වාර් තා පොතක් අනිවාර්යයි

First vet visit හරිම වැදගත්
සැප්තැම්බර් 12, 2022

 

ඔබේ නිවෙසට අලුතෙන් ගෙන ආ සුරතලාව වෛද්‍යවරයා වෙත රැගෙන යා යුතුයි. එසේ පළමුව රැගෙන යාම ෆස්ට් වෙට් විසිට් (first vet visit) ලෙසින් හඳුන්වයි. අපි ලබමු ෆස්ට් වෙට් විසිට් එකට රැගෙන යන්නේ කොහොමද? සහ රැගෙන යාමේ වැදගත්කම...

 

මෙතැන දී මතක් කළ යුතු වැදගත් කරුණු කිහිපයක් තිබේ. මුලින්ම බලමු ඇයි අපි පශු වෛද්‍යවරයකු වෙත සුනඛ සුරතලා යොමුකළ යුතු වන්නේ කියලා. මොහොතක් සිතන්නකෝ, අපට සෞඛ්‍යමය ගැටලුවක් මතු වුවහොත් ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත අප වහා යොමු විය යුතු යි නේද? අන්න ඒ වගේ මේ පුංචි සුරතල් සතුන් සුදුසුකම් ලත් බලපත්‍ර සහිත පශු වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතුයි. ඒ සඳහා ඔබට මොවුන් ගෙන යා හැකි ස්ථාන කිහිපයක්ම තිබේ.

 

පශු වෛද්‍ය කාර්යාල

ඉන් එකක් වන්නේ රජයේ පශු වෛද්‍ය කාර්යාලය, සමහර ප්‍රදේශවල සත්ත්ව රෝහල් ද තිබේ. වැලිසර, ගැටඹේ, කුරුණෑගල යන ස්ථානවල ඒවා පිහිටා තිබෙනවා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් පශු වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහල, දිවයින පුරා විසිරී පවතින පශු වෛද්‍ය සායන සහ සත්ත්ව රෝහල යන මේ ඕනෑම ස්ථානයකින් වගකිව යුතු සේවාවක් ඔබේ සුනඛ සුරතලා වෙනුවෙන් ලබාගත හැකියි. දැන් ඔබට ඇති පළමු ප්‍රශ්නය නම් කවදාද අපි අපේ පුංචි සුරතල් පශු වෛද්‍යවරයා වෙත රැගෙන යා යුත්තේ කියලා.

 

එන්නත් දීම

සුරතලාට අසනීප තත්ත්වයක් නැතිනම් වයස සති හතරක් හෝ හයක් වන විට පළමු පරීක්ෂාවට රැගෙන යා යුතුයි. එතැන දී ලබාදිය යුතු පණු බෙහෙත් පිළිබඳ ඔබව දැනුවත් කිරීම සිදු කරයි. අනිවාර්යයෙන්ම මෙහිදී සුනඛ සුරතලාගේ බර කිරීමක් සිදුවෙයි. පාවෝ හෝ ජලභීතිකා එන්නත ලබා දීමත් මෙහිදී සිදුකෙරෙයි. එයට අමතරව සුරතලාගේ වර්ධනය සම්බන්ධව, ලබාදිය යුතු පෝෂණය, අතිරේක ආහාර වර්ග, කෑම වේල් ප්‍රමාණයන්, විටමින් පිළිබඳ කතා කරගත හැකියි. මීට අමතරව මේ සුරතලා නඩත්තු කිරීමේදී සුරතලාගේ සම, ඇඟේ ඇති අනෙකුත් අවයව පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඔබට ලබාගත හැකි වෙනවා. ඒ විතරක්ම ෙනවෙයි සුරතලා සහ ඔබ අතර ඇති ගනුදෙනු ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමටත් මෙය ලොකු පිටිවහලක් වේවි. ඔබ සමාජයේ වගකිව යුතු පුද්ගලයෙක් වශයෙන් සුරතල් සත්ත්වයා මනා ලෙස රැක බලා ගන්ෙනක් ලෙස (pet ownership) සමාජ පිළිගැනීමක් ලැබේ. එබැවින් පශු වෛද්‍යවරයෙකු මුණ ගැසීම බොහොම වැදගත්.

 

එන්නත් පොතක්

තවත් විශේෂ කරුණක් වන්නේ ඔබේ සුනඛ සුරතලා වෙනුවෙන් එන්නත් පොතක් නඩත්තු කිරීමට හැකියාව ලැබීමයි. යම්කිසි අවස්ථාවක ඔබේ සුරතලා නිවැසිෙයක්ව ෙහා් අසල්වැසිෙයක්ව හෝ සපා කෑමක් කළහොත් එහි දී සුනඛ සුරතලාගේ එන්නත් වාර්තා පොත වැදගත් වෙනවා. එබැවින් පළමු වරට පශු වෛද්‍යවරයා මුණ ගැසීමට ගිය අවස්ථාවේ දී ම ඔබේ සුරතල් සුනඛ පැටවා වෙනුවෙන් වෛද්‍ය වාර්තා පොතක් ඉල්ලා ගැනීමට අමතක කරන්නත් එපා. දැන් ඔබට වැටහෙනවා නේද First vet visit එකේ ඇති වැදගත්කම.

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital