වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඉවසීමෙන් කටයුතු කිරීම ද සාර්ථකත්වයට අවශ්‍යම දෙයකි
දියුණුව සෑම අයකුගේ ම ප්‍රාර්ථනයයි. දියුණු වීම උදෙසා බොහෝ දේ කිරීමට සෑම පුද්ගලයෙක් ම පාහේ උත්සුක වන්නේ ඒ සඳහා ඇති කැමැත්ත නිසයි. ඇතැම් පුද්ගලයන් දියුණුව සොයා ගොස් හිටියාටත් වඩා පහළ මට්ටමකට වැටෙන අවස්ථා ද නැතුවා නොවේ.
එසේ වන්නේ කිසිදු සොයා බැලිල්ලකින් තොරව යන්නන් වාලේ දියුණුව සොයා යාම නිසයි.
කුමන ක්ෂේත්රයකින් හෝ දියුණු වීමට අවශ්‍ය පුද්ගලයකු සතුව පැවතිය යුතු ලක්ෂණ කිහිපයක් අප පසුගිය සතියේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කළෙමු. එහිදී එවැන්නකු සතුව මූලිකව ම පැවතිය යුතු ලක්ෂණයක් ලෙස වුවමනාව ගැන කතා කළෙමු.
කැමැත්ත මත පදනම්ව
දියුණුවීම සඳහා යමකු තුළ සැබෑ වුවමනාවක් නැතිනම් එම පුද්ගලයාට සැබෑ ලෙසම දියුණුවට ළඟා වීම අපහසු විය හැකියි. තමාගේ සිතට තමා අවංක වීම මෙහිදී වැදගත් වන්නකි. සාර්ථක වීමට වුවමනාවක් ඇති පුද්ගලයා එම වුවමනාව මුදුන්පත් කරගැනීමට නම් යම් කැපකිරීමක් කළ යුතුය. තමාගේ කැමැත්තක් ඇති දෙයක් කිරීමෙන් සාර්ථකත්වය සොයන පුද්ගලයකුට එය ලබා ගැනීමට පහසු ය. නමුත් තමා තෝරා ගන්නා දෙය කැමැත්ත මත පමණක් පදනම්ව තෝරා නොගත යුතුය. එමඟින් තමා අපේක්ෂා කරන සාර්ථකත්වය ලබා ගත හැකි දෙයක් ද විය යුතුය. කෙනකු වඩා කැමැත්තක් දක්වන්නේ මුහුණුපොතේ සැරි සැරීමට විය හැකියි. එහෙත් ඉන් සාර්ථකත්වය ලබා ගැනීමට ඔබට නොහැකිය. එසේ නම් ඒ සඳහා එය ද අදාළ කරගනිමින් අන්තර්ජාල ව්‍යාපාරයක් හෝ ඇරැඹිය යුතුය. ස්ටීව් ජොබ්ස් පවසන පරිදි සාර්ථක වීමට නම් ඔබ කැමැති දෙයක් කළ යුතුය. එහෙත් කැමැති දෙය සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාව ඇති දෙයක් විය යුතුය.
නිවැරැදි ඉලක්ක
සාර්ථකත්වය සොයා යාමේ දෙවැනි සාධකය වන්නේ ඉලක්ක සාධනයයි. ඉලක්කයක් ජය ගැනීමට නම් සුදුසු ඉලක්කයක් ලබා ගත යුතුය. අපේ බොහෝ තරුණ පිරිසට ඉලක්ක නැතුවා නොවේ. නමුත් ඔවුන්ගේ ඉලක්කවල පැහැදිලි බවක් දකින්නට නොලැබේ. එක් පැහැදිලි ඉලක්කයක් වෙනුවට ඇතැම් තරුණ තරුණියන්ට ඉලක්ක බොහෝ ගණනක් ඇත.
ඇතැම් විට රැකියාවක් කරන තරුණයෙක් රැකියාව කරන අතරතුර ම ව්‍යාපාරයක් කළ යුතු යැයි සිතා එවැන්නක් ආරම්භ කළ හැකියි. නමුත් යම් ඉලක්කයක් නැතිව ඔහු ව්‍යාපාරය සඳහා සිතෙන සිතෙන දේවල් කළ හැකියි. අද ඇතැම් තරුණ පිරිස් රැකියාවක් කරන අතර ව්‍යාපාරයක් ලෙස යූ ටියුබ් ඩිවෙලොපර් කෙනෙක්, ජංගම දුරකථන අලුත්වැඩියා කරන කෙනෙක් විය යුතුයි ආදී ලෙසින් ඉලක්ක තබාගෙන සිටියි. මෙහි ඇති වැරැද්ද වන්නේ එම ඉලක්ක විසිරී තිබීම යි.
උපදෙස්
ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක
මොහාන් පල්ලියගුරු
2020/10/21 තරුණි බලන්න.