් අමුණා බෝධියට පූජා කරන්න. බලු කපුටු දානයක් දී විෂ්ණු දෙවියන්ට භාර වෙන්න.

 

මහණ වීමට සිතෙයි.

මාගේ ජීවිතය එපා වී තිබේ. මහණ වීමට සිතෙයි. මහණ දිවියට මා ගැළපෙයි ද?

 

රාජගිරියේ - ලලනා

 

ඔබගේ හඳහනේ උපතින් කේතු හතේ පිහිටයි. රවි චන්ද්‍රයා සමඟ නීච වී තිබේ. ඇත්තෙන්ම ඔබට හුදෙකලා ජීවිතයක් මිස ලෞකික ජීවිතයේ විවාහය නොගැළපෙයි. මහණ නොවුණත් එවැනි වූ හුදෙකලා දිවියකට හුරුවීම වඩාත් යෝග්‍ය වේ. ඊට පසු මහණ වීම ඔබ තීරණය කරන්න.

 

අධ්‍යාපනය පිළිබඳ සැකයක්

 

මගේ ඉගෙනුමට විවිධ බාධා ඇතිවෙයි. ඉදිරිය ගැන බියක් ද ඇත. මගේ අධ්‍යාපනය කෙසේ වෙයි ද?

අම්පාර - පියුමාලි

 

කුජ, රවි, කේතු හත්වැනි කොටුවේ සිටින ඔබ කේන්දරයට අනුව මේ වනවිටත් උසස් අධ්‍යාපනය හදාරන අයෙක් බව කිව හැකියි. අනිවාර්යයෙන් ගුරු වෘත්තිය ඔබට පිහිටයි. බිය, සැක සංකා හිතේ නොතබාගන්න. හැකි සෑමවිටම බෝධි පූජා තබන්න. දුප්පත් දරුවන්ට පොතපත පරිත්‍යාග කරන්න. අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න. ජය සිකුරුයි.

 

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.