වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අපේකම දෝතදරා ලොවක් මවිත කරන පුංචි දියණිය
ලොව කොතැනක ඉපදුණත් ශ්‍රී ලාංකේය අපේකම අමතක නොවන මිනිසුන් අප අතර වෙයි. අපි ශ්‍රී ලාංකේය ජනතාව යැයි ඔවුන් කොතැනක සිටියත් ආඩම්බරයෙන් පැවසීම ද ජාතියක් ලෙස අපට ගෞරවයකි. බ්‍රිතාන්‍යයේ උපන් දියණියක් ද පසුගියදා අපට රැගෙන ආවේ එවැනි ගෞරවනීය ජයග්‍රහණයකි. මිනුලි සොහන්සා අධිකාරී පුංචි දියණිය උපත ලබන්නේ බ්රිතාන්යයේදීය.
එහෙත් ඇයගේ මවුපියන් ශ්‍රී ලාංකීකයන් ලෙස බ්‍රිතාන්‍යයේ අප රටේ කීර්තිනාමය බැබළවීමට අති විශාල සේවයක් ඉටුකරයි. මිනුලි දියණියගේ ආදරණීය පියා ගුණරත්න බණ්ඩාරය. ඔහු බ්‍රෙන්ට් ෆර්ඩ් ජිම්නාස්ටික් සමාජයේ හිමිකරු ලෙස දැවැන්ත කාර්යය භාරයක් සිදු කරයි. ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාව වෙනුවෙන් කළ කැප කිරීම් හා මෙහෙවර නිසාම පුංචි මිනුලි දියණියට බ්‍රිතාන්‍යයේ පැවැති ජාත්‍යන්තර ජිම්නාස්ටික් තරගයකින් රන් පදක්කම් තුනක්ම දිනා ගැනිමට හැකි වී තිබේ. Gutenberg International Acro Cup ජිම්නාස්ටික් තරගයට මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් මිනුලිට සහභාගීවීමට අවස්ථාව උදා වුයේ ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මලල ක්‍රීඩිකාවක ලෙසින් බ්‍රිතාන්‍යයේ ලියාපදිංචිය ලබාගෙන තිබීම නිසාය. ඔක්තෝබර් 26 සිට 29 දින දක්වා ජර්මනියේ පැවැති මෙම Gutenberg ජාත්‍යන්තර ජිම්නාස්ටික් තරගය සඳහා යොවුන් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක ලෙස ඉසව් තුනක් සඳහා ඇයට සහභාගීවීමට අවස්ථාව හිමි වූ අතර, එම තරග ඉසව් තුනෙන්ම රන් පදක්කම් තුනක් හිමිකර ගැනීමට ඇයට හැකිවීම සුවිශේෂි සිද්ධියකි. ඇය මේ තරගාවලියට සහභාගී වූයේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඇක්රො බැට්ස් ඉසව්ව නියෝජනය කරමිනි. එහිදී ඇයගේ සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කරමින් ඉදිරිපත් වූ තරග ඉසව් වූයේ ගතික, සමබර සහ තුන් ඉරියව් තරගය.
මෙම ජයග්‍රණයෙන් පසු ඇය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජයග්‍රහණය පිළිබඳ සතුට පළ කළේ තම පියා ද සමඟිනි. ‘ඇත්තටම මේ වගේ තරගාවලියකදී රන් පදක්කම් තුනක්ම ලැබීම ගැන හරිම සතුටුයි. මට මේ තරගයෙන් ලැබුණු අත්දැකීම තමයි හුඟාක්ම වටින්නේ. මේ ජයග්‍රහණය මට ලබා ගන්න විශාල ශක්තියක් වුණේ මගේ පියා. ඔහු මට ගුරුවරයෙකු ලෙසත්, පියා ලෙසත් හොඳ පුහුණුවක් ලබා දුන්නා. මේ මගේ පළමු ජාත්‍යන්තර තරගය නොවෙයි. මීට පෙරත් මම බ්‍රිස්ටල් ජාත්‍යන්තර ඇක්රෝවූ කුසලානයටත්, ටයිගර් ඉන්ටර්නැෂනල් ඇක්රෝ කුසලනයටත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තරගවලදී මට පළමු ස්ථානය හිමි වුණා.
ඇත්තටම මගේ හීනය තමයි ඔලිම්පික් තරගාවලියේදී රන් පදක්කමක් හිිමිකර ගැනීම. මම හිතනවා අනාගතයේදී මට ඒ සිහිනය සැබෑකර ගන්න ලැබෙයි කියලා.“
වයස අවුරුදු 11ක් වන මේ කුඩා දැරිය ජාත්‍යන්තර තරගාවලියකදී පෙන්වා ඇති දස්කම් තියා ඇයගේ ඉදිරි අනාගතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු තැබිය හැකි වී තිබේ. ශ්‍රී ලාංකේය සම්භවයක් හිමි ඇය මහා බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටිය ද ඇය තම මවු භාෂාවවන සිංහල ද කතා කිරීමට හැකි අතර, තම මවුපියන්ගේ අභාෂය හා මඟ පෙන්වීම ලබමින් දිගු ගමනක් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් හිමිකර ගන්නා බව අපට ඉඟි පළ කරයි.