වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
යොවුන් ලෝක කුසලානයේ දේදුනු අපේක්ෂා දල්වාගෙන ක්‍රීඩා කරන අපේ පුංචි කෙල්ලෝ
අපේ කාන්තා ක්‍රිකට් පිටියට නැවතත් වසන්තය උදාවෙමින් තිබේ. 2025 වසර උදාවත් සමඟම අපේ යොවුන් ක්‍රිකට් කාන්තා කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට පිටත්ව ගියේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය. ජනවාරි 18 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේදී සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සටහන් වෙයි.
මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් ලදි. ඒ අනුව මේ තරගයේ විනිශ්චය සඳහා ශ්‍රී ලාංකික විනිසුරුවරියක වන දේදුණු ද සිල්වා නම් කිරිම විශේෂිත සිදුවීමකි.
ඇය 2023 වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ද විනිසුරුවරියක් ලෙසින් කටයුතු කළාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති දේදුණු ද සිල්වා එහිදී එක්දින තරග 42කට සහ විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරග 6කට එක් වී තිබේ. එහිදී ඇය එක්දින ජාත්‍යන්තර ලකුණු 884ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර ලකුණු 95ක් රැස්කර ගැනීමට සමත්ව ඇත.
එසේම මෙවර මේ තරගය විනිශ්චය සඳහා බංග්ලාදේශ ක්‍රීඩිකාවක් ද එක්වීමට නියමිතව ඇත. ශරිතා ජකීර් ද මෙම තරගාවලියට එක් වන්නේ ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙසිනි. ඒ අනුව ඇය ඉතිහාසයට එක් වන්නේ කාන්තා ක්‍රිකට් කුසලාන තරගාවලියක විනිශ්චය කටයුතු සඳහා එක්වන පළමු බංග්ලාදේශ විනිසුරුවරිය ලෙසිිනි.
තව නොබෝ දිනකින් ආරම්භ වන (ජනවාරි 18) වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය දෙස බොහෝ දෙනෙකු අපේක්ෂා දල්වාගෙන බලා සිටිති. මේ තරගයට සහභාගි වීම සඳහා අපේ කණ්ඩායම ද මැලේසියාව බලා පිටත්ව ගියේ පසුගිය දා පැවැති බංග්ලාදේශ සංචාරක තරගාවලියෙන් පසුවය. මේ තරගය සඳහා දිවයිනේ දසතින් තෝරාගත් තරුණ ක්‍රීඩිකාවන් රැසක්ම එක් වී සිටීම විශේෂිත සිදුවීමකි. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඇතුළත්ව සිටීම සුවිශේෂී සිදුවීමක් පමණක් නොව ඓතිහාසික සිද්ධියකි.
ශ්‍රී ලංකා බාලිකා ලෝක කුසලාන කණ්ඩායමේ මෙවර නායිකාව ලෙස කටයුතු කරන්නේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාරයි. මාතර අනුර විද්‍යාලයේ රශ්මිතා සෙව්වන්දි උප නායිකාව ලෙස කටයුතු කරයි. ලෝක කුසලාන කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද ඇතුළත්ව සිටියි. ලිමන්සා වමත් පිතිකාරිනියක වන අතර දකුණතින් පාදඟ පන්දු යවන්නීය.
මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 16ක් නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් සහභාගි වන අතර මෙම කණ්ඩායම් කාණ්ඩ 4ක් යටතේ තරග කරයි.
මෙයින් ශ්‍රී ලංකාව ඒ කණ්ඩායමට ක්‍රීඩා කරන අතර, ඉන්දියාව, මැලේසියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්ද ඊට අැතුළත් වෙති. මෙලෙසින් ක්‍රීඩා කරන තරගාවලියේ අපගේ කණ්ඩායමේ කාල සටහන වන්නේ
ජනවාරි 19 ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර,
ජනවාරි 21 ශ්‍රී ලංකාව සහ බටහිර කොදෙව් කණ්ඩායම ජනවාරි 23 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයයි.
මෙලෙසින් පවත්වන මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වන ක්‍රීඩිකාවන් වන්නේ
01. මනුදි නානායක්කාර (නායිකා) මොරටුව වේල්ස් කුමරි විදුහල
02. රශ්මිකා සෙව්වන්දි (උප නායිකා) මාතර අනුර විද්‍යාලය
03. විමෝක්ෂා බාලසූරිය - ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය
04. හිරුණි හංසිකා - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
05. සුමුදු නිසංසලා - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
06. දැහැමි සෙනුත්මා - නුගේගොඩ අනුලා විද්‍යාලය
07. රශ්මි නේත්‍රාංජලී - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
08. ශෂිනි ගිම්හානී - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
09. අෙශ්නි තලගුණේ -
මහනුවර මහමායා විද්‍යාලය
10. ප්‍රමුදි මෙත්සරා - උහන මධ්‍ය මහා විද්‍යාලය
11. චමෝදී ප්‍රබෝධා - මොනරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලය
12. සංජනා කාවින්දි - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
13. දනුල තෙන්නකෝන් - කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය
14. ශෙහාරා ඉඳුවරි - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
15. ලිමන්සා තිලකරත්න
මෙම යොවුන් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාය. ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ මෙම තරගාවලිය ජය ගැනීම සඳහා ඉතාම හොඳින් ක්‍රීඩා කිරිමට අපේ කණ්ඩායම අපේක්ෂා කරන බවයි. එ් සඳහා ඔවුන්ගේ මානසිකත්වය හොඳින් පවතින බවත් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම මෙම යොවුන් කණ්ඩායමේ සෑම ක්රීඩිකාවගේම බලාපොරොත්තුව බවයි.