ගර්භාශය ආශ්‍රිත රෝග රැසකට සාර්ථක ආයුර්වේද පිළියම්

සැප්තැම්බර් 16, 2024

පෙර ලිපි මාලාවේදී ගබ්සාවීම් වළක්වා ගැනීම හා එයට අදාළ ඖෂධ කෙම් ක්‍රම කිහිපයක් අප සාකච්ඡා කරන ලදී. ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරන්නේ නම් අපගේ දේශීය වෛද්‍ය ක්‍රමයේ එන සමන, සෝදන සහ පෝෂණ චිකිත්සාවන් අවස්ථානුකූලව ලබා ගැනීමෙන් මෙවැනි ගර්භාශ රෝග හා ගබ්සාවීම වැනි තදබල රෝග අවස්ථා සාර්ථකව සුවපත් කළ හැකි වනු ඇත.

මෙවර අප විමසීමට ලක් කරන්නේ ගර්භණී අවස්ථාවේ ඇතිවන තවත් රෝගයක් පිළිබඳවයි. මෙය දේශීය වෛද්‍ය විද්‍යාවේ “ගර්භණී සෝම“ රෝගය ලෙස හඳුන්වයි. මෙහි ස්වභාවය වන්නේ බොහෝ ගර්භණී මව්වරුන්ට මූත්‍රා දාහය හා මූත්‍රා යෑමේ අපහසුකම් සහ යෝනි මාර්ගයෙන් වරින්වර දියර පිටවීමයි. මෙය ව්‍යවහාරික භාෂාවෙන් ඇඟ උණුකරවා යෑම ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ ප්‍රමේහ රෝගයක් ලෙස සලකන උදකමේහ අවස්ථාව මෙයට බොහෝ සේ සැසඳෙයි.

මෙසේ ශ්‍රාවය පිටවීමේදී ගර්භණී මවගේ මෙන්ම ගර්භස්ථ කලලයේ සිරුර වැඩීමට අවශ්‍ය කරන මාංසජනක පදාර්ථ (ප්‍රෝටීන්) හා රුධිර පදාර්ථ පවා ශ්‍රාවය විය හැකියි.

එසේ වීමේදී ගර්භණී මවගේ ශරීරය කෘශවීම ද කුස තුළ සිටින දරුවාගේ වැඩීමද බාලවිය හැකියි. මන්දපෝෂණ දරුවන් බිහිවීමට මෙය ද සාධකයක් වෙයි. එසේම ගර්භස්ථ මාංසපේශී දුර්වලවීම නිසා ගර්භ හානි වැනි අකාල පීඩාවන්ට ද මව ගොදුරු විය හැකි වේ. නවීන වෛද්‍ය විද්‍යාෙව්දී මෙවැනි රෝග තත්ත්වයෙන් පෙළෙන ගර්භණී මවගේ මුත්‍රා සාම්පලයක් ගෙන පූර්ණ පරික්ෂාවක් කරවා (UFR) ලබා ගන්නා වාර්තාවේ මාංසජනක පදාර්ථ, රුධිරාණු මුත්‍රා මන්ඩි අාදී පදාර්ථයන් අඩංගු බව සඳහන්ව තිබෙනවා දකින්නට තිබේ.

මෙම ගර්භණී සෝම රෝගයෙන් පෙළෙනවිට ගර්භණී මවගේ ශරීරය කෘශවීම, වෙහෙස

මහන්සි ගතිය ඇතිවීම, අලස ගතිය ඇතිවීම, තුනටිය අත් පා වේදනාව ඇතිවීම වැනි රෝග ලක්ෂණ පෙන්වයි.

මෙසේ මව දුර්වලවීමේදී ගර්භයේ වැඩෙන දරුවා ද දුර්වල වන හෙයින් නොපමාව සාර්ථක චිකිත්සාවන්ගේ යෙදිය යුතු වෙයි.

වෙනිවැල්ගැට, කොත්තමල්ලි තැම්බූ වතුර කෝප්පයකට සීනි ස්වල්පයක් දමා චන්ද්‍ර ප්‍රභා වටී දෙකක් සමඟ උදේ, සවස සති දෙකක් පානය කිරීමෙන් සුවය ලැබෙයි. මෙයට අදාළ බොහෝ ප්‍රතිකාර අපගේ දේශීය වෙදකමේ පවතියි. දක්ෂ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර කිරීමෙන් ගර්භනී සමයේ ඇතිවන රෝග බොහොමයක් සුව කර ගත හැකි වනු ඇත. එපමණක් ද නොව ගර්භාශයේ හටගන්නා කලලයේ අස්ථි මේරීමට අවශ්‍ය කැල්සියම් පදාර්ථ බහුලව අවශ්‍ය වන බැවින් ඉහත අදාළ ඖෂධ මෙන්ම ආහාරපාන වර්ග බොහෝ පවතී. මෙම රෝගයටම උදේ දහය හා සවස තුනටත් රණවරා මල් හෝ පංචාංගය තම්බා තේ වෙනුවට සීනි සමඟ පානයට ගැනීම ඖෂධයක් වෙයි.

 

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ