කියවන්නේ නැතුව කියවන්න පුරුදු වෙන්න

ඔක්තෝබර් 9, 2023

 

පොත් සුරක්ෂිත කරගන්නා ආකාරය ඔබට Tharunie youtube නාලිකාව හරහා නැරඹිය හැකියි.

 

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. මේ අප නිරතුරුව අසන කියමනකි. කියවීම වර්ග දෙකකි. අපගේ සිතේ ඇති දේ තවත් කෙනකු සමඟ පැවසීම කියවීමය. එය අප දොඩමළුවීම ලෙස ද හඳුන්වයි.

තවත් කියවීමක් වන්නේ පොතපත කියවීමයි. මිනිසකු සම්පූර්ණ වන්නේ පොතපත කියවීමෙනි. මෙලෙසින් පොතපත කියවීම තුළින් තමයි අපට දැනුම ලැබෙන්නේ. පොතපත කියවීම තුළ ලෝකයේ විශාල පරාසයක් ගැන දැනුම අපට ලබාගන්න හැකියාව ලැබෙනවා. එහෙම වුණොත් තමයි ලෝකයේ සුන්දරත්වය අපට අත්විඳින්න ලැබෙන්නේ. මිනිසාගේ මානව හැඟීම් කියවන්න අවස්ථාව උදාවෙන්නේ. කොටින්ම මිනිස්සුන්ට තමුන්ට තමුන් ගැනම කියවීමේ හැකියාව ලැබෙන්නේ ඒ ලබන දැනුමෙන්. එහෙම කියවන මිනිසෙක් තමයි රටක් කියවා බුද්ධිමතෙක් වෙන්නේ.

බොහෝවිට අප ළඟ ඉන්නේ දැනුම තිබෙන මිනිස්සු විතරයි. දැනුම විතරක් මදි ලෝකයේ ජීවත්වෙන්න. හැඟීම් දැනීම් ඇති ප්‍රඥාවන්ත පුද්ගලයකුට විතරයි ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන්නේ. ඒ නිසා පුංචි කාලයේ පටන්ම පොතපත කියවීමට පුරුදුවීම ඉතාම වැදගත්. හැබැයි පොතපත කියවන පුරුද්ද එකවරම හුරුවෙන්න බැහැ. ඒකට පුංචි පසුබිමකුත් තිබෙන්න ඕනේ.

පොතපත කියවන නිවෙසක දරුවෙක් විතරයි පොතට හුරු වෙන්නේ. තමුන්ගේ වැඩිහිටියන්, සහෝදර, සහෝදරියන්, මිතුරන්ගෙන් ලබන ආභාෂය නිසා තමයි බොහෝවිට පොතපත කියවීමට හුරු වෙන්නේ. අද අප ඔබ සමඟ මේ වටිනා අතිරේකයෙන් සාකච්ඡා කරන්නේ පොතපත කියවන පසුබිම සකස් කරගැනීම පිළිබඳ ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම හා පොතපත ආරක්ෂා කර ගැනීම ගැනත් අප මේ අතිරේකයෙන් විමසා බලනවා.

හිතක් ඇති පොතක් පණ මෙන් සුරකින කලාව

 

"When I have a house of my own, I shall be miserable if I have not an excellent library මට මගේම කියන නිවෙසක් තිබුණත්, එහි පුස්තකාලයක් නොමැති විට එය අංග සම්පූර්ණ නොවනු ඇත.‘ මේ වටිනා දාර්ශනක පරිකල්පනය අද බොහෝ දෙනෙක් ගැඹුරින් සිතනවා. විශේෂයෙන් අපේ ගෘහිණියෝ නිවෙසක් තැනීම ආරම්භ කරන නිර්මාණ සැලසුමට පවා පුංචි පුස්තකාලයක් ඇතුළත් කරන්නේ ඒ නිසයි. පොතක් කියවන කතගේ සිත හරි ශක්තිමත් කියලා බුද්ධිමතුන් කියනවා.

 

ඇත්තටම පොත් විතරක් නොවෙයි පුවත්පත්, පොත් කියවීම පුරුද්දක් කරගත් බොහෝ දෙනෙකු තුළ විශාල දැනුමක් ගබඩා වෙලා තිබෙනවා. පොතකින්, පුවත්පතකින් අපට ලැබෙන්නේ දැනුම පමණක් නොවෙයි. එය මනසටත් විශාල සුවයක් ගෙනෙනවා. අාධ්‍යාත්මිකවත්, භෞතිකවත් අප පෝෂණය කරන පොත පත ගැන අද කවදාටවත් වඩා උනන්දුවක් ඇති වෙලා තිබීම හරිම වටිනවා. ඒත් මේ උනන්දුවේ තරමටම පොත්පත්වල මිල ගණන් නම් අඩුවක් නැහැ. පසුගිය දා කොළඹ පැවැති පොත් ප්‍රදර්ශනයට පැමිණි බොහෝ දෙනෙක් මැසිවිලි නැඟුවේ පොත්පත්වල මිල ඉහළයි කියලා. ලෝක වෙළෙඳ පොළේ පවතින කඩදාසි හිඟය නිසා පොත්පත්වල මිලත් දැන් ටිකක් ඉහළ ගිහින්. ඒ නිසා අලුත් පොත්පත් මිලදී ගැනීම තරමක් අඩු බවයි. පොත් ප්‍රකාශකයෝ සඳහන් කරන්නේ.

මේ මොන ගැටලු තිබුණත් පොතකට කැමැති සිතකට පොතක් දුටුවිට එය අතට ගෙන බලන්න ඇති කැමැත්ත තවමත් අඩුවක් නැහැ. පොත්පත්වලට ආදරය කරන, පොත් ආරක්ෂා කරන අපගේ ආදරණීය පාඨකයන් වෙනුවෙන් මෙවර අප වටිනා තෑග්ගක් තිළිණයක් ලබා දෙනවා. ඒ තමයි පොතක් ආරක්ෂා කරගන්නා සාර්ථකම ක්‍රමයක් ගැන කියා දෙන්න.

මුද්‍රිත පොත් කියවීම තරමක් සමාජයෙන් ඈත්වන කාලයක තිබෙන පොත් රැක ගැනීම තමයි හොඳම විකල්පය. ඒ වගේම තමයි වර්තමාන පරපුර වැඩි උනන්දුවක් දක්වන E- Book Reading කලාව ගැන පුංචි අවබෝධයක් ඔබට ලබාදෙන්න. බොහෝ විට ඔබ දැනටමත් මේ ඡ්- ඕධධඬ කියවීමේ කලාවට හුරු වූ පාඨකයෝ වෙන්න පුළුවන්.

 

පොතක ආයුකාලය තුන් ගුණයක් කරන සරල ක්‍රමය

කෙසේ හෝ ඔබ පොත්පත් කියවන පුවත්පත් පරිශීලනය කරන පාඨකයෙක් නම් අප ඔබට මේ තිළිණ කරන පුංචි අතිරේකය ඉතාම ප්‍රයෝජනවත් වේවි. ඇතැම් විට ඔබට අප ලබාදෙන මේ දැනුම පොතෙන් පුංචි ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා මඟ පාදාගන්නටත් හැකි වේවි.

කාලයෙන් කාලයට දැනුම ගබඩා කිරීමේ ක්‍රමය බවට පත්වුණේ ලේඛන කලාව. ශිලා ලේඛන කලාවේ සිට පුස්කොල පොත්වල සටහන් කිරීම ගැන අපගේ ඉපැරැණි ලේඛන කලාව දිව යන්නේ අවුරුදු සිය දහස් ගණනක ඉතිහාසයකට. පැරැණි පුස්කොළ පොත්වල සටහන් වූ ඉතා වටිනා ආයුර්වේද වෛද්‍ය ක්‍රම ගැන අදත් අප අධ්‍යනයන කරන්නේ එදා ඒ පුස්කොළ පොත් වසර ගණනක් පවතින ආකාරයෙන් සුරක්ෂිත ක්‍රමයකට සකස් කළ නිසයි. තාක්ෂණය කොයිතරම් දියුණු වුණත් ඒ අපේ පැරැණි රක්ෂණ ක්‍රම අපට වටිනවා. ඒ ඉපැරැණි ක්‍රම දියුණු වෙමින් තමයි වර්තමානයේ පොත්පත් බිහි වුණේ.

දැන් මේ පොත්පත් ආරක්ෂා කර ගැනීම තමයි අපේ යුතුකම. ඒ වගේම මේ කාලයේ අලුත් පොතක් මිල දී ගැනීමට වැය වන මුදල ඉතිරි කර ගැනීමටත් එය හොඳම විකල්පයක්. Book binding කලාව තමයි දැන් පොත් ආරක්ෂා කර ගැනීමේ හොඳම ක්‍රමය. ඒ නිසා අද අප ඔබට මේ සාර්ථක ක්‍රමය ඉතාම සරලව පුහුණු වන ආකාරය පියවරෙන් පියවර හඳුන්වා දෙනවා. මේ පොත් බැඳීමේ කලාව ගෘහණියක් ලෙස ඔබට බොහෝ කටයුතුවලට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මෙයින් විශාල මුදලකුත් ඉතිරි කර ගැනීමට මඟ පෑදේවි.

 

ඕනෑම පොතක වටිනාකම වැඩි වෙන්නේ එහි කාලයත් සමඟ. මේ සඳහා ඈත අතීතයේ යොදාගත් ක්‍රම ඉතාම සාර්ථක බව අමුුතුවෙන් කිව යුතු නැහැ. අතීතයේ ලියවුණු පුස්කොළ පොතක් අදටත් සුරක්ෂිතව තිබෙන්නේ ඒ පොත් ඉතාම සුරක්ෂිත ආකාරයෙන් ගබඩා කළ නිසයි. නමුත් පොතක් සාමාන්‍යයෙන් පුස්කොළ පොතක් තරම් කාලයක් පවතින්නේ නැහැ. නමුත් අවුරුදු 100කට වඩා කාලයක් හොඳින් ආරක්ෂා කරගන්න සරල ක්‍රමය තමයි ඕධධඬ ඡඪදඤඪදඨ කිරීම. මේ ඕධධඬ ඡඪදඤඪදඨ ක්‍රමය වර්තමානයේ හොඳ ස්වයං රැකියාවක් වගේම ගෘහණියකට තමුන්ගේ නිවෙසේ ඇති පොත්පත් ආරක්ෂා කර ගැනීමටත් ප්‍රයෝජනවත්. ඒ නිසා පොත් බැඳීම හෙවත් ඕධධඬ ඡඪදඤඪදඨ කරගන්නා ආකාරය ගැන සරලව කරගන්නා ආකාරය ගැන මෙවර ඉදිරිපත් කරනවා.

 

ඒ සඳහා අපට අවශ්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා. මුලින්ම අපි එම ද්‍රව්‍ය හා උපකරණ හඳුනාගනිමු.

පොතක් බැඳීමට අවශ්‍ය ද්‍රව්‍ය 

 

ද බයින්ඩින් ගම් වර්ගයක්

ද චීප් බෝඩ්

ද කවරින් පේපර් (එතුම් කොළ)

ද වයිට් කච්රිජ් පේපර්

ද මාබල් පේපර් (තෑගි ඔතන කොළ)

ද කුරලෝන් නූල්

ද සුදු පොප්ලින් රෙදි

ද රෙක්සින් (කළු බයින්ඩින් රෙදි)

ද ඉරි පොප්ලින් රෙදි (පොත් දාර දෙක

ආරක්ෂවට පටියක් සකසා ගැනීම)

 

පොත් කියවන කලාවේ අලුත්ම ටට්‍රෙන්ඩ් එක

පොත් බැඳීම සඳහා අවශ්‍ය උපකරණ

*කැපුන් යන්ත්‍රය - අතින් ක්‍රියා කරන මෙම යන්ත්‍රයෙන් බෝඩ් සහ කොළ එකවර විශාල ප්‍රමාණයක් කපා ගැනීමට හැකි උපකරණයකි.

*දැහි අඬුව ( කොළ සිර කරන උපකරණය) Back Press

*අඩු මිටිය

*බෝල මිටිය

*සිදුරු විදීම සඳහා උල් කටුව (මේ සඳහා ප්‍රමාණය අනුව සිහින් යකඩ ඇන ද භාවිත කළ හැකියි)

*කටර් පිහිය (විශාල පේපර් කටයරයක්)

*කඳ හීන් 3 1/2“ ක ඉදිකටුවක්

*අඩිය, අඩි දෙක ප්‍රමාණයේ

ප්ලාස්ටික් රූලක්

*වානේ මුළු මට්ටමක්

*ලොකු කතුරක්

*පිත්තිල් 2ක් (අඟල් 1“ සහ 1/2“)

*කුඩා අඬුවක් (යකඩ ඇණ

ගැලවීම සඳහා)

*පොතේ දාරය සකසා

ගැනීමට සුදුසු ලී පටියක් (බෝස්, ෆෝල්ඩරයක්)

 

Book binding කරන සරල ක්‍රමය

පොතක් binding  කිරීමෙන් එහි ආයු කාලය තුන් ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම පොත් සුරක්ෂිත කරන ක්‍රමය පුස්තකාල පොත්වල දකින්න ලැබෙනවා. බොහෝ පිරිසක් කාලයක් පරිශීලනය කිරීමේදී ඒ පොත් ගැලවෙනවා. ඒ වගේම නැවෙනවා. සමහර පොත් වේයන්, කාවන් වැනි සතුන් විසින් විනාශ කරනවා. මේ සඳහා හොඳම පිළියම ලෙස පොතක් binding කිරීම අපටම කරගන්න පුළුවන්. මෙහිදී වඩාත් වැදගත්ම කටයුත්ත වෙන්නේ පොත පිළිවෙළට අලවා ගැනීමයි. මුල් පිටුවේ සිට අවසාන පිටුව දක්වා ක්‍රමානුකූලව අලවා ගැනීමෙන් පසු ඔබ කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා.

පොත් කියවන කලාවේ අලුත්ම ටට්‍රෙන්ඩ් එක e Book Reading

 

අවුරුදු දහස් ගණනක් ක්‍රමානුකූලව පැවතුණ පොත් කියවීම හා ලිවීමේ කලාව තොරතුරු තාක්ෂණයත් සමඟ විශාල පරිවර්තනයක් ඇති වුණා. පරිගණකයේ දියුණුවත් සමඟ පොත් කියවන පිරිස ශීඝ්‍රයෙන් දියුණු තාක්ෂණය සමඟ ගනුදෙනු කිරීමට යොමු වුණේ නොසිතු ලෙසිනි. වර්තමාන පරපුර පොත් කියවන අලුත්ම ට්‍රෙන් එක නැතිනම් කලාව ඥ ඕධධඬ අඥඤඪදඨ ක්‍රමය බවට පත් වෙලා.

මුද්‍රිත පොතක ඉලෙක්ට්‍රොනික පිටපත එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න eBook එක මුලින්ම ලෝෙකට හඳුන්වා දීලා තියෙන්නේ 1970 දශකයේදීයි. ඒ 1971 වසරේ දී ඇමරිකානු ජාතික ලේඛක මයිකල් හාට් විසින්. ඔහු ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටි අවධියේදී පළවෙනි e text එක නිර්මාණය කරලා බෙදා හැරලා තියෙනවා. ඉන් අනතුරුව ඔහු විසින් Project Gutenberg හෙවත් ලොව පළමු ඩිජිටල් පුස්තකාලය ආරම්භ කරන්නේ ලෝකයේ ලේඛන කලාව වෙනස්ම මානයකට ගෙනයමින්. ඔහුගේ අරමුණ වුණේ 20 වන ශතවර්ෂය අවසන් වනවිට ලෝකයේ ඒ වනතෙක් ලියවී තිබුණ වඩාත්ම වැදගත් පොත් 10,000ක් ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් සකස් කර ඕනෑම කෙනෙකුගේ පරිශීලනය පිණිස පළ කිරීමයි. ඒ අරමුණ ඊට බොහෝ කාලයකට පෙර ජය ගන්නට හැකි වූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

ඒ වගේම මුලින්ම e Book Reader උපාංගයක් ලෝකයට හඳුන්වා දුන්නේ ආසන්න වශයෙන් අදින් වසර 25කට පෙර එනම් 1998 වසරේදීයි. ඒ අනුව ගන්නා විට e Book Reader සංකල්පය අලුත්ම කියලා කියන්න සාපේක්ෂව අපහසුයි. නමුත් වසර දහස් ගණනක් තිස්සේ විකාශනය වූ ක්‍රමවේදයට පරිබාහිර ක්‍රමයක් වසර 25කට පෙර එළිදැක්වීම සහ ඒ නව ක්‍රමය තවමත් ජනප්‍රිය වෙමින් පැවතීම යන කරුණු පිළිබඳව සැලකීමේදී e Book Reader සංකල්පය අලුත් කියන මතයට එකඟ වෙන්න අපි හැමෝටම පුළුවන් වේවි.

 

e Book Reader කියන්නේ ඥ ඕධධඬ කියවන්නම නිර්මාණය කරලා තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඒක ප්‍රමාණයෙන් ඔබේ ඉථචපබ ර්‍ථඩධදඥ එකට වඩා තරමක් විශාල, ටැබ් එකට වඩා කුඩා ඒ උපකරණ දෙකම හා සමාන පෙනුමින් යුත් එකක්. ඒ වගේම Smart Phone  එක හෝ ටැබ් එකට වඩා විශාල කාලයක් බැටරි බලය රඳාපවතින ආකාරයට තමයි e Book Reader නිපදවලා තියෙන්නේ. මෙහි තිරයත් සුවිශේෂයි. එය නිර්මාණය කරලා තියෙන්නේ Smart Phone හෝ ටැබ්වල අඩංගු LED ආකාරයේ තිරයක් සහිතව නොවේ. දීපතිමත් එළියක් නොදෙන, පොතක අකුරු මුද්‍රණය කර ඇති ආකාරයට සමාන හැඟීමක් ලබාදෙන තිරයකින් e Book Reader සමන්විත වෙනවා. මේ විශේෂ ආකාර තිරය හඳුන්වන්නේ e - Ink Display (Electronic Ink) නමින්. ඒ වගේම වර්තමානයේ වෙළෙඳ පොළේ ඇති e Book Reader බොහෝමයක් Wi - Fi හෝ 3G / 4G ආකාරයෙන් අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව සහිතයි. මේ නිසා ඔබට අවශ්‍ය පොතක් ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් බාගත කරගන්නත් පුුළුවනි. ඒ වගේම තිරයේ දීප්තිය අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගැනීම, ඔබ සතුව ඇති ඥ ඕධධඬ එකක් වෙනත් e Book Reader එකක් සමඟ බෙදා ගැනීම වැනි අතිරේක විශේෂාංගත් සපිරි e Book Reader විවිධ මිලගණන් යටතේ මිලදී ගන්නට ඔබට පුළුවනි.

 

e Book Reader ජනප්‍රිය වීමට මූලිකම හේතුව තමයි ඒ මඟින් ඇතිකරන පහසුව, ඔබට පොත් සිය ගණනක් වුවත් ඔබගේ e Book Reader එක තුළ තැන්පත් කරගෙන එහා මෙහා ගෙනියන්න පුළුවනි. සාමාන්‍ය පොත් කීපයක් නිතර එහා මෙහා ගෙන යෑමට සිදුවෙන එකම වෙලාවකට කොච්චර කරදරයක් ද කියලා ඔබ දන්නවා. නිවාඩුවකට ඈත පළාතකට යනවිට, කාර්යාලයට /පාසලට/විශ්විවිද්‍යාලයට යන අතර මඟදී කියවන්න, විදේශ ගතවෙන අවස්ථාවකදී ගුවන් යානයේ සිට කියවන්න වගේ මේ ඕනෑම වෙලාවකදී වඩාත් පහසුවෙන් ඔබ කැමතිම පොත කියවන්න e Book Reader හරහා පුළුවනි. ප්‍රමාණයෙන් විශාල, අධික බරකින් යුත් පොත් ගැන ඔබ තවදුරටත් වද විය යුතුම නැහැ. ඒ වගේම එක පොතක් සම්පූර්ණයෙන් කියවලා අවසන් නොකර වෙනත් පොතක් කියවන්න වුණත් ඔබට පුළුවනි.

ඔබ කැමැතිම පොත්වලින් එදා දවසේ රැගෙන යන්නේ කුමක්ද කියලා තවදුරටත් වද වෙන්න අවශ්‍යතාවක් e Book Reader තියෙනකම් ඇතිවෙන්නේ නැහැ.

ඒ වාගේම තමයි ඔබට අවශ්‍ය පොතක් සොයා ගැනීමට ඇති පහසුව, තවදුරටත් ඔබ පොත් සාප්පුවලට හෝ පුස්තකාලයේ ගතකිරීමට යන කාලය මේ නිසා ඉතා අවම වෙනවා.

 

ඔබගේ e Book Reader උපාංගය හරහා අන්තර්්ජාලයට පිවිස ඔබ කැමතිම පොත් ඉතා කෙටි කාලයකින් සොයාගන්නටත්, ඉතා අඩු වේලාවකින් ඒවා ඔබේ e Book Reader උපාංගයට බාගත කරගන්නටත් ඔබට මෙයින් හැකියාව ලැබෙනවා. කාර්ය බහුල ජිවිතයක් ගෙවනා ඔබට කාලවේලාව ඉතිරි කරගෙන ඔබේ ප්‍රියතම විනෝදාංශයේ නියැළෙන්න මේ මඟින් ලැබෙන පිටිවහල අතිමහත්.

 

දරුවන්ට පොත් කියවීම හුරු කිරීමේ මන්තරය

 

අතීතයේ අපේ සන්නිවේදනය දියුණු නැති කාලයේ පොතපත කියවීම කළේ ඉතාම සුන්දර ආකාරයටයි. ජාතක කතා, බණ පොත්, පිරිත් පොත්, මෙවැනි දේ මිනිස්සුන්ට පරිශීලනය කරන්න ලැබුණේ ඉතා අඩුවෙන්. ඒ නිසා හැමෝටම පොතපත කියවන්න අවස්ථාව, හැකියාව තිබුණේ නැහැ. මේ නිසා පොතපත පරිශීලිනය කරන්න පුළුවන් කෙනෙක් කියවන පොතක් හෝ ජාතක කතා අසා සිටීම තමයි සිද්ධ වුණේ.

 

පොතපත කියවීම සාමූහිකව සිද්ධ වුණු ස්ථානය තමයි ගමේ පන්සල. පෝය දිනයට සාමුහික වශයෙන් එකතුවන ජනතාවට විහාරස්ථානයේ විහාරාධිපති හෝ වැඩිහිිටි පුද්ගලයකු විසින් ජාතක කථා පොත් වහන්සේ කියවීම සිදුවුණා. ඔවුන් අසා සිටීමෙන් දැනුම ලබා ගත්තා.

 

මේ ක්‍රමයට තමයි වර්තමානයෙත් බොහෝ වැඩිහිටියන් දරුවන්ට කියවීම හුරුකරන්නේ. පුංචි දරුවන්ට කවි, කතා, ජාතක කතා කියා දෙන්නේ එදා ලැබූ ඒ ආභාෂයෙන්. හැබැයි මේ ආභාෂය තරමක් දැන් වෙනස් වෙලා. වැඩිහිටියන්ට තමුන්ගේ දරුවන් සමඟ ගත කරන්න කාලයක් නැහැ. කලාතුරකින් තමයි වයසක වැඩිහිටියන් පුංචි දරුවන්ට කවි කතා කියා දෙන්නේ. නමුත් ඒ ලබන දැනුම හා කාලය හරිම වටිනවා. ඉතාම රසවත්ව කියාදෙන කවි, කතන්දර අපට අදත් මතකයේ තියෙන්නේ ඒ නිසයි. ඒ විතරක් නොවෙයි පුංචි කාලේ කවි, කතා ඇසීමට තිබූ උනන්දුව හා උත්ප්‍රේරණය දරුවා තරමක් වැඩිහිටි වයසට පැමිණෙන විට පොතපත කරා නිරායාසයෙන්ම යොමු වෙනවා. බොහෝ දෙනෙක් පොතපත කියවීමේ අභාෂය ලබන්නේ ඒ ලැබූ මුලික පදනම නිසයි.

කාලයත් සමඟ අවිවේකය නිසා අපට දරුවන්ට කවි කතා කියා දෙන්න කාලය සොයා ගැනීම දැන් තරමක් අසීරුයි. නමුත් පුංචි කාලේ කුඩා දරුවන්ට පොතපත වෙත හුරු කිරීමේ උපක්‍රමයක් ලෙස පුංචි පුංචි පොත්පත් කිහිපයක් මිල දී ගන්න. දරුවන් ඇතැම් විට අකුරු නොදැන සිටින්න පුළුවන්. ඒ වුණත් ඔවුන් ඒ පොත්වල තිබෙන පින්තූර, පාට හා ඉලක්කම් වෙත අවධානය යොමු කරනවා. පූර්ව ළමාවිය පිළිබඳ මනෝ උපදේශකයන් සඳහන් කරන්නේ දරුවන් මුලින්ම තමුන්ගේ මනස යොමු කරන්නේ වර්ණයට කියලා. ඒ නිසා තමයි ඇමෙරිකා වැනි බටහිර රටවල දරුවන්ට ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් සාදපු පුංචි පොත් දරුවන් නාවන වතුර බේසමට දමන්නේ. එවිට දරුවා අවුරුදු දෙක තුනක කාලයේදීම ඒ පුංචි රූප වෙත ආකර්ෂණය වෙනවා. මේ හුරුවීම වයසින් වැඩෙන විට නිරායාසයෙන්ම පොතපතට හුරු වීමක් කරනවා.

ජපානයේ දරුවන්ට චිත්‍ර කලාව පුංචි කාලයේදීම හුරු කරන්නේ මේ නිසයි. දරුවන් කුඩා කාලයේ පටන්ම නිර්මාණශීලි දෙයට හුුරු වූ විට ඔවුන් පොතපතින් දැනුම සොයන්න ඉබේම හුරු වෙනවා.

මේ කටයුත්ත එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. ඔබ දරුවාට පුංචි කාලයේදී මුලින්ම අකුරු කියවීම හුරු කරන්නට පෙර ලස්සන රූප ඇති පොත් කිහිපයක් දරුවාගේ අතට දෙන්න. ඒ පොත දරුවා ඉතාම ආසාවෙන් මුලින්ම පෙරළන්න හුරු වෙනවා. දරුවාගේ ඇඟිලි අත් පොතක් පෙරළීමට හුුරු කිරීම තමයි පොතකට දරුවකු හුරු කිරීමේ පළමු පියවර. දැන් ටිකෙන් ටික ඒ පොතේ චිත්‍ර ගැන දරුවාගෙන් ප්‍රශ්න කරන්න ඔබට පුළුවන්. දැන් දරුවා ටිකෙන් ටික රූප වෙත අවධානය යොමු කරනවා. දරුවා රූප හඳුනා ගනිමින් එය මතකයේ තබාගන්න උත්සාහ කරනවා. මේ ආකාරයට පියවරෙන් පියවර ඔබේ දරුවා පොතපතට හුරු වෙනවා. ඇත්තටම පොත්පත් කියවීම පාසලෙන් හුරු කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ නිසා තමයි දරුවාගේ පළමු පාසල නිවෙස කියන්නේ.

 

රට වටේම පුස්තකාල තිබියදී ගෙදරට පුස්තකාලයක් ඕනෑම ද?

 

ගෙදරක පුස්තකාලයක් (Home Library) පවත්වාගෙන යෑම ගැන කතාබහ කරන්නේ අද ඊයේ නොවේ. වසර ගණනාවක සිට මේ පිළිබඳ වියතුන් විවිධ අදහස් පළ කරති. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ හා අධ්‍යයන දත්තයන්ගෙන් හෙළි වන්නේ දැවැන්ත රූපවාහිනි තිර, වීඩියෝ තිරගත බහුමාධ්‍ය උපාංගවලට වඩා ඇදහිය නොහැකි මෙහෙවරක් පොත්පත ඉටු කරන බවයි.

 

නිවෙසේ කුඩා පොත්ගුලක් පවත්වාගෙන යෑමේදී ඊට එරෙහිව මතයන් ද ගොඩනැඟෙයි. පොතක් එක් වරක් කියවූ පසුව එය තබාගැනීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි. ඒ නිසා “ඔබ පොතක් කියවා තවත් කෙනකුට දෙන්න ඕන“ සංකල්පය ද ඇතැම් අය දරයි. සාමාන්‍යයෙන් පොතපත අතර රැඳෙන නිවෙසක දරුවෙකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා ළඟ වීමේ අවස්ථාව පොතපතින් තොර නිවෙසක දරුවෙකුට වඩා 19%ක් පමණ වාසියක් ඇති බව පර්යේෂණ මඟින් සනාථකර තිබේ. පොතපත පිළිබඳ ඇති උනන්දුව දරුවෙකු මුලින්ම ලබන්නේ නිවෙසෙනි. නිවෙස දරුවකුගේ ප්‍රියතම ස්ථානයයි. ඔවුන්ගේ ඇස ගැටෙන මානසේ පොතපත ඇති නම් එයින් දරුවන් දැනුම නිරායාසයෙන්ම ලබා ගැනීමට පෙළඹෙයි.

 

පොතපත ඇසුර දරුවකුට ඔසුවකි. එයින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක වනු ඇත. නිවෙසක පුස්තකාලයක් ආරම්භ කිරීමට විශාල මුදලක් වැය නොවනු ඇත. මුලින්ම එක් පොතකින් ආරම්භ කරන පුස්තකාලය වසර 10ක් පසුවන විට විශාල පොත් රාක්කයක් බවට ඉබේම පරිවර්තනය වෙයි. මෙය ඔබ දරුවන්ට කරන හොඳම ආයෝජනයකි.

නිවෙසක පුස්තකාලයක් ආරම්භකර පවත්වාගෙන යෑම තරමක අසීරු කටයුත්තක් යැයි බොහෝ දෙනකු මැසිවිලි නඟති. එයට ප්‍රධාන හේතුව වන්නේ තමා සතු පොත්පත් පිළිබඳ නිශ්චත සටහන් එකතුවක් නොවීමය.එසේම ඔබ මිතුරන්ට දෙන පොත් ආපසු ලබාගැනීමට උනන්දු නොවීමය. ඔබ සතු පොත් කබඩ් එකේ පොත් සියයක් ඇතැයි අපි උපකල්පනය කරමු. එයින් පොත් 10ක් පමණ මිතුරන් කිහිප දෙනකුට දෙන්නේ කිසිම විස්තර සටහනක් ඔබ සතුව නොමැතිව. ‘අනේ හරි ෂෝක් පොත... මම මේක බලලා ගෙනත් දෙන්නම්. ‘ ෂුවර් එකටම ගෙනත් දෙනවා. මෙහෙම කියලා තමයි බොහෝ දෙනෙක් මිතුරන්ගෙන් පොත් ඉල්ලා ගන්නේ. මෙය හරියට ණයට මුදල්දීම හා සමානය. ඇතැම් විට පොත ඉල්ලන විට මිතුරා ද ඔබ සමඟ සතුරු වෙනු ඇත. ඔබ පොතක් බැහැරට දෙන විට ඒ ගැන සටහනක් ඇති නම් එය මිතුරුකමත් හොඳ හිතත් සදාකල් රැක ගැනීමට හේතුවනු ඇත.

 

 

 

නිවෙසට සිරියාව කැන්දන පුස්තකාලය රැකගන්න ක්‍රමය

 

නිවෙසක පුංචි පුස්තකාලයක්.... මෙය බොහෝ ගෘහිණියන්ගේ සිහිනයකි. පොතක අගය දන්න ඕනෑම වැඩිහිිටියෙක්. තමුන්ගේ නිවෙසේ පුංචි පුස්තකාලයක් නිර්මාණය කර ගැනීමට නොහැකි නම් පොත් කබඩ් එකක් හෝ තනා ගනියි.

 

මෙය බුද්ධිමත් වැඩිහිටියකුගේ සංකේතයක් වගේම නිවෙසට හරිම සිිරියාවක්. සිරියාවන්ත නිවහනක සංකේතය තමයි පොත් රාක්කය. අතීතයේදී නිවෙසක සිරියාව තිබෙන්නේ මුළුතැන් ගෙයි කියා අප සඳහන් කළත් දැන් සුපිරි ආකාරයට සකස් කරන නිවහනක සිරියාව වැඩිකරන්නේ පුංචි පොත් ගුලකින්. ඩ්ධථඥ ඹ්ඪඡපචපර සංකල්පය දැන් අපේ බොහෝ නිවාස සැලසුම්වල පවා ඇතුළත් වෙලා තියෙනවා. දරුවන්ට පොත්පත් පාඩම් කිරීමට ඉබභඤර අධධථ කියන සංකල්පයන් සමඟ මුසු වූ මේ පොත් ගුල සංකල්පය ගැන දැන් හැම ගෘහිණියක්ම හරිම උනන්දුයි.

 

හැබැයි මේ උනන්දුව බොහෝ දෙනෙක් තුළ නැතිවෙලා යන හේතු කිහිපයක් තිබෙනවා.

*පොත්පත් පුස්තකාලයට එකතු කර ගැනීමේදී අස්ථානගත වීම. මෙය බොහෝ විට මිතුරන්ට ලබාදීම නිසා සිදුවන දෙයක්.

*පොත්පත් ගැන නිශ්චිත සටහනක් හෝ එකතුවක් නොවීම.

 

මෙය තමයි නිවෙසක පුස්තකාලයක් පවත්වාගෙන යැමේදී වැදගත්. ඔබ මුලින්ම පුංචි කබඩ් එකකින් ආරම්භ කරන නිවෙසේ පොත්ගුලට එකතුවන මුල්ම පොතේ සිට සටහනක් නැතිනම් විස්තරයක් ඔබ සතුව තිබිය යුතුයි. මේ සඳහා ඔබට ඛ්අ පොතක් තබාගන්න පුළුවන්. එහි පොතේ නම, කතුවරයාගේ නම සහ එය කුමන විෂයයකට අදාළ පොතක් දැයි තිබීම ප්‍රමාණවත්.

මුලින් මේ ආකාරයෙන් ඔබ කාණ්ඩගත කිරීම ආරම්භ කර කාලයක් ගතවීමේදී ඔබගේ පොත් රාක්කය පොත් එකින් එක වැඩිවන විට විවිධ ගැටලු මතු වේවි. සමහර විට මිතුරකු ඔබේ පොත බලා ආපසු දීමේ පොරොන්දුව මත ඉල්ලන්න පුළුවන්. එවිට ඔබ ඒ පොත බැහැරට දුන් දිනය, මිතුරාගේ නම හා අත්සනක් ලබා ගැනීමට අමතක නොකරන්න.

 

ඉන්පසුව පොත් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන විට පොත් කාණ්ඩගත කිරීම ඔබට ඉතාම ක්‍රමානුකූලව සකස් කර ගන්න පුළුවන්.

 

පොතක් පහසුවෙන් සොයා ගැනීම

 

පොත් රාක්කයක පොත් සිය ගණනක් පවතී. මේ අතුරින් කිසියම් වුවමනාවකට ඔබට කිසියම් විෂයයක් පිළිබඳ පොතක් සොයා ගැනීමට අවශ්‍ය වුවොත් එය නිසි ලෙස ස්ථානගත කර තිබීම ඉතා පහසුය. සරල ලෙස මෙය සිදු කිරීමට ඔබට රජයේ පුස්තකාලයක් පිළිබඳ දළ අවබෝධයක් තිබීම වැදගත්ය. එම පුස්තකාලයේ පොත් අසුරා ඇත්තේ විෂයකට අදාළ කාණ්ඩ කිරීම අනුවය. උදාහරණයක් ලෙස පරිවර්ත පොතක් පිළිබඳ ඔබ පුස්තකාලයෙන් විමසූ විට එය ඔවුන් සතුව ඇතිදැයි දැනගැනීමට සඳහන් ආකාරයේ ටෝකන් පතක් තිබේ. එම ටෝකන් පත රඳවන පිටුවක් අදාළ පොතේ පසු පිටුවෙහි අලවා ඇත. පොත බැහැරට දෙනවිට එම ටෝකන් පත ඔවුන් ළඟ තබාගනිමින් ඒ පිළිබඳ පොතක සටහනක් යොදා පොත ගෙන යෑමට භාර දෙයි.

 

මේ ආකාරයෙන් ඔබට ද ඔබේ පුංචි පොත් ගුලේ සැලසුමක් ඇති නම් එය පහසුවකි. අවම වශයෙන් පොත් පිළිබඳ ඛ්අ පොතක සටහනක් තෝරා ඇතිනම් එය අදාළ විෂයය අනුව සොයා ගැනීමට ඔබට පහසු වෙනු ඇත.

 

 

පිටු සැකසුම

මධුර ප්‍රභාත් ගමගේ