Saturday, May 30, 2026
Epaper
Home විශේෂාංගසමරමු බැතියෙන් තෙමඟුල

සමරමු බැතියෙන් තෙමඟුල

by Shanaka Lakehouse

තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ලෝ වාසීන් මහා උත්සව ශ්‍රීයෙන් සමරන වෙසක් උත්සවයට ඇත්තේ තව දින කීපයකි.

වෙසක් උත්සවය වෙනුවෙන් සාම්ප්‍රදායික කූඩුවලින් මිදී, නිවෙසේ ඇති ඉවතලන ද්‍රව්‍ය භාවිත කර සාදාගත හැකි ඉතාමත් ආකර්ෂණීය සහ “Modern” පෙනුමක් ඇති නෙළුම් මල් වෙසක් කූඩුවක් නිර්මාණය කරගන්නා ආකාරය අද අපි විස්තර කරන්නෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

හිස් ප්ලාස්ටික් බෝතල්

(සමාන ප්‍රමාණයේ ඒවා 5-6ක්)

පරණ CD තැටි 2ක්

LED බල්බ වැලක් (Warm White හෝ Multi-color)

සව් කොළ (සුදු හෝ රෝස පාට)

මැලියම් (ග්ලූගන් එකක් නම් වඩාත් සුදුසුයි)

නම්‍යශීලී තුනී කම්බි ස්වල්පයක්

නිර්මාණය කරන පියවර

1 පියවර නෙළුම් පෙති සකසා ගැනීම

මුලින්ම ප්ලාස්ටික් බෝතල්වල උඩ කොටස (කට ප්‍රදේශය) කපා ඉවත් කරන්න. ඉතිරි කොටස පෙති පහක් හෝ හයක් වන සේ මල් පෙති හැඩයට කපා, රූපයේ පෙනෙන පරිදි පිටතට නවා ගන්න. මෙය නෙළුම් මලක හැඩය ගන්නා තුරු සකසන්න.


2 පියවර: පෙති හැඩගැන්වීම

කපාගත් ප්ලාස්ටික් පෙති මත සව් කොළ අලවන්න. සව් කොළ අලවාගැනීමට බයින්ඩර් ගම් හා පින්සලක් භාවිත කරන්න. එවිට ආලෝකය වැටෙන විට ඉතා මෘදු පෙනුමක් ලැබේ. පෙති අග සුළු වශයෙන් රන්වන් පැහැති පේන්ට් ස්වල්පයක් ආලේප කළහොත් වඩාත් ලස්සන වේ.

මෙලෙස සව්කොළ ඇලවූ, අලංකාර කළ ප්ලාස්ටික් නෙළුම් මල් කිහිපයක් සාදාගන්න.

3 පියවර පාදම සකස් කිරීම

CD තැටි දෙක මැදින් කුඩා සිදුරක් කර, ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධව අලවා ශක්තිමත් පාදමක් සාදා ගන්න. මෙහි වටේට කුඩා කම්බි කැබලි ආධාරයෙන් කලින් සාදාගත් නෙළුම් මල් CD තැටිය වටා රඳවන්න. (රූප රාමු 3 පරිදි)

4 පියවර ආලෝකය සහ නිමාව

LED බල්බ වැල ගෙන එක් එක් නෙළුම් මල මැදට බල්බ එක බැගින් යන සේ සවි කරන්න. ඉතිරි බල්බ කොටස මල් අතරින් පහළට එල්ලෙන්නට හරින්න (රූප රාමු 4න් දිස්වේ).

මෙම නිර්මාණයේ විශේෂත්වය වන්නේ, පරිසර හිතකාමී බව හා ඉවතලන ප්ලාස්ටික් සහ CD තැටි භාවිත කිරීමයි. LED බල්බ නිසා නෙළුම් මල් මැදින් ආලෝකය විහිදෙන විට එය ඉතාමත් සන්සුන් සහ ආගමික හැඟීමක් ඇති කරයි. මෙය හුළඟට කැරකෙන සේ එල්ලුවහොත්, මුළු නිර්මාණයම සෙමින් කැරකෙමින් ආලෝක රටා මවනු ඇත.

මෙවර වෙසක් එකට සාම්ප්‍රදායික කූඩු අතරේ මෙවැනි වෙනස් නිර්මාණයක් ඔබේ නිවෙස ඉදිරිපිට එල්ලා තැබීමෙන් කාගෙත් අවධානය දිනාගන්න පුළුවන්. වේවි! සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

මෙය උණ බට කූරු වෙනුවට ඝනකම් කඩදාසි (Cardboard/Craft Paper) භාවිතයෙන් ඉතාම පහසුවෙන් සාදාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

* ඝනකම් සුදු කඩදාසි හෝ පාට A4 කාඩ්බෝඩ්

* කතුරක් හෝ Paper Cutter එකක්.

* ගම් හෝ Double-sided tape.

* නූල් සහ කුඩා LED බල්බයක්.

සාදාගන්නා ආකාරය

පියවර 1: හැඩතල කපා ගැනීම

* සමාන ප්‍රමාණයේ ත්‍රිකෝණ 20ක් කපා ගන්න. (සමපාද ත්‍රිකෝණ වීම වැදගත්).

* එක් ත්‍රිකෝණයක පැත්තක දිග අඟල් 4ක් හෝ 5ක් වැනි ඔබට අවශ්‍ය ප්‍රමාණයට ගන්න.

* සෑම ත්‍රිකෝණයකම දාරවලින් ඇලවීම සඳහා අඟල් භාගයක පමණ වාටියක් ඉතිරි කර කපා ගන්න.

පියවර 2: රටා කැපීම

*සෑම ත්‍රිකෝණයකම මැදින් කුඩා තිත්, තරු හෝ රේඛා හැඩයට සිදුරු කපන්න.

* මෙම සිදුරු හරහා ආලෝකය පිටතට එන විට ඉතාමත් සුන්දර රටාවක් බිත්තිය මත මැවේ.

පියවර 3: වෙසක් කූඩුව නිර්මාණය කිරීම

* මුලින්ම ත්‍රිකෝණ 5ක් ගෙන ඒවායේ පැති එකිනෙකට අලවා කුඩා “තොප්පියක්” වැනි හැඩයක් සාදාගන්න.

* ඉන්පසු මැද කොටස සඳහා ඉතිරි ත්‍රිකෝණ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට සිටින සේ අලවමින් වටය සම්පූර්ණ කරන්න.

* අවසානයේ යට කොටසත් අලවා සම්පූර්ණ පැති 20ක හැඩයක් සාදාගන්න.

වඩාත් අලංකාර කර ගැනීමට උපදෙස් කිහිපයක්

*දීප්තිමත් වර්ණ වෙනුවට සුදු, කළු සහ රන්වන් හෝ ලා වර්ණ පාවිච්චි කරන්න.

*පරණ විදිහට සව් කොළ රෑන් දාන්නේ නැතුව, කූඩුවේ යටින් එකම දිගට ඇති නූල් පෙළක් හෝ සිහින් කඩදාසි පටි (Paper tassels) කිහිපයක් පමණක් එල්ලන්න.

*මෙයට ඉටිපන්දම් දමන්න එපා. ඇතුළතින් කහ පැහැයට හුරු LED බල්බයක් දැමීමෙන් ඉතා වටිනා පෙනුමක් ලබාගත හැකියි.

මෙම නිර්මාණය ඔබට ගොඩක් සංකීර්ණ නම්,

සරල සමචතුරස්‍ර පෙට්ටියක් සාදා, එහි පැති හතරේ සාම්ප්‍රදායික වෙසක් ලියවැල් රටාවක් වෙනුවට ජ්‍යාමිතික රටා කපා ඇතුළතින් සව් කොළයක් අලවන්න. මෙය ඉතාම පහසුයි වගේම ඉතා පෙනුමක් ලබා දෙනවා.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?