වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දිගු කාලයක් මලින් බරවී නෙත පිනවන 'පෙට්රියා'
උදා හිරු එළියට විකසිතව සුවඳ දසත පතුරවා ඉර අවරට යත්ම මිලාන වී යාම මලක ස්වභාවයයි. නමුත් ඇතැම් මලක් එසේ නොවී දවස් කිහිපයක්ම විකසිතව ගෙමිදුල එළිය කරන්නීය.
එලෙස දිගු කාලයක් මලින් බරවී නෙතට සේම සිතට ද සැනසිල්ලක් රැගෙන එන අපූර්ව ශාකයකි 'පෙට්රියා' (ර්ථඥබපඥච මධතභඡඪතඪඵ)
වැඩි වෙහෙසක් නොදරාම, රළු පාරිසරික තත්ත්වයන්ට පවා ඔරොත්තු දීමේ හැකියාවක් සහිත, නිරන්තරයෙන්ම මලින් බරවන ශාකයක් දෙකක් ගෙමිදුලට එකතු කරගන්නට වැඩි දෙනකු උනන්දු වන්නේ එමඟින් සිය කාලය, ශ්රමය ඉතිරිකරගත හැකි බැවිනි. පෙට්රියා යනු ඒ සඳහා වඩාත් උචිත පුෂ්පයකි.
බැලු බැල්මට දැවමය ස්වභාවයක් සහිත වැලක් වශයෙන් වැඩෙන මේ පෙට්රියා තවත් ශාකයක් හෝ ආධාරකයක් ඇසුරේ අඩි 40 ක් තරම් වුවත් උසට වැඩේ. මෙක්සිකෝව, ඇමෙරිකාව වැනි රටවල් නිජබිම කරගෙන ඇති මේ පෙට්රියා විවිධ දේශගුණික තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දේ. 'වර්බේනාසියේ' කුලයට (ඍඥපඡඥදචජඥචඥ) අයත් මෙය 'ක්වින්් රීත්'' (Qභඥඥද එපඥචබඩ) හා 'සැන්ඩ්පේපර් වයින්' (ඉචදඤනචනඥප මඪදඥ) යන නම්වලින් ද හැඳින්වේ. නමුත් ශ්රී ලාංකීය මල් ලෝලීන් නම් මෙය හඳුන්වන්නේ පෙට්රියා යන නමිනි.
මෙරටේ සෑම පළාතකම දැකිය හැකි මල් වර්ගයක් වූ පෙට්රියා අවුරුද්ද පුරාම මලින් බරවී තිබේ. විශේෂයෙන්ම දම් පැහැති පෙට්රියා මල් කිනිති ඉතාමත් සොඳුරු දසුනක් මවාපාන අතර සුදු, නිල් සහ කොළ පැහැති පෙට්රියා ද දැකිය හැකියි. මේ මල් සතු තවත් සුවිශේෂත්වයක් වන්නේ කාලය ගතවනවිට එනම් නව මල් කිනිති හටගන්නා අතර පැරැණි මල් වර්ණ විපර්යාසයන්ට මුහුණදීමයි. එනම් දම්, නිල් වැනි වර්ණයෙන් විකසිත වූ මල් කිනිති වයස් ගතවනවිට සුදු පැහැයට හුරු පැහැයකට හැරේ.
2019/03/20 තරුණි පුවත්පත බලන්න.