දියවැඩියා පාලනයට ඉන්සියුලින් රුධිර සීනි පාලනය කිරීම යනු ශරීරයේ සෞඛ්‍යය රැකගැනීමට අතිශය වැදගත් ක්‍රියාවලියකි. එහි ප්‍රධාන භූමිකාව ඉටු කරන හෝමෝනයක් ලෙස ඉන්සියුලින් (Insulin) සැලකේ. ඉන්සියුලින් යනු අග්න්‍යාශය මඟින් ස්වාභාවිකව නිපදවෙන හෝමෝනයක් වන අතර, ශරීරයේ ග්ලූකෝස් (සීනි) ශක්තිය ලෙස භාවිත කිරීමට උපකාරී වේ. ශරීරය ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමට අසමත් වූ විට හෝ එය නිවැරදි ලෙස භාවිත නොවන විට රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමක් සිදුවේ. එම තත්ත්වය දිගු කාලීනව පවතින විට දියවැඩියා රෝගය ඇතිවිය හැකියි. දියවැඩියා රෝගය ඇතිවිට එය ඇස්, වකුගඩු, ස්නායු, හෘදය සහ රුධිර නාළවලට බරපතළ හානි සිදු කළ හැකියි. ඒ නිසා දියවැඩියා රෝගීන් ඉන්සියුලින් ගැන මනා අවබෝධයක් තිබීම වැදගත් වනු ඇත.

ඉන්සියුලින් වර්ග සහ ඒවායේ ක්‍රියා කාලය
ඉන්සියුලින් ඖෂධය ක්‍රියා කරන වේගය අනුව වර්ග කිහිපයකට බෙදා ඇත. ඉතා වේගයෙන් ක්‍රියා කරන ඉන්සියුලින් වර්ග ආහාර ගැනීමෙන් පසු රුධිර සීනි ඉක්මනින් පාලනය කිරීමට භාවිත වේ. එය මිනිත්තු 5–15 තුළ ක්‍රියාකිරීම ආරම්භ කරයි. කෙටි කාලීන ඉන්සියුලින් මිනිත්තු 30–60 අතර ක්‍රියා කරයි. මධ්‍යම කාලීන වර්ග පැය 12–18 පමණ ක්‍රියාකාරී වන අතර දිගු කාලීන ඉන්සියුලින් පැය 24 හෝ ඊට වැඩි කාලයක් ශරීරයේ ක්‍රියා කරයි. වෛද්‍යවරයකුගේ උපදෙස් මත රෝගියාගේ සීනි මට්ටම, ජීවන රටාව සහ අවශ්‍යතාව අනුව මෙම වර්ග තනිව හෝ එකට භාවිත කරයි.
සංයුතිය සහ ගු ණාත්මකභාවය
ඉන්සියුලින් ඖෂධයේ ප්‍රධාන ක්‍රියාකාරී ද්‍රව්‍යය ලෙස සින්තටික් ද්‍රව්‍ය අඩංගු වේ. එයට අමතරව විෂබීජහරණය කළ ජලය, කල් තබා ගන්නා ද්‍රව්‍ය (ෆීනෝල්, ක්‍රෙසෝල්), සින්ක් සහ buffer ද්‍රව්‍ය ද අඩංගු වේ. ඇතැම් වර්ගවල protamine නමැති ද්‍රව්‍යය අඩංගු වන අතර එය ඖෂධයේ ක්‍රියා කාලය දිගු කිරීමට උපකාරී වේ. මෙම සංයුතිය නිසා ඉන්සියුලින් ශරීරයට ආරක්ෂිතව සහ ස්ථාවරව ක්‍රියා කරයි.
ක්‍රියා කරන ආකාරය
ඉන්සියුලින්හි ප්‍රධාන කාර්යය වන්නේ රුධිරයේ ඇති ග්ලූකෝස් සෛල තුළට ඇතුළු කිරීමයි. එමඟින් සෛල ශක්තිය නිපදවීමට හැකි වේ. එසේම අක්මාවෙන් නව ග්ලූකෝස් නිපදවීම අඩු කරයි. ශරීරයේ අතිරික්ත ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස ගබඩා කිරීමටද ඉන්සියුලින් සහය දක්වයි. මේ ක්‍රියාවලිය මඟින් රුධිර සීනි මට්ටම සෞඛ්‍ය සීමාව තුළ පවත්වා ගැනීමට හැකි වේ.
භාවිත කරන අවස්ථා
ඉන්සියුලින් ප්‍රතිකාරය ප්‍රධාන වශයෙන් Type 1 දියවැඩියාව ඇති රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වේ. එමෙන්ම Type 2 දියවැඩියාව තුළ පෙති (tablet) ඖෂධ ප්‍රමාණවත් නොවන විටද එය භාවිත කරයි. ගර්භිණී දියවැඩියාව, diabetic ketoacidosis වැනි හදිසි තත්ත්ව, ශල්‍යකර්ම අවස්ථා සහ ඉතා ඉහළ රුධිර සීනි මට්ටම් පාලනය සඳහා ද ඉන්සියුලින් භාවිත කරයි. ඇතැම් විට බරපතළ ආසාදන හෝ රෝහල්ගත තත්ත්වවලදී ද එය අවශ්‍ය වේ.
මාත්‍රාව
වැඩිහිටියන් සඳහා පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes) – සාමාන්‍යයෙන් දිනකට ඒකක 0.4–1 ප්‍රමාණයක් ද, දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) – සාමාන්‍යයෙන් දිනකට ඒකක 10කින් හෝ 0.1–0.2 ප්‍රමාණයකින් ආරම්භ කර පසුව වැඩි කරයි. Type 1 Diabetes ඇති ළමුන්ට සාමාන්‍යයෙන් දිනකට ඒකක 0.5–1 ප්‍රමාණයක් අවශ්‍ය වේ. කුඩා ළමුන්ට ඊට වඩා අඩු මාත්‍රා අවශ්‍ය විය හැකියි.
බොහෝ රෝගීන් දිනකට එක්වරක් හෝ දෙවරක් මෙය භාවිත කරයි. ආහාරයට පෙර ගන්නා mealtime insulin ලබා ගන්නා විට; Regular insulin ආහාරයට මිනිත්තු 30කට පෙර ද, Rapid acting insulin ආහාරයට මිනිත්තු 5–15කට පෙර ද ලබා ගනියි.
අතුරු ආබාධ සහ අවදානම්
ඉන්සියුලින් භාවිතයේදී වඩාත්ම වැදගත් අවදානම වන්නේ hypoglycemia නම් රුධිර සීනි අධික ලෙස අඩුවීමේ තත්ත්වයයි. එහිදී දහඩිය දැමීම, වෙව්ලීම, හෘද ස්පන්දනය වැඩිවීම, හිසරදය, හිස කරකැවීම, ව්‍යාකූලතාව සහ සිහිය අහිමි වීමද සිදුවිය හැකියි. එයට අමතරව එන්නත් ස්ථානයේ රතු වීම, ඉදිමීම, බර වැඩිවීම, පොටෑසියම් අඩුවීම සහ දිගුකාලීනව එන්නත් ස්ථානවල සමේ වෙනස්කම්ද දැකිය හැකියි. නිවැරදි මාත්‍රාව නොපිළිපදින විට මෙම අවදානම් වැඩි විය හැකියි.
අධික මාත්‍රාව සහ හදිසි ප්‍රතිචාර
ඉන්සියුලින් අධිකව ලබා ගැනීමෙන් දැඩි hypoglycemia ඇතිවිය හැකියි. රෝගියා සිහියෙන් සිටින විට වහාම සීනි, පැණි හෝ ජූස් ලබා දීමෙන් රුධිර සීනි ඉහළ නැංවිය හැකියි. නමුත් රෝගියා සිහිය නැති අවස්ථාවක කටින් කිසිවක් නොදී වහාම වෛද්‍ය උපකාර ලබා රෝහලට රැගෙන යා යුතුය. මෙවැනි තත්ත්ව හදිසි ජීවිත අවදානමක් විය හැකි බැවින් ඉතා සැලකිලිමත් විය යුතුය.
ගබඩා කිරීම සහ නිවැරදි භාවිතය
ඉන්සියුලින් නිවැරදි ලෙස ගබඩා කිරීම එහි ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් වේ. එය 2–8°C අතර ශීතකරණයේ තබා ගත යුතු අතර කිසිවිටෙක අයිස් වීමට ඉඩ නොදිය යුතුය. විවෘත කළ පසු සාමාන්‍යයෙන් දින 28ක් පමණ භාවිත කළ හැකියි. උණුසුම, ඝෘජු හිරු එළිය සහ අධික තාපය එහි ගුණාත්මකභාවයට හානි කරයි. ගමන් කරන විට සිසිල් බෑග් (Cool bag) භාවිත කිරීම නිර්දේශ වේ. එසේම එන්නත් කරන ස්ථාන නිතර වෙනස් කිරීමෙන් සමේ ගැටිති ඇතිවීම වළක්වා ගත හැකියි.
ඉන්සියුලින් යනු දියවැඩියා රෝගීන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ඖෂධයකි. එය නිවැරදි ලෙස භාවිත කිරීම, නියමිත මාත්‍රාව පිළිපැදීම සහ නිතර රුධිර සීනි පරීක්ෂා කිරීම මඟින් බරපතළ සංකූලතා වළක්වා ගත හැකියි. දියවැඩියාව නිසි ලෙස පාලනය කිරීම යනු සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක් සඳහා ඇති වැදගත්ම පියවරකි. ඉන්සියුලින් ඒ ගමනේ අත්‍යවශ්‍ය සහ විශ්වාසදායක සහායකයෙකි.
TEXT – විදුමිණි දිසාකරුණා
