Saturday, June 13, 2026
Epaper
Home කලා ලොවඅරුණ ජයවර්ධනගේ “පිස්ZOO” වැඩ අරඹයි

අරුණ ජයවර්ධනගේ “පිස්ZOO” වැඩ අරඹයි

by Shanaka Lakehouse

සිංහල සිනමාවේ වත්මන් කාර්යබහුලම අධ්‍යක්ෂවරයකු වන අරුණ ජයවර්ධනගේ හත්වැනි සිනමා නිර්මාණය වන “පිස්ZOO” චිත්‍රපටයේ රූගත කිරීම් නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙය ශ්‍රී ලාං‍ෙකය සිනමා ඉතිහාසයේ නිර්මාණය වන ප්‍රථම ‘සෙමි ඇනිමේෂන්’ (Semi-Animation) චිත්‍රපටය ලෙස සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙතෙක් මෙරට සිනමාවේ ඉහළම ආදායම් වාර්තා තැබූ “ධර්ම යුද්ධය – 2” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන සහ එහි තිර පිටපත ලියූ සුනෙත් මාලිංග ලොකුහේවා යන ප්‍රමුඛපෙළේ සිනමාකරුවන් දෙපළගේ සුසංයෝගයෙන් බිහිවන සිව්වැනි චිත්‍රපටය ද මෙය වෙයි.


ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් ලෙස

අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදනය කරන තෙවැනි සිනමා නිර්මාණය වන මෙහි දර්ශන ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ ද රූගත කිරීමට නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කර ඇත. මිනිසා සහ සතුන් අතර ඇති සාපේක්ෂ චින්තනය හාස්‍යය මෙන්ම කුතුහලය මුසු කරමින් මෙම සිනමාපටයෙන් දිගහැරේ. ජය පරාජය එකසේ විඳ ගැනීමට අපොහොසත් අහංකාර මිනිසුන්ගේ ස්වභාවයත්, ලෝකයේ යහපැවැත්ම වෙනුවෙන් මිනිසාට වඩා ගැඹුරින් සිතන සත්ත්ව කණ්ඩායමකගේ හැසිරීමත් වටා මෙහි කතාව ගොනුවී ඇත. ආදරය, අනුකම්පාව සහ තරගකාරීත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරෙන මෙය, ආදර්ශවත් හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි.

මෙම සුවිශේෂී නිර්මාණය සඳහා මෙරට සිනමාවේ දක්ෂතම රංගන සහ ප්‍රවීණ කාර්මික ශිල්පීහු රැසක් දායකත්වය සපයති. රංගනයෙන් දර්ශන් තවරාජා, ඉසංකා ජාන්වි, චතුරංග කොඩිතුවක්කු, ඩිස්නි උමාරියෝ, මිලින්ද මඩුගල්ල, සෙනාලි ෆොන්සේකා, ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු සහ කුමාර තිරිමාදුර ඇතුළු පිරිස එක් වෙති.

ලක්මාල් වීරසිරි, හර්ෂිකා රත්නායක ඇතුළු පිරිසක් සතුන්ට හඬකවන අතර, චන්න දේශප්‍රිය (කැමරාව), ශාන් අල්විස් (සංස්කරණය), මංජුල අයගම (කලා අධ්‍යක්ෂණය) සහ අංජන රාජපක්ෂ (විශේෂ ප්‍රයෝග) යන ශිල්පීහු තාක්ෂණික දායකත්වය සපයති.

නූතන තාක්ෂණය, සජීවීකරණය සහ ප්‍රබල කතා තේමාවක් මුසු කරමින් ශ්‍රී ලාං‍ෙක්ය සිනමාවට නව මුහුණුවරක් දීමට සැරසෙන “පිස්ZOO” ඉදිරියේදී දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?