Monday, May 4, 2026
Epaper
Home Beautyරුව රැකගන්න සොබාදහමෙන් ලැබුණු අගනා ඖෂධීය රහස් පෙළක්

රුව රැකගන්න සොබාදහමෙන් ලැබුණු අගනා ඖෂධීය රහස් පෙළක්

by Shanaka Lakehouse

සෑම කාන්තාවක්ම සුන්දර රුවක් හිමිකරගැනීමට විවිධ දේවල් සමෙහි ආලේප කරනු ලබයි. නමුත් විශාල මුදලක් වියදම් කර මිලදී ගන්නා “කෘත්‍රිම ආලේපන කොතරම් දුරට රුව රැක දෙනවාද?” කියන එක විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්ව ඇත. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සමෙහි වෙනස්කම් පවතී. කෘතිම සත්කාර ලබා ගැනීම මඟින් පසුකාලීන අහිතකර ප්‍රතිඵල ලැබීමට බොහෝ ඉඩක් ඇති නමුත් මුදලක් වැය නොවී සිදු කරගත හැකි සත්කාර තුළින් රුව පමණක් නොව තරුණ බව ද වර්ධනය කර ගත හැකිය. එදිනෙදා ගෙදරදොර හමුවන මේ ස්වාභාවික ද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් පිරිපුන් වගේම අතුරු ආබාධවලිනුත් තොරවේ.

මුහුණේ රැලි වැටීම් නවතන අයිස් කැට සත්කාරය

දිනපතාම මුහුණට අයිස් කැට සාත්තුවක් ලබාදෙන්න .අයිස් කැට කිහිපයක් ගෙන ඒවා දියව යනතුරු මුහුණ සම්බාහනය කරන්න. දිනපතාම මිනිත්තු කිහිපයක් මෙම සත්කාරය සිදු කිරීම ප්‍රමාණවත්ය. රෝස වතුර සහ පිපිඤ්ඤා යුෂ මිශ්‍ර කර සාදාගත් අයිස් කැට ඇස් වටා ඇති අඳුරු පැහැය සහ රැලි ඉවත් කිරීමට යොදාගත හැකිය. අයිස් කැට කෙළින්ම සම මත තැබීමට අපහසු නම්, සිහින් රෙදිකඩක ඔතා භාවිත කරන්න. සම්බාහනයෙන් පසු මුහුණ ස්වාභාවිකව වියළීමට හරින්න. මෙමඟින් ඔබේ මුහුණේ මුහුණේ රැලි වැටීම් නැති කරයි. වයසට යෑම අඩුවීමත් සිදු කරයි. හිරු කිරණ නිසා ඇතිවන කැසීම් සහ දද සමනය කරයි. සමේ අවපැහැය ඉක්මනින්ම මඟ හැරවීම මේ තුළින් ලැබෙන අමතර වාසියක් ලෙස ලබා ගත හැකිය.


සුසිනිඳු කෙස් කලඹකට විනාකිරි සත්කාරය.

ඔබේ කෙස් කලඹෙ විනාකිරි ගැල්වීමෙන් කෙස් කලඹ සුසිනිඳු හා කීකරු කරනවා. ගැල්වූ විනාකිරි සීතල ජලයෙන් සෝදා හැරීම අනිවාර්ය වෙි. සතියකට වතාවක් මෙම සත්කාරය සිදු කරන්න.ඉන් සුවච කීකරු සුසිනිඳු කෙස් කලඹක් ඔබට ලබා ගත හැකිය.

අවපැහැ සමට ( කිහිලි, කලවා, වැලමිට, ඇස්, තොල් ) කළ හැකි ස්වාභාවික සත්කාර

ලෙමන් සහ මී පැණි

ලෙමන් යුෂ සහ මී පැණි මිශ්‍ර කර සම මත ආලේප කර මිනිත්තු 10-15 තබා සෝදා හරින්න. ලෙමන් යුෂවල ඇති විටමින් C සම පැහැපත් කරයි.

කැරට් සහ මී පැණි

කැරට් පොඩි කර මී පැණි සමඟ මිශ්‍ර කර සම මත ආලේප කර මිනිත්තු 10-15 තබා සෝදා හරින්න. කැරට්වල ඇති විටමින් A සම පැහැපත් කරයි.

තක්කාලි

තක්කාලි පෙති කපා සම මත තබා මිනිත්තු 10-15 තබා සෝදා හරින්න. තක්කාලිවල ඇති ලයිකොපීන් සම පැහැපත් කරයි.

අල සහ මී පැණි

අල ගෙඩියක් තම්බා පොඩි කර මී පැණි සමඟ මිශ්‍ර කර සම මත ආලේප කර මිනිත්තු 10-15 තබා සෝදා හරින්න. අලවල ඇති විටමින් C සම පැහැපත් කරයි.

පොල්තෙල්

පොල්තෙල් සම මත ආලේප කර මිනිත්තු 30ක් තබා සෝදා හරින්න. පොල්තෙල් සමේ තෙතමනය රඳවා ගනී.


ඔලිව් තෙල්

ඔලිව් තෙල් සම මත ආලේප කර මිනිත්තු 30ක් තබා සෝදා හරින්න. ඔලිව් තෙල් සමේ තෙතමනය රඳවා ගනී.

කහ සහ මී පැණි

කහ කුඩු සහ මී පැණි මිශ්‍ර කර සම මත ආලේප කර මිනිත්තු 10-15 තබා සෝදා හරින්න. කහවල ඇති කුර්කියුමින් සම පැහැපත් කරයි.

සම පැහැපත් වීම සඳහා කාලය ගත වේ. ඉවසීමෙන් සහ නිරන්තරයෙන් ප්‍රතිකාර කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

සමෙහි ආරක්ෂාවට

– සම ආරක්ෂා කිරීමට සන්ස්ක්‍රීන් භාවිත කරන්න.

– සම පිරිසුදු කිරීමට මෘදු සබන් භාවිත කරන්න.

– සමේ තෙතමනය රඳවා ගැනීමට මොයිස්චරයිසර් භාවිත කරන්න.

– සමට හානි කරන රසායනික ද්‍රව්‍ය වලින් වළකින්න.

මුහුණෙහි දීප්තිය රැක ගැනීම සහ මැරුණ සම ඉවත් කිරීමට

Cleanser කිරිම

ක්ලෙන්සර් කිරීම මඟින් ඔබේ සම පිරිසුදු කරන ගමන් සමට හොඳ පෝෂණයක් ලබා දෙයි. ඒ වගේම සමෙහි ති‍ෙයන කුණු දූවිලි සහ අනවශ්‍ය තෙල් ඉවත් කරයි.

ස්වාභාවික Cleanser වර්ග

* කඩල පිටි සහ යෝගට්

* මී පැණි සහ ලෙමන්

* මී පැණි සහ යෝගට්

* පිපිඤ්ඤා සහ මී කිරි

Cleanup එකකින් තියන වාසි මොනවද?

* සමේ වර්ණය වැඩිදියුණු කරයි

* සම දීප්තිමත් කරයි

* සම පෝෂණය කරයි

* සමේ තෙතමනය ආරක්ෂා කරයි

* බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් නැවත ඇතිවීම අවම කරයි

* මුහුණේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි

සම ලස්සනට තබාගැනීම යුවතියකට ගොඩක් වැදගත් වේ. ඒ වගේම නීරෝගි සමක් කියන්නෙත් යුවතියකට වටිනා ආභරණයකි. ඔබට විශාල මුදලක් වැය කිරිමකින් තොරව ස්වාභාවික ක්ලීනප් එකක් නි‍ෙවසේදීම කළොත් ලබාගත හැකි වාසි රාශියක් ඇත. ඒ වගේම මෙම සත්කාරය සති දෙකකට වරක් සිදු කිරීම තුළින් වඩා ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

මෙම ඕනෑම ක්ලෙන්සර් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩුවලින් විනාඩි කීපයක් මුහුණ කවාකාරව පිරිමදින්න. මඳ උණුසුම් ජලයෙන් ඔබේ ඇඟිලි තෙත් කරමින් විනාඩි කීපයක් මෙසේ මුහුණ හොඳින් සම්බාහනය කරගන්න. ඉන්පසු සාමාන්‍ය ජලයෙන් මුහුණ සෝදා, පිරිසුදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්න.

Scrub කිරීම

ඔබේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට ස්ක්‍රබ් එකක් භාවිත කළ යුතුයි. එමෙන්ම ස්ක්‍රබ් කිරීම මඟින් සමට දීප්තිමත් පෙනුමක් සහ මෘදු බවක් ලබා දෙනු ලබයි.

ස්වාභාවික Scrub වර්ග

* නැවුම් කිරි සහ කෝපි කුඩු

* ඕට්ස් සහ යෝගට්

* යෝගට් සහ කෝපි කුඩු

* කෝමාරිකා මදය සහ කෝපි කුඩු

* මී පැණි සහ ඕට්ස්

මේ අතරින් ඔබ කැමැති ස්ක්‍රබ් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩුවලින් කවාකාරව පිරිමදින්න. මෙහිදි කට දෙපස , නහය දෙපස සහ නිකට යන ප්‍රදේශයෙන් විශේෂයෙන් ස්ක්‍රබ් කරන්න ඔබ මතක තබාගන්න. විනාඩි හතරක් හෝ පහක් ඇඟිලි තෙත් කරමින් මෘදු ලෙස ස්ක්‍රබ් කර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

Face pack

මෙය cleanup එකකදී අත්‍යවශ්‍යම පියවරක් නොවන අතර නමුත් ඔබට මෙය සිදු කර ගැනීමට හැකියාව ඇත.

මෙමඟින් සමට පෝෂණයක් ලබා දෙන අතර ,සම පැහැපත් කරගැනීමට සහ සමට දීප්තිමත් බවක් ලබාගන්නටත් හැකි වේ.

ස්වාභාවික Face pack වර්ග

* කඩල පිටි ,මී පැණි සහ යෝගට්

* කෝපි කුඩු ,කඩල පිටි සහ

නැවුම් කිරි

* සුදු හඳුන් සහ රෝස වතුර

* ලෙමන් යුෂ සහ මී පැණි

* මී කිරි සහ කඩල පිටි

මේ අතරින් ඔබේ සමට ගැළපෙන ඔබ කැමැති පැක් එකක් සාදා සම මත ගල්වා ,විනාඩි පහළවක් හෝ විස්සක් තිබෙන්නට හැර වියළුණු පසු, සාමාන්‍ය ජලයෙන් තෙත් කර මෘදු ලෙස පිරිමදිමින් ඉවත් කරන්න.

 

TEXT – කෝකිලා සමුදුනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?