වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
ආහාර දවටනයේ E අංක ගැන නොබැලුවොත් නැති ලෙඩ ගොඩක්
සුපිරි වෙළෙඳ සලකට යන අපට නන් විසිතුරු දවටන සහිත කටට රසැති ආහාර දකින විට දෑත ඒ වෙත යොමු වෙන්නේ ඉබේටමයි. එහෙත් මේවා අපේ දෑස් සහ දිව රවටා අප රෝගී කරන බව ඒවා මිලදී ගැනීමට පෙර මතකයට නංවාගත යුතුයි.
විවිධාකාරයෙන් E අංක ආහාරවල සැඟවී තිබෙනවා. ආහාර කල් තබා ගැනීමට, රස කිරීමට, වර්ණ ගැන්වීමට, පෝෂක ඇබ්බැහිකාරක (විටමින් ඒ, ඩී, ඊ සහ කේ වැනි තෙල්වල දියවන විටමින් - මේවා යොදන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී විනාශ වන විටමින් වෙනුවට හෝ පෝෂක එක්කිරීමක් ලෙසිනුයි.) ලෙසින් මේවා අන්තර්ගතකර තිබෙනවා. බොහොමයක් E අංක නීරෝගි අප රෝගී කරනවා. ඒ අතරින් වඩාත් අහිතකර E අංක ගණනාවක් තිබෙනවා. මේ සෞඛ්‍යයට වඩාත් තර්ජන එල්ල කරන E අංක දහයයි.
E 102 - tartra-
ආහාරවලට කහ වර්ණකය ලබා දීමට එක් කරන මේ වර්ණකය නෝර්වේ, ඔස්ට්‍රියා වැනි රටවල තහනම්කර තිබෙනවා. E 102 වර්ණකය දරුවන්ගේ අධික්රියාකාරී බවට හේතුවන බව අධ්‍යයන මඟින් හෙළිවී තිබෙනවා. E 102 වර්ණකය දිනකට මිලිග්‍රෑම් 50 ක ප්‍රමාණයෙන් ශරීරගත වුණත් දරුවකුගේ හැසිරීමේ වෙනස්කම් සිදුවෙනවා. අයිස්ක්‍රීම්, අයිස් පොප්ස්, පොප්සිකල්ස්, පැණි රස ආහාර බොහොමයක මේවා අඩංගුයි. සැකසූ පේස්ට්‍රි, නියෝන් පැහැති සෝඩා, දරුවන් වෙනුුවෙන් නිෂ්පාදිත පලතුරු බීම, සීනි යෙදූ උදෑසන ආහාරයට සැකසූ ධාන්‍ය, පැකට් කරන ලද පැස්ටා මිශ්‍රණ ආදියෙහි ද E 102 වර්ණකය අඩංගුවී තිබෙන්න පුළුවන්. දරුවන්ට වාගේම වැඩිහිටියන්ටත් මේවා හිතකර නැහැ. අසාත්මිකතා, ඇදුම, පලු මතුවීම, හිසරදය වැනි තත්ත්ව E 102 වර්ණකය නිසා හට ගැනීමේ අවදානමක් පවතිනවා. දිගින් දිගටම මේ වර්ණකය අඩංගු ආහාර ගැනීමෙන් පිළිකා සෑදීමේ අවදානමත් වැඩිවෙනවා.
zine / yellow 5
කෘත්‍රිම රතු වර්ණකයක් වන E 122 රස කැවිලි, යෝගට්, පැකට් කළ සුප්, ජෙලි, ජෑම් ආදියෙහි අඩංගුයි. වැඩිහිටියන් අතර අසාත්මිකතා ඇතිවීමටත් දරුවන් අධික්රියාකාරී වීමටත් E 122 බලපානවා. එනිසාම නෝර්වේ, ජපානය, අමෙරිකාව, ස්වීඩනය වැනි රටවල් මේ වර්ණකය ආහාරවලට යෙදීම තහනම්කර තිබෙනවා.
උපදෙස් - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන්
2020/09/23 තරුණි බලන්න.