වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සාප්පු ගිහින් කෝවිඩ් ගෙදර ගේන්න එපා
මේ සාප්පු සවාරි උමතුව රජ කරන කාලයයි. “සේල්” යන අකුරු දෙක ඉදිරියේ අපේ සමහර කාන්තාවන්ට තමන් හුස්ම ගන්නා බව පොළොවේ පය ගසා සිටින බව, මතක නැහැ. ඒත් කෝවිඩ් - 19 රජ කරන මෙවන් කාලයක එසේ හැසිරුණොත් පවුලම සමාජයම විනාශයි.
වසංගත සමයක ඇඳුම් සාප්පු යාම මොනතරම් භයානකද? රෙදිවලින් ලෙඩේ බෝ වෙන්න පුළුවන්ද? මුදල් ගනුදෙනු භයානකද? මෙවැනි දහසක් කරුණු හිතේ පැන නඟිනවා.
සාප්පු සවාරි යාමේ පුරුද්දෙන් අත්මිදෙන්නට බැරි නම් යාම අත්‍යාවශ්‍ය නම් සාප්පුවේදී දුරස්ථ භාවය පවත්වා ගන්න. අවම වශයෙන් අනෙක් පාරිභෝගිකයාගෙන් අඩි 6 ක් වත් දුරින් සිටින්න.
තමන් ගන්නා දේ ගැන නිවෙසේදීම සැලසුම්කර ගන්න. සමහර ඇඳුම් සාප්පුවල ඇඳුම් විලාසිතා මහමඟ ගමන් කරන්නන්ට පෙනෙන සේ ඩමිවලට අන්දවා තිබෙනවා. ගන්නා ඇඳුම් ගැන තීරණය කිරීමේදී කවුළුවෙන් බලා ගන්නා (වින්ඩෝ ෂොපිං) තීරණ ද වැදගත් වීමට පුළුවන්. හැකි තරම් අඩු කාලයක් සාප්පුවේ සිට අවශ්‍ය දේ ගැනීමට තරම් කාන්තාවන් කාර්යශූර සහ සූක්ෂම විය යුතුයි. පවුලේ සියල්ලන්ම කැඳවා ගෙන වන්දනාවේ යන්නාක් මෙන් සාප්පු සවාරි යාම නම් මෙවර නො කළ යුතු දෙයක්.
අත් ආවරණ පැලඳීම ආරක්ෂක පියවරක් වන නමුත් ශල්‍ය ( සර්ජිකල් ) මුව ආවරණ මෙන් මේවා ද සාප්පු ගොස් නිවෙසට පැමිණි පසු සෞඛ්‍ය ආරක්ෂිත ලෙස බැහැර කළ යුතුයි.
කොරෝනා වෛරසය වැනි වෛරස් වැඩි කාලයක් රැඳී පවතින්නේ මෘදු, තද මතුපිටවලයි. උදා - දොර අගුළු රෙදිවල වෛරස් රැඳී තිබෙනවා අඩුයි.
මෘදු කුහර සහිත රෙදි වැනි තැන්වල ඕනෑම වෛරසයක් රැඳීමට ඇති ඉඩ අඩුයි. වෛරසයේ දියර ගතිය ද රෙදි මඟින් උරා ගනු ලබනවා.
කොහොම වුණත් සාප්පු ගොස් ඇඳුම් දිග හැර ගැසීම වැනි දේ නො කළ යුතුයි. විසබීජ පරිසරයට එකතු වන්න පුළුවන්.
කෙතරම් හිත ගිය ඇඳුම් පැලඳුම් තිබුණ ද දෑත් සෝදා ගැනීමට සබන්, සැනිටයිසර් තබා නැත්නම්, දුරස්ථ භාවයක් සාප්පුව තුළ පවත්වා ගන්නේ නැත්නම් එවැනි සාප්පුවකට නොයා යුතුයි.
ඇඳුම් ගොඩක් එකම සාප්පුවකින් එකවර මිලදී ගන්නවා නම් නිවෙසින්ම බෑගයක් රැගෙන යන්න.සාප්පු සවාරියේ යෙදෙන කිසිදු විටක මුහුණ නම් අල්ලන්න එපා.
මේ කාලයේ මුදල් නෝට්ටුවලින් කෙරෙන ගනු දෙනුවලට වඩා වැදගත් වන්නේ කාඩ්පත් මඟින් කෙරෙන ගනු දෙනුයි. කාසි - නෝට්ටු මත පතිත වන සජීවී විසබීජය දින කිහිපයක් නෝට්ටු සහ කාසි මත රැඳෙන්න පුළුවන්. නීරෝගි පුද්ගලයකු මේවා ඇල්ලූ විට විසබීජය අත්වල තැවරෙන්න පුළුවන්. ඒත් සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිනවා නම් විසබීජ ශරීරගත වන්නේ නැහැ. පරිසරයේ උෂ්ණත්වය විසබීජය කොපමණ වේලා පවත්නවා ද කියා තීරණය කරන එක් සාධකයක්. උෂ්ණත්වය වැඩි නම් ඉක්මනින් විසබීජය විනාශ වෙනවා. තෙතමනය සහිත පරිසරයක ද විසබීජ වැඩි කාලයක් රැඳී පවතිනවා. හිරු එළියට නිරාවරණය වීමෙන් විසබීජය පහසුවෙන් විනාශ වෙනවා. විසබීජනාශක දියරවලින් නෝට්ටු පිරිසුදු කිරීම නම් නො කළ යුතු දෙයක්. එයින් නෝට්ටුවේ ආරක්ෂිත ලකුණු විනාශ වෙන්න පුළුවන්. සෑම ගනුදෙනුවකටම පසුව සබන් ගා දෑත් සේදීම ඉතා වැදගත්.
ඇසට කොරෝනාවෙන් අපලයි
ඇස් මඟින් ද නව කොරෝනා වෛරසය ආසාදනය වීමට පුළුවන්. ඇස් රතු වන්නේ, ආලෝකයට සංවේදී වන්නේ, ඇස් සම්බන්ධ අනෙකුත් සෞඛ්‍ය ගැටලු මතු වන්නේ කෝවිඩ් - 19 ආසාදනය නිසා වීමට පුළුවන්. එහෙත් නාසයෙන් මුවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වීම ගැන තරම් ඇස් මඟින් රෝගය ඇති වීම ගැන කතා කෙරෙන්නේ නැහැ. රෝග ලකුණු පහළ වී දෙසතියක් ඇතුළත ඇස් රතු වීම, ආලෝකයට සංවේදී වීම වැනි වැනි ලකුණු ඇතිවෙනවා. ඒ වාගේම ඒ ලක්ෂණ සති දෙකකට අඩු කාලයක් පවතිනවා.
ඇසට කොරෝනාවෙන් අපලයි
ඇස් මඟින් ද නව කොරෝනා වෛරසය ආසාදනය වීමට පුළුවන්. ඇස් රතු වන්නේ, ආලෝකයට සංවේදී වන්නේ, ඇස් සම්බන්ධ අනෙකුත් සෞඛ්‍ය ගැටලු මතු වන්නේ කෝවිඩ් - 19 ආසාදනය නිසා වීමට පුළුවන්. එහෙත් නාසයෙන් මුවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වීම ගැන තරම් ඇස් මඟින් රෝගය ඇති වීම ගැන කතා කෙරෙන්නේ නැහැ. රෝග ලකුණු පහළ වී දෙසතියක් ඇතුළත ඇස් රතු වීම, ආලෝකයට සංවේදී වීම වැනි වැනි ලකුණු ඇතිවෙනවා. ඒ වාගේම ඒ ලක්ෂණ සති දෙකකට අඩු කාලයක් පවතිනවා.
වෙරසය කාන්තාවන්ටයි පිරිමින්ටයි සලකන්නේ දෙවිදියකටයි
කාන්තාවන්ට වඩා පිරිමින් නව කොරෝනා වෛරසයට ගොදුරු වූ විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේ අවදානම තෙගුණයකින් ඉහළ යන බව මේ වසරේ ජනවාරියේ සිට ජුනි දක්වා කළ අධ්‍යයන මඟින් හෙළිවී තිබෙනවා. රෝගය ආසාදනය වීමට ගැහැනු පිරිමි වෙනසක් නැතත් ආසාදනය වූ පසු පිරිමින් රෝහල්ගත වීමට සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමට තිබෙන ඉඩ වැඩියි. කාන්තාවන්ගේ සිරුරින් නිපදවෙන ප්‍රෝටීනයක් මඟින් ආසාදිත සෛල මරා දමන අතර ප්‍රතිදේහ නිපදවීම වැඩි කරනවා. ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය පිරිමින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධා සිදු කරනවා. දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පීඩා විඳින්නන් ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට සිදු වන වාර ගණන වැඩියි. ඊට ගැහැණු පිරිමි භේදයක් නැහැ.
තොග ගණනින් වෛරස ඇත්තේ කාටද?
සිරුරේ පවතින වෛරස් එකතු නැත්නම් වෛරස් ලෝඩ් ගැන නිතර කතා බහ කෙරෙනවා. වෛරස් ලෝඩ් කියන්නේ කෙනකුගේ රුධිරයේ ඇති වෛරස් ප්‍රතිශතයයි. වෛරස් ප්‍රතිශතය වැඩි නම් අනෙක් අයට බෝ වෙනවා වැඩියි. වෛරස් එකතුව මනින්නේ රුධිරය මිලිලීටරයකට ඇති වෛරස් ප්‍රමාණයෙන්. කෝවිඩ් - 19 රෝග ලකුණු පෙන්වන රෝගීන්ට වඩා රෝග ලකුණු නො පෙන්වන පුද්ගලයන්ගේ රුධිරයේ මිලිලීටරයක ඇති වෛරස් ප්‍රමාණය වැඩියි. වයස්ගත රෝගින්ගේ රුධිරයේ වෛරස් එකතුව අඩුයි.
අන්තර්ජාලයෙනි