වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සිනමාවෙන් දුරස්වෙලා විදෙස්ගත වූ මම යළි ලංකාවට ආවෙ හොඳම නිළිය සම්මානයක් දෝත දරාගෙනයි
සම්මානනීය රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දුගේ සුවිශේෂී රංග කෞශල්‍යය ජාත්‍යන්තරයෙහි තෙවැනි අවස්ථාවටත් ඇගැයීමට ලක්ව තිබේ. ඒ 'පාංශු' චිත්‍රපටයේ බබා නෝනා චරිතය වෙනුවෙනි. මීට පෙර 1998 වසරේ 11 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස ද, 2019 ප්‍රංශයේ නිස් චිත්‍රපට උළෙලේ විදෙස් භාෂිත චිත්‍රපට අංශයෙන් හොඳම නිළිය ලෙස ද, සම්මානයට පාත්‍ර වූ නීටා මේ වසරේ ඉන්දියාවේ පැවැත්වුණ 2020 ඉන්දු නිම්නයේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ‘පාංශු‘ චිත්රපටයෙහි ඉදිරිපත් කළ රංගනය උදෙසා ජූරියේ විශේෂ ඇගැයීම් සම්මානය හිමිකරගෙන තිබෙනවා.
එම ඇගැයීමෙන් ඉක්බිතිව නීටා තරුණී ‘මතක මංපෙත‘ වෙත මෙලෙසින් සිය ජීවන පුරාවත හෙළිකරනු ලැබුවාය.
නීටා ප්‍රනාන්දු නම් වූ ඔබ හැදී වැඩෙන පසුබිම පවසනව නම්
මම ඉපදුණේ කටුනේරියේ. අපේ පවුල ගුරු පවුලක්. මගේ තාත්තා, සීයා (තාත්තගෙ තාත්තා) ගුරුවරු. අම්මා නම් ගෘහණියක්. මම තමයි පවුලෙ වැඩිමලා. මට බාල සහෝදර සහෝදරියො හතර දෙනක් ඉන්නවා. මම පාසල් ගියේ වෙන්නප්පුව කන්‍යාරාමයට. පාසලේදි මම නාට්‍යවල රඟපෑවා.
පාසලේ තියෙන හැම කලා කටයුත්තටම මම සහභාගි වුණා. ගමේ තිබුණ කලායතනයකින් නැටුම් ඉගෙනගත්තා. මම පුංචිකාලෙ හිතාගෙන හිටියෙ නැටුම් ගුරුැවරියක් වෙන්නයි. අපේ පවුල ගුරු පවුලක් නිසා මමත් හිතාගෙන හිටියෙ ගුරු වෘත්තියට එකතු වෙන්නයි. කොහොම හරි මම උසස්පෙළ කරමින් ඉන්න කාලෙ දෛවෝපගත විදිහට මට සිනමාවට එන්න අවස්ථාවක් හිමිවෙනවා.
ඔබට සිනමා රංගනය සඳහා ලැබුණ පළමු අවස්ථාව මතකද?
ඔව්. 1965 දී මම මුලින්ම ‘සතුටයි කඳුළයි‘ චිත්‍රපටය සඳහා තිර පරීක්ෂණයකට (ස්ක්‍රීන් ටෙස්ට්) පෙනී හිටියා. ඊට පස්සේ ‘ළඳක මහිම‘ චිත්‍රපටයෙන් රංගනයට එකතු වුණා. ‘ළඳක මහිම‘ තමයි මම රඟපාපු පළමු චිත්‍රපටය. එහි සහය නළුවා ලෙස රඟපෑවෙ ජෝ අබේවික්‍රම මහත්මයා.
ඒ වනවිටත් අධ්‍යාපනය ලබමින් සිටි දියණියව රංගනයට දායාද කරන්න අම්මයි තාත්තයි කැමැති වෙනවද?
මට රඟපාන්න අවස්ථාව ලැබුණම තාත්තා කිව්වේ එක චිත්‍රපටයකට විතරක් යවමු කියලයි. මොකද ඒ වෙද්දී මම උසස්පෙළ හදාරනවා. අම්මා නම් කැමැති වුණේම නැහැ මාව රඟපාන්න යවන්න. මට බාල සහෝදරියන්ව තනියම ගෙදර තියලා මගෙ තනියට අම්මාට මාත් එක්ක එන්නත් අපහසුයි. අපේ ගෙදර මම රඟපාන්න යද්දී ඔය ප්රශ්නය මතුවුණා. අපේ නෑදෑයන්ගෙනුත් ප්‍රශ්න ආවා. මොකද ඒ කාලෙ චිත්‍රපටිවල රඟපාන්න යනවා කියන එකට කියන්නෙ බයිස්කෝප් යනවා කියලනෙ. නෑදෑයො මම බයිස්කෝප් යනවට කැමැති වුණේ නැහැ ඔය වගේ බාධක එක්ක තමයි මම සිනමාවට ආවෙ.
'ළඳක මහිම' චිත්‍රපටයෙන් පස්සෙ නීටගෙ සිනමා දිවිය මොන විදිහට ද ගලාගෙන ගියේ
මට රඟපාන්න අවස්ථාව දෙන්නෙ ආර්. ටී. චිත්රාගාරයෙ ඩබ්. එන්. එස්. තම්පො මහත්මය. අපි එයාට කිව්වේ පප්ප කියල. ඔහු රොබින් තම්පො මහත්මයගෙ පියා. ඒ අනුව ආර්. ටී. චිත්රාගාරයෙන් කරපු 'ළඳක මහිම', 'රුහුණු කුමාරි', 'ළයට ළය' චිත්‍රපට හා රොබින් තම්පො මහත්මයගෙ 'පිට් පොකට්' වගේ චිත්‍රපට තුන හතරකම මම එක දිගටම රඟපෑවා ඔය විදිහට අවුරුදු තුන හතරක් ගෙවී ගියා. 70 දශකය මගේ රංගන දිවියේ විශේෂ දශකයක් වුණා. කේ. ඒ. ඩබ්. පෙරේරා, ටයිටස් තොටවත්ත වැනි එවකට හිටිය ජනප්‍රිය සිනමා අධ්යක්ෂවරු මාව ඔවුන්ගේ නිර්මාණ වලට යොදාගත්තා. කොහොම හරි අවුරුදු අටක් ඇතුළත මම චිත්‍රපට හතළිහක විතර රඟපෑවා.
2020/10/21 තරුණි බලන්න.