පසුගිය සතියේ ලිපිය තුළින් යෝගා පිළිබඳව සාමාන්‍ය හැඳින්වීමක් සිදු කර ඇති අතර, මෙම ලිපියේදී අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ යෝග ආසන පිළිබඳවයි. යෝග ආසන යනු ශරීරය,
මනස සහ ආත්මය එකිනෙක සමබර කරමින් සෞඛ්‍යය, ශක්තිය සහ සන්සුන්භාවය වර්ධනය කරගැනීමට උපකාර වන අතිශය පුරාණ හා ප්‍රබල පුහුණු ක්‍රමයකි.
අද වන විට යෝග ආසන ලෝකය පුරාම ජනප්‍රිය වී ඇති අතර, වයස් භේදයකින් තොරව කුඩා දරුවකු සිට වැඩිහිටියකු දක්වාම සෑම දෙනාටම එය අභ්‍යාස කළ හැකිය. නිවැරදිව හා නිතර අභ්‍යාස කිරීමෙන් ශරීර සෞඛ්‍යය පමණක් නොව, මානසික සන්සුන්භාවයද ලබා ගත හැකිය.
යෝග ආසන යනු කුමක්ද?
“ආසන” යන වචනයේ අර්ථය ස්ථාවරව සිටීම හෝ නිශ්චිත තත්ත්වයක ශරීරය තබා ගැනීමයි. ශරීරය, මනස සහ හුස්ම එකට සම්බන්ධ කරමින් කරන විශේෂ ශරීර ස්ථාන (postures) ලෙසද මෙය පෙන්වා දිය හැකිය.
යෝග ආසන යනු ශරීරය විවිධ ආකාරවලට නැමීම, දිගහැරීම, හැරවීම සහ සමබරතාවය පවත්වාගෙන යාම මඟින් සිදු කරන විශේෂිත ශාරීරික හා මානසික පුහුණු ක්‍රමයකි. මෙකී ආසන මඟින් ශරීරය පමණක් නොව මනසද පුහුණු කරමින්, අවධානය, ඉවසීම සහ සන්සුන්භාවය වර්ධනය කරයි. එය ජීවිතයටම සෞඛ්‍යමත් දිශාවක් ලබා දෙන අගනා ක්‍රමයකි.
යෝග ආසන වර්ග
යෝග ආසන විවිධ කාණ්ඩ කිහිපයකට බෙදා දැක්විය හැකිය:
ඉදිරියට නැමීමේ ආසන
මෙම ආසනවලදී ශරීරය ඉදිරියට නැමීම සිදු වේ. එය කොඳු ඇට පෙළ ලිහිල් කරමින් මනසට සන්සුන් හා නිශ්ශබ්ද තත්ත්වයක් ලබා දේ.
පසුපසට නැමීමේ ආසන
මෙම ආසන ශරීරය පසුපසට දිගහැරීමෙන් සිදු වේ. එමඟින් කොඳු ඇට පෙළ ශක්තිමත් කර ශරීරයට ජීව ශක්තිය ලබා දේ.
හැරවීමේ ආසන
ශරීරය වමට හෝ දකුණට හැරවීමෙන් සිදු කරන ආසන වේ. මෙය අභ්‍යන්තර අවයව ක්‍රියාකාරී කරමින් දිරවීමේ ක්‍රියාවලියටද උපකාරී වේ.
සමබරතාව පවත්වා ගනිමින් කරන ආසන
එක පාදයක් හෝ නිශ්චිත තත්ත්වයක ශරීරය තබාගෙන සමබරව සිටීම මෙහිදී සිදු වේ. මෙය මනසට අවධානය, ස්ථාවරභාවය සහ විශ්වාසය වර්ධනය කරයි.
විවේක ආසන
ශරීරය සම්පූර්ණයෙන්ම ලිහිල් කරමින් කරන ආසන වේ. මෙය ආතතිය අඩු කර ගැඹුරු මානසික විවේකයක් ලබා දේ.
යෝග ආසනවල ප්‍රතිලාභ
යෝග ආසන නිතිපතා පුහුණු කිරීමෙන් ශරීරයටත් මනසටත් බොහෝ වටිනා ප්‍රතිලාභ ලැබේ.
ශරීරය නම්‍යශීලි සහ ශක්තිමත් වේ.
කොඳු ඇට පෙළ තුළ සෞඛ්‍යය වර්ධනය වන අතර කොන්දේ ඇති වන වේදනාවන් අඩු වේ.
රුධිර සංසරණය ක්‍රමවත් වේ.
ආතතිය, කනස්සල්ල, වෙහෙස සහ කෝපය, බිය, කලබලකාරී බව අඩු වෙයි.
නින්දේ ගුණාත්මකභාවය වැඩි වේ.
මනස සන්සුන්ව හා ස්ථාවරව පවතී.
අවධානය (focus) සහ ආත්ම විශ්වාසය වැඩි වේ.
ශරීරයට ඔක්සිජන් ගලා යාම සහ ශක්තිය (energy) වැඩි වෙයි.
දිනය පුරා සතුටින් සක්‍රියව සිටීමේ හැකියාව ලැබෙයි.
ආරම්භකයින් සඳහා උපදෙස්
යෝග ආසන ආරම්භ කරන අය සඳහා පහත කරුණු ඉතා වැදගත් වේ:
සරල ආසනවලින් ආරම්භ කරන්න.
හුස්ම ගැනීම නිවැරදිව පුරුදු කරන්න.
ශරීරයට වේදනාවක් දැනුණොත් වහාම නවත්වන්න.
නිතරම නියමිත වේලාවක නිවෙසේදී හෝ සුදුසු ස්ථානයක පුහුණුව කරන්න.
හැකි නම් ගුරුවරයෙකුගේ මඟපෙන්වීම ලබා ගන්න.
යෝග ආසන යනු ශරීරය, මනස සහ ආත්මය එකට සම්බන්ධ කරමින් ජීවිතයට සෞඛ්‍යමත්, සන්සුන් සහ ශක්තිමත් මාර්ගයක් සකස් කරන අතිශය වටිනා පුහුණු ක්‍රමයකි. නිතරම සහ නිවැරදිව යෝග ආසන පුහුණු කිරීමෙන් ජීවිතය තුළ සන්සුන්භාවය, සතුට සහ ශක්තිය වර්ධනය කරගත හැකිය. කුඩා ආරම්භයක් වුවද ක්‍රමයෙන් ලස්සන ජීවන පුරුද්දක් බවට පත්වනු ඇත. ශරීරයටත් මනසටත් ආත්මයටත් සමබරතාවක් ගෙන එන ලස්සන ගමනකි යෝග.
TEXT – සඳකැලුම් පෙරේරා
