වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
එන්න ජීවිතය පාටකර ගන්න
ඉපදුණා, හැදුණා, වැඩුණා, ඒක මේ ජීවිතයේ කාටත් පොදුයි. එහෙත් ඔබ උත්සාහ කළයුත්තේ ඉන් එහාට ගිය යමක් කිරීමටයි. එය තමන්ට, පවුලට, රටට මෙන්ම ලෝකයට ද ශක්තියකි.
ඔබ රැකියාවක් නොකරන ගෘහණියක් විය හැකියි. දවස මුළුල්ලේම නිවෙසේ කටයුතු සිදුකරනවාට අමතර ප්‍රයෝජනවත් යමක් කිරීමට නව අදහස් ඔබ තුළ ඇති වේ නම් එය කෙතරම් අගනේ ද?
පවුලක් ලෙසින් පියවරක් ඉදිරියට තබන්නට එවන් එක් සිතුවිල්ලක් වුව ප්‍රමාණවත්.
එවැනි ඔබට සැමියාගේ ආර්ථිකයට අත්වැල් සපයන්නට හැකියි. දරුවන්ගේ අධ්‍යාපනයට දිරි දෙන්නට හැකියි. විශ්‍රාමික ඔබේ දිවියට සරණක් සොයාගත හැකියි.
දලුළා වැඩෙන ඔබේ “ස්වයං රැකියා’ අදහසේ අපුර්වත්වය යථාර්ථයක් කරගන්නට අවැසි අත්වැලකි මේ. ඔබත් එන්න, ශී‍්‍ර ලාංකේය ව්‍යවසායකයන්ව සංවර්ධනයේ මහගෙදරට. (Small Enterprises Development Division - SED)
ඔබට මේ පිළිබඳ දිරිය දීමට එහි අධ්යක්ෂ සුධීර ජයරත්න මහතා අප හා එකතු වුණා. මේ එතුමන් සමඟ කළ කතාබහයි.
රට තුළ ස්වයං රැකියාලාභීන් එසේත් නැතිනම් ව්‍යවසායකයන් බිහි කිරීමට වෙර දරන ඔබේ ආයතනය ගැන හැඳින්වීමක් කළොත් ?
1982 වර්ෂයේ දී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ස්ථාපිත වුණේ දේශීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ අරමුණිනි. එමෙන්ම ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මූලික පරමාර්ථයෙන් යුතුවයි.
වර්තමානයේ තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ වෙනම අංශයක් වශයෙන් ක්‍රියාත්මකයි. මේ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර ගොඩනැංවීමට අවශ්‍ය අතහිත දීම සිදුකරනවා. නව ව්‍යාපරයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්ම පවතින ව්‍යාපාර සංවර්ධනය කරගැනීම සඳහා හුස්ම දල්වා බලා සිටින ව්‍යවසායක ඔබටත් මේ අංශයෙන් විශාල ප්‍රයෝජනයක් ලබාගත හැකියි.
මෙම අංශයේ ප්රමුඛ කාර්යභාරය ගැන සඳහන් කරමු.....
අප අංශය මඟින් කාර්යභාරයන් රැසක්ම ඉටු වෙනවා. මෙය දිරියෙන් නැඟී සිටින්න උත්සාහ දරන තරුණ පරපුරට විශේෂයි.
වත්මන් තරුණ පරපුරට ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමත් අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ මනස සුබදායකවත් ධනාත්මකවත් වෙනස් කිරීමට අපේ ආයතනය කැප වී කටයුතු කරනවා.
එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
ඒ සඳහා විවිධ වැඩසටහන්, පුහුණු වැඩමුළු පවත්වනවා. එසේම මෙහිදී විවිධ සමාජ මාධ්‍ය හරහා කැපවීමෙන් දියුණු වූ ව්‍යවසායකයන් පිළිබඳ ඔවුන්ගේ කථාංග සමාජගත කරනවා. එමඟින් සමස්ත ව්‍යවසායක ප්‍රජාවගේ මනස ශක්තිමත් කරමින් ව්‍යවසායක සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අප කටයුතු කරනවා.
ඒවාගේම ඔවුන්ගේ ව්‍යාපාර කළමනාකරණය කරගැනීමට ව්‍යාපාර සැලසුම් නිර්මාණකර ඒවා ක්‍රියාත්මක කිරීමටත් අප අවශ්‍ය දැනුම සහ මඟ පෙන්වීම සිදු කරන්න සූදානම්. මේ සඳහා ඔවුන්ට ව්‍යාපාරය ගොඩනංවා ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් තාක්ෂණික උපකරණ, දැනුම සලසා දීම ලබාදීමට අවශ්‍ය රාජ්‍ය ආයතන හඳුන්වාදීම සේවා පහසුකම් කඩිනමින් සිදුකර දීම වැනි බොහෝදේට අප මඟ පෙන්වනවා.
2019/07/10 තරුණි බලන්න