නාරි රුවට අසිරි පාන හැඩට වැඩට කදිම සාරි

නොවැම්බර් 13, 2023

ලෝකෙ ඉන්න හැමෝම ලස්සනට ඉන්න ගොඩක් කැමැතියි. ඒ හම්බවෙන හැම මොහොතකම ලස්සනට ඉන්න පුදුම උත්සහයක් දරනවා. ඒ අතර කාන්තාවන්ගේ ලස්සන දෙගුණ තෙගුණ කරන්න ඇඳුමකට පුළුවන්.

ශ්‍රී ලංකාවේ කාන්තාවෝ එදා සිට අද දක්වාම නොකඩවාම තමන්ගේ විලාසිතා ආභරණයක් විදිහට පාවිච්කරන සාරිය ගැනයි අපි අද කතා කරන්නට යන්නේ.

‘අපේ කාන්තාවන් වැඩි දෙනකුට තමන්ට ගැළපෙනම සාරිය තෝරගන්න හරි හැටි අවබෝධයක් නැහැ. උදේ ඉ෦ඳන්ම සවස් වනතුරුත් සාරි තෝරාලා හිස් අතින් යන නෝනලාත් හුඟක් ඉන්නවා. ඒත් ‘සරීටා‘ වෙත පියනඟන ඕනෑම වයසක ඕනෑම තරාතිරමේ කෙනෙක්ට අතේ ඇති මුදලට හිතේ ඇති සාරිය ගන්න පුළුවන්.‘

මේ කතා බහ කොළොම්පුරේ දශක හතරකට ආසන්න කාලයක් විරාජමානවන තෙමහල් මන්දිරය ‘සරීටා‘ හි අධිපති එන්. පෙරියන් මහතා සමඟයි.

රටටම සාරි බෙදන කොළඹ 11 පිටකොටුවේ ප්‍රධාන වීදියේ පිහිටි අංක 99 ගොඩනැඟිල්ලේ පුංචිම පුංචි බිම් තීරුවක සරීටා සාරි මන්දිරය ආරම්භ වන්නේ 1985 වසරේදීයි. තම ජීවනෝපාය සඳහා කුමන හෝ ව්‍යාපාරයක් ආරම්භකරන්නට පෙරමං බලා සිටි පෙරියන්ට තම කල්‍යාණ මිතුරකුගේ සහය ඇතිව පුංචි සාරි කඩයක් අරඹන්නට හැකිවිය. සාරි ගන්නවා නම් ඉතිං ඉන්දියාව තමයි. මේ කතිකාවත් සමඟ ඔවුන් ඉන්දියාවෙන් තම වෙළෙඳ සැලට සාරි රැගෙන ආහ. එදවස පටන් මේ දක්වාම සරීටා වෙත පිය නඟන තරුණියෝ දස දහස් ගණනකි.

ඉන්දියාවේ සරීටා කියලා සාරි කඩයක් තිබුණා. මංගල සාරි, උත්සව සාරි මෝස්තර වලින් පිරුණු ඒ වෙළෙඳසැලෙහි නාමය ලංකාවේ තරුණියන් වෙනුවෙන් මෙහෙ ඉදිකළා. අද අපේ තරුණියන් සාරියෙන්, ඔසරියන් ඈත්වෙලා. එහෙත් එයාලට සාරියෙන් ඔසරියෙන් හැඩවන්නට වෙන අවස්ථා උදාවෙනවා. තමන්ගෙ විවාහ ගිවිස ගැනීමට, විවාහ මංගල්‍යයට, දෙවැනි ගමනට, මධුසමයට, උත්සව ප්‍රිය සාදයන්ට වගේම වර්තමානයේ ෆ්‍රී ෂූට් එක සඳහාත් විවිධ වර්ගයේ සාරි විලාසිතා වෙන් වෙනවා. මේ ඕනෑම සාරියක් ඔබේ රුචිකත්වය අනුව සරීටා වෙතින් ලබාගත හැකියි. පියෝසිල්ක්, ඕගෙන්සා, මෙනාරිස්, ෂිපොන් වර්ගයේ සාරිවලින් පිරුණු මෙහි ස්ට්‍රෝන්ස් (ක්‍රිස්ටල් වර්ක්) බීඩ්ස්, ත්‍රෙඩ් වර්ක්, ඩිසයන්ඩ් සාරි, මල්ටි වර්ක් සාරි ආදී වශයෙන් ඔබටම ආවේණික සාරි මෝස්තරය ද නිර්මාණය කරවාගත හැකියි. එය ඉන්දියාවේ දක්ෂ සාරි නිර්මාණකරුවන් අතින් නිර්මාණයකර මසක් ඇතුළත ඔබට ලබා ගැනීමට පුළුවන්.

සාරි ගැන කිසිදු අවබෝධයක් නොමැති යුවතියන්හට සරීටාහි කාර්ය මණ්ඩලය මඟින් සුහදශීලී සේවාවක් සපයනු ඇත. මංගල උත්සවලට අමතරව විවිධ වෘත්තීන් හි නියැළෙන කාන්තාවන්ට තමන්ට ගැළපෙන සාරි වර්ග ද මෙහි ඕනෑ තරම්.

තම හතළිස් වැනි සංවත්සරය අභියස සිටින සරීටා තම පළමු මහල රෙඩි මේඩ් ඇඳුම් සඳහා ද (කාන්තා /පිරිමි) දෙවැනි මහල මෙටීරියල් සඳහා ද තෙවැනි මහල මංගල සාරි / සාමාන්‍ය සාරි සඳහා ද වෙන්කර තිබීම පාරිභෝගික ඔබට සැබෑම පහසුවකි.

කාන්තා සිරුරේ ලාලිත්‍ය විදහාපාන සාරිය ගැළපෙන ලෙස මිලදී ගන්න ඇතැමුන්ට අත්දැකීම් නැහැ. එවන් අයගේ උස, ශරීරයේ ප්‍රමාණය ලාලිත්‍ය වැනි අංග අධ්‍යයනය කරමින් ඒ අනුව අතේ ඇති මුදලට සාරියක් ලබාදෙන්න මෙහි කාර්ය මණ්ඩලය සුහදශීලී වෙනවා. මේ නිසාම ඇඟට ගැළපෙන සුදුසු දේ මිසක් වැඩි මිලකට හොඳ සාරියක් ගන්නවාය කියන මානසිකත්වයෙන් අත්මීදීම අවශ්‍යයයි.

නිවැරැදි තැනින් නිවැරැදි තෝරා ගැනීම තේමාව කරගත් සරීටා 2013 වසරේදී ප්‍රවීණ රූපලාවණය ශිල්පීනි චම්පි සිරිවර්ධන හැඩ ගැන් වූ මනාලියන්ට සාරි මෙටීරියල් අනුග්‍රහය මඟින් ගිනස් වාර්තාව හා අත්වැල් බැඳගන්නට හැකිවුණි.

තරුණී හා සරීටා බැඳි අත්වැල ද දශක හතරකට ආසන්නයටම දිව යන්නේය. ඒ බැඳීම යළිත් තහවුරු කරමින් මෙවර තරුණී පසුපස කවරය හැඩ වන්නේ ද සරීටා හී සාරි විලාසිතා පෙළකිනි.