වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දරුපල පමා කරන්නේ ඔබේ පමාවද?
විවාහ වී අවුරුද්දක් ඇතුළත සංසේචනය (Conceive) වුවහොත් ඔවුන් සරු කාන්තාවන් ලෙස ද දරුවකු බලාපොරොත්තු වී අවුුරුද්දකට වඩා කාලය ගත වූ විට මද සරු යුවළක් ලෙස ද හැඳින්වේ.
කිරි සිහිනය සැබෑ කරමින් කිරිකැටියකු දෝත දරන්නට නම් ඒ වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළ යුතුවේ.
දරුවකු බිහිකිරීමට සපුරාලිය යුතු මූලිකම කරුණ නම් දරුවකු ලබා ගැනීමේ ඇති අවශ්‍යතාවයයි. එය ස්වාමියා - බිරිය දෙදෙනාටම මුලික වූ ප්‍රථම සුදුසුකම වේ. දෙදෙනාම දෙදෙනාට ආදරය කිරීම මුලික කාරණය වේ.
ආදරය තුළින් දරුවන් උපදී යනු ප්‍රංශය වැනි බටහිර රටවල ආදරණීය කියමනකි. ගෙදර කෑම උයන සුවඳට බඩගිනිවෙනවා මෙන් ආදරය තුළින් හෝර්මෝනවල ක්‍රියාකාරීත්වය ආරම්භ වේ.
විවාහ වී අවුරුද්දක් ඇතුළත සංසේචනය (Conceive) වුවහොත් ඔවුන් සරු කාන්තාවන් ලෙස ද දරුවකු බලාපොරොත්තු වී අවුුරුද්දකට වඩා කාලය ගත වූ විට මද සරු යුවළක් ලෙස ද හැඳින්වේ. විවාහ වී අවුරුද්දකට වඩා වැඩිනම් ඔබ පලපුරුද්දක් හා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවීමට යා යුතුය.
මද සරු අයගෙන් (Sub fertitlity) සියයට 50 ක් කාන්තාවන් නිසාත් සියයට 40 ක් පුරුෂයින් නිසාත් සියයට 10 ක් කිසිම හේතුවක් නැතුවද දරුවන් ලැබීම ප්‍රමාද ව තැවේ. මෙයින් සියයට 50 ක් වූ ස්ත්‍රීන් ගැන අප පළමුව කථා කරමු.
*ආදරණීය හැඟීම් (Romantic feelings)
දෙදෙනා දෙදෙනාටම ආදරය කිරීමෙන් ආදරයෙන් ලිංගිකව එකතුවීමෙන් එකතු වීමට පෙර පැය 1/4ක් 1/2ක් ලිංගික ආලිංගනයේ (සිප වැළඳ ගැනීම - ආදර බස් කථා කිරීම ආදිය) යෙදීම අත්‍යවශ්‍ය වේ.
*හෝර්මෝන ක්රියාකාරීත්වයේ අසමතුලිතා
*සරු ඩිම්බයක් පැමිණීම
*ලිංගික රෝග නොමැතිවීම (හර්පීස් - ගොනෝරියා)
*කාන්තාවන්ට විශේෂිත වූ ලිංගික රෝග
විශේෂයෙන් කාන්තාවන්ගේ පෞද්ගලික පිරිසුදුභාවය (Personal Hygine) ගැන සිහියේ තබා ගත යුතුයි.
නයිලෝන් යට ඇඳුම් - ඇඟට තද යට ඇඳුම් - කෙළවර පටු නයිලෝන් යට ඇඳුම් - සැනිටරි පෑඩ්ස් වෙනුවට නැපි (රෙදි) භාවිතය නිසා ‘දිලිර රෝග ගර්භාෂය කරා යා හැක. එම නිසා කපුවලින් නිර්මිත ලිහිල් වූ යට කොටස පළල් යට ඇඳුම් භාවිත කළ යුතුයි.
*ස්ත්‍රියකගේ වයස
ගර්භිණීභාවයට පහසු හා සුදුසුම අවුරුදු 22 - 35 අතර කාලය වේ. නමුදු අවුරුදු 40 - 48 දක්වා දරුවන් සෑදිය හැකියි.
*පැලෝපිය නාලවල අවරෝධතා
*ගර්භාෂයේ පටක විකෘතිතා (Endometriosis) ෆයිබ්‍රොයිඩ් වැනි රෝග
*ඇතැම් බටහිර ඖෂධ දීර්ඝ කාලීනව ගැනීම යනාදිය වේ.
මේ ආකාරයට පිරිමියාගේ අඩුපාඩු සලකා බැලුවහොත්
*අධික දුම්පානය (දිනකට 3ක්)
*අධික මත්පැන් භාවිතය (දිනකට මිලීලීටර් 100 ට වැඩි)
*කෝලා අඩංගු බීම වර්ග නිතර පානය
*අධික තද යට ඇඳුම් භාවිතය
යට ඇඳුම් වර්ග 2කි. එනම් Sports Underwear හා Casual Unclerwear (ලිහිල් යට ඇඳුම්) ලෙසය. අප නිතර පාවිච්චි කළ යුත්තේ ලිහිල් යට ඇඳුම්ය.
*අධික බර ඔසවන්නන්ගේ ශුක්‍ර නාල ගැට ගැසිය හැක.
* ප්‍රොස්ටේට් ග්‍රන්ථිවල අසමානතා
*උපතින්ම වෘෂණ කෝෂ ශරීරයේ අභ්‍යන්තරයේ පිහිටන අය
* තද රස්නෙ සහිත රැකියාවල් - (ලෝහ උණුකිරිම්) පාන් පෝරණු
*ශ්‍රක්‍රාණුවල ක්‍රියාකාරිත්වයේ අඩු වැඩි බව
*සමහරක් බටහිර ඖෂධ දීර්ඝ කාලීනව පාවිච්චිය
*පෙරකල කම්මුල් ගාය සැදී තිබීම
*මේ සියලු දේ නිසා ද දරු ඵල පමාවිය හැක.
මේ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිතකර ඖෂධීය ආහාර ලෙස,
*කොමඩු
* අලු පුහුල්
* ගර්කින්
*කැකිරි
* පිපිඤ්ඤා ඇට සමඟ බ්ලෙන්ඩර් කර දහවල් පානයත් ඉතා සුදුසු වේ.
පිරිමි අයගේ ලිංගික බෙලහීනතාවට කොල්ලු ආහාරයක් ලෙස ද ඉතා අගනා දෙයක් වන අතර වැල්පෙනල ඉස්ම, වැල්පෙනෙල සලාද ද අගනා බව පැරැණි පත පොතේ සඳහන් වේ.
උපදෙස්
ස්ත්‍රී රෝග මඳසරු භාවය හා ලිංගික බෙලහීනතා පිළිබඳ විශේෂඥ
වෛද්‍ය ආචාර්ය සුදත් ගුණතිලක