වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගෙවතු වගාවට අවශ්‍ය ශාක ප්රතිකාරක නිවෙසේදීම හදමු
නිවෙසටම වී ගතකරන කාලය මසකටත් වඩා වැඩියි. වෙනදා කාර්යබහුල ජීවන රටාවකට කොටුවූ බොහෝ දෙනකුට හරි අපූරු නිවාඩුවක් ලැබුණා.
ඉතින් ඒ ඵලදායී කාලවකවානුවක් බවට පත්කරමින් වැඩිදෙනකු ගෙවතු වගාවට යොමුවීමත් තවත් අපූරු සිදුවීමක් වූවා.
තමා ජිවත්වන කුඩා බිම්කඩ තුළ පවා විවිධ වගා ක්‍රම අනුගමනය කරමින් මොනයම් හෝ දෙයක් වගා කිරීමත් ඇත්තටම කොයිතරම් දෙයක්ද?
විශේෂයෙන්ම වගා ලූණු , වගා රාක්ක, වගා පැළලි ආදී විවිධ ක්‍රම මෙහිදී උපයෝගී කරගත හැකි අතර තම නිවෙසේ එදිනෙදා පරිහෝජනයට අවශ්‍ය පලා, එළවළු, මිරිස්, කරපිංචා, රම්පෙ වැනි දේ වගා කරගන්නට හැකි වීමත් හරිම ප්‍රයෝජනවත් නේද? එමඟින් වස විසා ආදියෙන් තොර නැවුම් පලාවල, එළවළුවල රස මිහිර විඳගැනීමටත් හැකියාව ලැබෙනවා.
පොහොර භාවිතය
මේ ආකාරයට නිවෙසක කුඩා පරිමාණයෙන් සිදුකරන වගාවකට රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයක් කොහෙත්ම අවශ්‍ය නොවේ. ගෙවත්තේ වැටෙන කොළරොඩු ආදිය මෙන්ම දිනපතා මුළුතැන්ගෙයින් ඉවතලන දිරාගිය අපදව්‍ය කුණු වළකට හෝ බඳුනකට එකතුකර වස විසෙන් තොර කාබනික පොහොරක් සාදාගත හැකියි.
සාමාන්‍යයෙන් මෙවැනි වගාවකදී ඔබට මතුපිට පස් සමඟ මෙලෙස සකසා ගත් පොහොර පස්, කොළ රොඩු ආදිය එකට මිශ්‍රකර වගා මාධ්‍ය සකසා ගතහැකියි. අනතුරුව වරින්වර අවශ්‍ය පරිදි සකසාගත් මේ කොම්පෝස්ට් යොදන්න.
කෘමිනාශක ආදේශන
ඒ වාගේම මෙවැනි වගාවකදී ඔබ මුහුණ දෙන අනෙක් ගැටලුව බවට පත්වන්නේ කෘමි හානි ඇතිවීමයි. ඊට අමතරව කොළකොඩ වීමේ රෝගයට ද ඇතැම්විට මුහුණදීමට සිදුවේවි.
එයට ඉතා සාර්ථක විසඳුමක් ලෙස ගෙදරදීම සකසාගත හැකි ආදේශක කිහිපයක් අප සඳහන් කරන්නම්.
සබන් වතුර
ජලයේ දියකරගත් සබන් හෝ සබන් කුඩු දියර මේ සඳහා ඔබට භාවිත කළ හැකියි. මෙහිදී ද්‍රාවණයේ සබන් ප්‍රමාණය අඩුවෙන් තිබීම වැදගත්.
ළිපේ අළු
නාගරික ජීවිත ගතකරන බොහොමයක් ගෘහණියන් ගෑස් හෝ විදුලිය භාවිතකරන බැවින් ඔවුනට නම් මෙය ප්‍රායෝගික නොවේ.
නමුත් තවමත් දර ළිපක ඉවුම් පිහුම් කරන ඔබට මේ අළු සපයා ගැනීම එතරම් ගැටලුවක් නොවේවි. මෙහිදී පිලිස්සුණු අළු ළිපෙන් පිටතට ගෙන ඒවායේ ලොකු අංශු ඉවත්කර සකසාගන්න.
දුන්කොළ/ කොහොඹ කොළ ද්‍රාවණය
සාමාන්‍ය දුන්කොළයක් ජලය ලීටර් 05 ක (ගැලුම් 01ක) දමා පැය 02 ක් පමණ ගින්දර දමා උණු කරගන්න. ඉන්පසුව හොඳීන් නිවුණු පසුව වෙනත් භාජනයකට දමන්න.
භාවිතය
මෙලෙස සකසාගත් ද්‍රාවණයන් ස්ප්‍රේ බෝතල්වලට දමා ස්ප්‍රේ කළහැකියි.
මෙම ද්‍රාවණයෙන් කොළකොඩවීමේ රෝගයට මෙන්ම මයිටෑවන්, කූඹිත්තන්, කුහුඹුවන් ඇතුළු වගාවට හානිකරන කෘමීන් සඳහා යොදාගත හැකියි.
එමෙන්ම මේවායින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට නම් නිවැරැදිව ඒවා භාවිත කිරීමත් ඉතා වැදගත්.
ඔබ මුලින්ම වගාවට ස්ප්‍රේ කළයුත්තේ සබන් වතුර ද්‍රාවණයයි.
දින 05 ක් ගතවු පසුව ළිපේ අළු ගෙන අතින් මුළු ගස පුරාම විසිරී යන ආකාරයට ගසන්න. ශාක පත්‍ර යටි පැත්තෙන්ද ගසන්න.
නැවත දින 05 ක් ගතවූ පසුව දුන්කොළ හෝ කොහොඹ මිශ්‍රණයෙන් එක කොටසක් ගෙන එය ජලය කොටස් එකක් හා මුසුකොට වගාවට ඉසින්න.
මෙමඟින් ඔබට කෘමි සතුන්ගේ හානියකින් තොරව හොඳීන් වැඩුණු වගාවක් හිමිකරගත හැකියි.
මෙවැනි සරල කෘෂි වගා ක්‍රම අතීතයේදී අප රටේ බහුලව භාවිත වූ අතර ඒවා අදද භාවිතයට ගෙන විස්මයජනක ප්‍රතිඵල ලබාගත හැකියි.
උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ
ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ
රංජිත් කළුආරච්චි